UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය

මහනුවර, මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවයන් මෙම වර්ෂයෙහි (2017) මැයි මස 10 වෙනි බදාදා සිට (වෙසක් පුන් පෝය දින) ආරම්භවී ජුනිමස 8 වෙනි බ්‍රහස්පතින්දා (පොසොන් පුන් පෝය දින) අවසන් කොට පහත සඳහන් පොහෝ දිනවල පෙරහර සහිතවද සෙසු දිනවල පෙරහර රහිතවද සිදු කෙරෙන බව ,මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේ ශාසන ගෞරවයෙන් නිවේදනය කර ඇත.

ඉතිරිය»

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 32 වන උපසම්පදාවාරය

