UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය

පොසොන් පෝදා දවස පුරා ශ්‍රී කල්‍යාණී රාජ මහා විහාරයේ දී පින්කම් පැවැත්වේ. පෝදා පෙරවරු 6 – 6.30 සීල සමාදානය මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිකාරී රන්දිලිගම මහින්ද හිමි, 8 – 9 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජ මහා විහාරාධිපති කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9 – 10 දහම් දෙසුම වැලමිටියාවේ ඤාණරතන හිමි, 10 – 11 ධම්මපදයෙන් දර්ශනපති ලුණුගම් වෙහෙරේ නාරද හිමි, 11 – 11.30 දින බුද්ධ පූජාව ගොඩපොළ නන්ද හිමි,පස්වරු 12.15 – 2 සීල භාවනා සමිතිය 2 – 3 වෛද්‍ය විද්‍යා දේශනය 3 – 4 ධර්ම දේශනාව රත්කරව්වේ පේමානන්ද හිමි, 4 – 5 පිරිත් දේශනය මහ සඟරුවන සහ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා 5 – 6 භාවනා වැඩසටහන මෙහෙයවීම මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6 – 7 ගිලන්පස බුද්ධ පූජාව මෙහෙයවීම ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත නාහිමි 7 – 8 දහම් දෙසුම පරවාහැර වජිර හිමි.


අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ පොසොන් පුන් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පොසොන් පෝදා පෙරවරු 6.00 - පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. පොසොන් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කිරින්දේ ඤාණදර්ශන හිමියෝ සංවිධානය කරති. පෙරවරු 5.00 අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වළවාහැංගුණ වැවේ මහින්ද රතන හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය මහාචාර්ය එච්.එම්. ඩී. ආර්. හේරත් මහතා, 10.30 බුද්ධ පූජාව, දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව, බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ කථිකාචාර්ය රිදිගම වනරතන හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය මෙහෙය වීම, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, සහභාගීත්වය ආචාර්ය කිරම විමලතිස්ස හිමි, ශාස්ත්‍රපති වළවාහැංගුණ වැවේ මහින්ද රතන හිමි, 4.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, ශාස්ත්‍රපති ඉපලුව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව මෙහෙයවීම, ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය


තෙලවල විජයරූපාරාම ධර්මායතනය මොරටුව – කටුබැද්ද තෙලවල

විජයරූපාරාම ධර්මායතනයේ පොසොන් පුර පොහෝ දින වැඩසටහන ධර්මායතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ශාසන කීර්ති ශී‍්‍ර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ. අලුයම 5.30 කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30-7.30 අෂ්ටාංග උපෝසථ ශීලය සමාදන් කරවීම, සම්මා සම්බුද්ධ පුජාව හා කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30-9.30 ධර්ම දේශනාව දම්පහළ ඤාණරතන නාහිමි, 10.00-10.30 ධර්ම දේශනාව හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 10.30-11.00 භාවනාව දම්පහල ඤාණරතන නාහිමි, 11.15 දවල් සම්බුද්ධ පූජාව දම්පහල ඤාණසුධීර හිමි

පස්වරු 12.30-2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා 2.30-3.15 ජාතක කථා දේශනය ශාස්ත්‍රවේදි නිමල් අමරවංශ මහතා 3.30-4.00 සුධර්මා කුළඟන සමිතියේ සාකාච්ඡාව 4.00-5.00 ‘මහාසමය සූත්‍ර දේශනාව සහිත මහපිරිත් දේශනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා 5.00 සිල් පවාරණය සිදු කිරීම 6.30 අෂ්ඨපාන සහිත අටවිසි ගිලන්පස බෝධිපූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහල ඤාණරතන නාහිමි.

බුදුසරණ පුවත්පත ‘ධර්මදානය ලෙස බෙදාදීමේ දායකත්වය :–

බුරුතගොල්ල –ඔක්කම්පිටිය පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය සහ මොරටුව තරුණ බෞද්ධ සමිතිය මගිනි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහාවිහාරස්ථානයේ පොහෝ දා, ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 8.00 – 9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්මදේශනය දෙමටගොඩ, මහාවිසුද්ධාරාමයේ පරිවේනාධිපති, ශාස්ත්‍රපති, මන්දාරම්නුවර පඤ්ඤානන්ද හිමි, 10.30 – 11.00 අටවිසි බුද්ධ පූජාව හා ආහාර සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි පස්වරු 12.15 – 12.45 සෙත්පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී, ස්වාමීන් වහන්සේලා 1.00 – 2.00 මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්ම දේශනය, කැලණියේ ශාසනවංශ හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 4.30 – 5.30 ධර්ම දේශනය 6.00 සිල් පවාරණය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00 – 9.00 රාත්‍රී ධර්ම දේශනය, (පටිගත කරන ලද ධර්ම දේශනයක්)


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 5.30 ක්ෂිරපායාස බුද්ධ පූජාව 6.00 සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව වෑගොඩපොළ විමලඥාන හිමි, 9.00 – 9.30 භාවනාව, 9.30 – 10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30 – 11.00 දෙතිස්ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව එප්පාවල සාගරසුමන හිමි, 3.30- 4.30 ධර්ම සාකච්ඡාව, මහකෙළියේ ලොකු ස්වාමීන් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 5.30 – 6.00 සර්වඥධාතු වන්දනාව, 6.30 ඖෂධ 108 යුක්ත සම්බුද්ධ පූජාව.


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමිගේ අනුශාසනා පරිදි පසළොස්වක පෝ දා දවස පුරා පින්කම් මාලාවක් කොබවක ශ්‍රී සුමනාරාමයේ දී පැවැත්වේ. පෙරවරු 8.00 භාවනා වැඩසටහන වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, 9.30 ධර්ම දේශනාව ආඳළුවේ සුබෝධණී මෙහෙණින් වහන්සේ, 4.30 බුලත්සිංහල පඤ්ඤානන්ද හිමි, සවස 6.30 වීරියගම අනුරුද්ධ හිමි විසින් පවත්වනු ලබන ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කමකි.


අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ පොසොන් පුන් පොහොය වැඩසටහන අනුරාධපුර, උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෝදා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ. ඊට ධර්ම දේශනා, ධර්ම සකාච්ඡා, භාවනා සහ බුද්ධ පූජා ද ඇතුළත් වේ. පෙහෙවස් සමාදන් වන පින්වතුනට අවශ්‍ය දානමානාදී පහසුකම් ඇති බව කියයි.

දුර බැහැර සිට පුන් පොහොය වැඩසටහනට සහභාගිවීමට පැමිණෙන පින්වතුන් සඳහා පුන් පොහෝ දින පස්වරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් විශේෂ ශීල භාවනා වැඩසටහනක් ද පවත්වන බවද ජුනි 9 වැනි දා භාවනා වැඩසටහනක් එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.30 දක්වා පැවැත්වේ. මෙම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 06.00- 06.15 සිල් සමාදන් කරවීම – රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි 06.15-7.15 අනුශාසනාව සහ කිරිපිඬු බුද්ධ පූජාව – සිරි වජිරාරාමවාසී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 08.00-09.30 ධර්මානුශාසනාව ,ගෞරව ශාස්ත්‍රවේදී හංවැල්ලේ මේධංකර හිමි. 09.30-11.00 භාවනාව, අනුශාසනාව සහ බුද්ධ පූජාව , ජර්මනියේ හැම්බර්ග් සිරි වජිරඥාන විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති .තල්පාවිල කුසලඤාණ හිමි,

පස්වරු 12.15-01.15 සෙත් පිරිත් – සිරිවජිරාරාම දහම්පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි. 01.15-02.30 ධර්මානුශාසනාව, කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, කරටුපුටුගල රේවත හිමි, 03.00-04.00 ධර්ම සාකච්ඡාව, සිරි වජිරාරාම දහම්පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි.

04.00-05.00 ගිහි දේශනය , ජයසේන එදිරිසිංහ මහතා 05.00-06.00 ධර්මානුශාසනාව– රාජකීය පණ්ඩිත, රණස්ගල්ලේ ඤාණවීර හිමි. 06.00-06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම – සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා


මහරගම සිරිවජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 06.00-7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, ලග්ගල අසම හිමි, 8.00-9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 09.00-10.00 ධර්ම දේශනාව – ශාස්ත්‍රපති පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමි.10.00-11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පුජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි. පස්වරු 12.25-12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා

12.30-01.00 පිරිත් හා තෙරුවන් ගුණ ඕපනායක ධම්මවිරාග හිමි. 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි, 2.00- 03.00 ගිහි දේශනය බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර් ප්‍රණීත් අභයසුන්දර මහතා

03.00- 04.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි 4.15-5.00 ධම්මපදය වතුරුගම ධම්මජීව හිමි, 5.00-6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 06.00-6.30 බෝධි පුජාව ශාස්ත්‍රපති පණ්ඩිත බංගලාදේශයේ ධම්මපාල හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ සංඝමිත්තාරමයේදි පොසොන් පොහෝ දින අලුයම 5.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පුජාවක්, බෝධි පුජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වන අතර පෙරවරු 6.00 සිට ප.ව. 6.00 දක්වා සීල ,භාවනා සහ ධර්ම දේශනා වැඩ සටහන් පැවැත්වේ. පෙරවරු 8.00 9.00 දහම් දෙසුම දෙල්කඳ පුෂ්පාරාමවාසී පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර හිමි 9.30 -10.30 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝදයාරාමාධිපති පණ්ඩිත මඩිහේ සුගතසිරි හිමි 11.00 දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 -12.30 දහම් දෙසුම ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය .1.00-2.00 භාවනා වැඩ සටහන ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය විනීත හිමි . අතුරුගිරියේ ධම්මවිහාරී හිමි 6.00 මල්, පහන්, ගිලන්පස 3-5 භාවනා වැඩසටහන අටවිසි බුද්ධ පුජාවක්. බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම පොසොන් පුර පසළොස්වක පොහොය දිනයෙහිදීද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් පෙරහර ජුනි 8 වෙනි දා චාරිත්‍රානුකූලව පැවැත්වේ. එදින පොසොන් මහා පෙරහර සවස ශ්‍රී දළදා මාළිගාවේ මහවාහල්කඩ අබියසයෙන් පිටත්ව මාළිගා චතුරශ්‍රයේ ගමන් කර සවස ශ්‍රී දළදා මාළිගාවේ වාහල්කඩ අබියසෙන් ගෙවදී. පොසොන් පෙරහරට පෙර මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ වාර්ෂික උපසම්පදා මංගල්‍යය අවසන් කරමින් පොසොන් පෝය දින වාහල නාග නාමයෙන් උපසම්පදාශීලයෙහි පිහිටුවනු ලබන සාමණේරයන් වහන්සේලා වැඩමවාගත් උපසම්පදා පෙරහර මල්වතු අස්ගිරි මහා විහාර වෙත ගමන් කරනු ඇත. වෙසක් පුර පසළොස්වක පෝය දින මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි ආරම්භ කරන ලද උපසම්පදා මංගල්‍යය මාසයක් තිස්සේ චාරිත්‍රානුකූලව පවත්වා පොසොන් පෝයදින (8) අවසන් කිරීම අස්ගිරි මල්වතු උභය මහා විහාර චාරිත්‍රය වේ.


කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරය

පෝදා පෙරවරු 6 සිල් සමාදන් කරවීම 6.30 බුද්ධ පූජාව 7.00 - 8 රූපවාහිනී ධර්මදේශනා හා බුදුසරණ පත්‍ර බෙදාදීම නාගොඩ ඥානාවාස හිමියන්ගේ ධර්මදේශනාව. 10 ට භාවනාව 11 දහවල් බුද්ධ පූජාව සවස 1, පිරිත් දේශනාව 2 ,ධර්ම දේශනාව දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමි, 4, ශාස්ත්‍රපති උඩපේරුවේ රතනසාර හිමියන්ගේ ධර්ම දේශනාව 5, ධර්ම සාකච්ඡාව 6 ,සිල් පවාරණය 6.30 ට දන්සැල විවෘතය. රාත්‍රී 7 , අටවිසි ගිලන්පස බුද්ධ පූජාව.


මොරටුව ඉඳිබැද්ද ශ්‍රී සුධර්මරත්නාරාම මහා විහාරය

මොරටුව ඉඳිබැද්ද ශ්‍රී සුධර්මරත්නාරාමයේදී ගම්පොළ සුගුණධජ හිමියන්ගේ අනුශාසකත්වයෙන් පොසොන් පොහෝ දින දවස පුරා ආගමික වැඩසටහන් පැවැත්වේ. අලුයම 5.30 බුද්ධ පූජාව සහිත පෙරහර 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග ශීලය සමාදන් කරවීම සම්බුද්ධ පූජාව සහ අනුශාසනාව ගම්පොල සුගුණධජ නාහිමි, 8.30 – 9.00 භාවනාව රන්මලේ චන්ද්‍රසිරි හිමි, 9.00 – 10.00 දහම් දෙසුම 10.30 – 11.30 බුද්ධ පූජාව ගම්පොල සුගුණධජ නාහිමි, 1.00 – 2.00 ධම්මානු වත්තක උපාසක සමිතියේ රැස්වීම, 2.00 – 3.00 දහම් දෙසුම 3.00 – 4.00 දේශනය 4.00 – 5.00 සමූහ මහා පිරිත් දේශනය, 6.00 – 7.00 අෂ්ඨපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පූජාව දහවල් 12.15 බුදුසරණ පුවත්පත ධර්ම දානයක් ලෙස බෙදාදීම සිදු කෙරේ.


මුල්ලේරියාව

මුල්ලේරියාව හිඹුටු උයන ළමා කැළ විසින් 3 වන වරටත් පවත්වන ‘සිසිල් පැන් දන්සල’ මෙවරත් පොසොන් පෝදා (8) නාබෝසෙවන ඉදිරිපිටදී පැවැත්වේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දොඩම්පහළ කුමාර කස්සප හිමි, 8.00 – 9.00 භාවනාව මැණික්බෝවේ දීපාලෝක හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව විනයාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැනසිහගම ඛේම හිමි, අගලකඩ බුද්ධසිරි හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, ඇඹිලිපිටියේ ධම්ම විජය හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව බෙල්ලන්විල විහාරවාසී දර්ශනපති ඌරුපැලැව්වේ හේමාරාම හිමි, 3.00 – 3.45 ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී වල්ගම සුමන හිමි, 4.00 – 5.00 ධර්මදේශනය බම්බලපිටිය සිරි වජිරාරාමවාසී පණ්ඩිත මීගොඩ සුඛිත හිමි, 5.00 – 6.00 ධම්ම පදය පණ්ඩිත උල්ලිදුවාවේ විනයකිත්ති හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දොඩම්පහළ කුමාර කස්සප හිමි.


ගිරිඋල්ල උයන්වත්ත

ශ්‍රී මේධංකරාරාමයේ සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ සජීවීව ආගමික වැඩසටහන්

පෝදා 05.25 පෙහෙවස් සමාදන් කිරීමද, 8.00 – 9.00 ධර්ම දේශනය වල්පොල ගෝතම හිමි, 9.00 – 10.00 ධර්ම සාකච්ඡාව, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා ඇතුළු විද්වත්මඩුල්ල, 11.00 – 11.30 බුද්ධ පූජාව අංගමුවේ සුමනසීල හිමි පස්වරු 4.00 – 5.00 ධර්ම දේශනය ගලිගමුවේ ඥානදීප හිමි, 06.30 – 7.00 බෝධි පූජාව මහරගම පදුම හිමි, රාත්‍රී 09.30 පසුදා අලුයම 04.15 සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය


දන්සල පොසොන් පෝදා

හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දක්ෂිණ ලංකාවේ සංඝනායක කිහිඹියේ විජිත නා හිමියන්ගේ මූලිකත්වයෙන් හා හිතවත් දායක පින්වතුන්ගේ ආධාරයෙන් වාර්ෂිකව මිහින්තලා ඓතිහාසික පූජා භූමිය තුළ පවත්වන සිසිල් පැන් දන්සල 19 වැනි වරටත් ජූනි මස 08 – 09 දෙදිනතුළ සිදු කරනු ලැබේ.


දන්සලක්

හිඹුටු උයන, පුබුදුගම, රෝහල්වටා ප්‍රදේශවාසීන්ගේ හා දානපතියන්ගේ ආධාර ඇතිව 10 වන වරටත් පවත්වන ‘ෆ්‍රයිඩ් රයිස්’ මහා බත් දන්සල මෙවරත් පොසොන් පෝදා (08) දවස පුරා හිඹුටුඋයන මංසන්ධියේ දී පැවැත්වේ. දේශමාන්‍ය, සාමවිනිසුරු කොළඹ සමෘද්ධි මූලස්ථාන කළමණාකරු අජිත් වසන්ත ජයලාල් මහතාගේ මෙහෙයවීම යටතේ මෙය සිදු කැරේ.


එළුවාගල පොසොන් කලාපයක්

ගොඩවෙල ශ්‍රී ප්‍රඥානන්ද දහම් පාසලේ මුලිකත්වයෙන් ගොඩවෙල ශ්‍රී ක්ෂේත්‍රාරාමයේ එළුවාගල මත ඉදිකෙරෙන පොසොන් කලාපය ජුනි 8.9,10 11 දිනයන්හිදී පැවැත්වේ.


නුවරඑළිය අශෝකාරාමය

නුවරඑළිය, අශෝකාරාමයේ ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනයක් ජූනි 8,9, 10 යන දිනයන්හි දී පැවැත්වේ.


බදුල්ලේ රඹුක්පොත රජ මහා විහාරයේදී පොසොන් තොරණක්

උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ යටිකිඳ වියලුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක බදුල්ලේ රඹුක්පොත රජ මහා විහාරාධිපති මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමියන්ගේ අනුශාසනා පරිදි කට්ඨරි ජාතකය නිරූපණය කෙරෙන පොසොන් තොරණ බදුල්ල රඹුක්පොත රජමහා විහාරයේදි ජුනි 8,9,10,11,12 දිනවලදී ප්‍රදර්ශනය කෙරේ. පොසොන් පෝදා දවස පුරා එම විහාරස්ථානයේදී ආගමික වතාවත් පැවැත්වේ.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ දී පොසොන් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කෙරෙන අතර පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය, 9.15 ධර්ම දේශනය හඟුරන්කෙත චන්දානන්ද හිමි, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය හුණුපිටියේ තිලකසිරි හිමි, 5.00 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන් ද හිමි, 6.00 සිල් පවාරණය සිදු කෙරේ.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කෙරේ. පෝදා පෙරවරු 6.15-7.15 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව වැලිකල පඤ්ඤාතර හිමි .7.30-9.45 භාවනා වැඩසටහන මෙයෙවීම ගම්පහ සිරිසීවලී හිමි, 10-11.30 දහම් දෙසුම ලේනව මංගල හිමි, පස්වරු 1 -2.45 දහම් දෙසුම මාලිම්බඩ පඤ්ඤාසාර හිමි. 3-4.15 දහම් දෙසුම යටදොලවත්තේ සුමනරතන හිමි. 4.30 -6 දහම් දෙසුම ගම්පහ මහානාම හිමි. 6.15-7 පානදුරේ අරියධම්ම හිමියන් පැවැත්වු බෝධි පූජාව (පටිගත කළ එකකි) 7-8 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පුජාව 8.10-10.30 දහම් දෙසුම හා සාකච්ඡාව ගල්කිස්සේ සමාහිත හිමි.


කහතුඩුව ත්‍රීරෝද සංගමයෙන් සංඝගත දක්ෂිණාවක් හා බත් දන්සලක්

කහතුඩුව දියකඩ පාර ත්‍රී රෝද රථ රියදුරන්ගේ සුබ සාධක සංගමය මගින් පොසොන් බත් දන්සල මෙවරත් පොසොන් පෝදා සවස 1 සිට කහතුඩුව කනිටු විදුහලේ දී පැවැත්වේ. 8 වැනිදා දවල් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද එහිදී පිරිනැමේ. පසළොස්වක දින කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ සිල් සමාදන් වන උවැසි උවැසියන්ට හීල් දානය පිරිනැමීමට ද කහතුඩුව දියකඩ පාර ත්‍රී රෝද රථ රියදුරන්ගේ සුබසාධක සංගමය කටයුතු යොදා ඇත.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි පොසොන් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි ගල්කිස්සේ ධම්මිස්සර, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වතුරගම නන්දසිරි, ඇලපිටිවල නන්දවිමල යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


සේරුවිල

ඓතිහාසික සේරුවිල පුද බිමේ දී ආගමික ශාසනික මෙන්ම දාන ශීල භාවනා වැඩසටහන් රැසක් පොසොන් පෝදා පැවැත්වේ. සේරුවිල මංගල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ මුල් කරගෙන ආගමික වතාවත්වල නිරත වීමට නන් දෙසින් වන්දනා කරුවන් විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කෙරේ. සේරුවිල විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අනුශාසනා පරිදි දුර බැහැරින් එන වන්දනා කරුවන්ට අවශ්‍ය සැප පහසුකම් නිරතුරුවම සොයා බලා සපුරාලීමට කටයුතු සැලසුම් කර ඇති බවද කියයි.


පාළුගම

දොම්පේ පාළුගම භාවනා මධ්‍යස්ථානයේ ඉදි කිරීමට යෝජිත චෛත්‍ය රාජයාණන් වහන්සේට පොසොන් පොහෝ දින මුල්ගල් තැබීමට සැලසුම් කර ඇත. කථිකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි පාළුගම දායක සභාවේ දායක පින්වතුන් එම පින්කම සංවිධානය කර ඇත.


බත් දන්සලක්

පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ පොසොන් දන්සල්කමිටුව 37 වැනි වතාවටත් පවත්වන බත් දන්සල ජුනි 07 දා රාත්‍රී සිට 09 වැනි දින දක්වා ඓතිහාසික අනුරාධපුර මිරිසවැටිය දාගැබ අසලදී පැවැත්වේ.

විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන විහාරාධිකාරි ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් පොසොන් දන්සල්කමිටුව මෙය සංවිධානය කර ඇත.


බොරැල්ලේ ඓතිහාසික ගෝතමී මහා විහාරස්ථානය

පෝදා 6.30 ශීල සමාදානය, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව , මෙහෙයවීම, ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්ද තිස්ස හිමි, 8.15 භාවනාව මෙහෙයවීම – රාජකීය පණ්ඩිත පනාවල ධම්මදධජ හිමි . 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම දායකත්වය හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්ම දේශනාව බෞද්ධාලෝක මාවතේ අතුල දස්සනාරාමවාසී රාජකීය පණ්ඩිත බොරැල්ලේ මංගල හිමි, 11.00 සම්බුද්ධ පූජාව 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මගින් පවත්වනු ලබන දේශනය මෙහෙයවීම මනෝ උපදේශිකා ආචාර්ය මල්ලිකා කරුණාරත්න මහත්මිය

1.30 ධර්ම දේශනාව, මුරුතුවෙල සීවලී හිමි, 3.00 ධර්ම දේශනාව මරදාන සංඝමිත්තාරාමාධිපති ශාන්ත අන්තෝනි මහා විද්‍යාලයේ ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දෙනියායේ සිරිනන්ද හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව, පණ්ඩිත ඇතුන්ගම ධම්මජීව හිමි. 5.30 සීල පවාරණය සහ තේපැන් සංග්‍රහය


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]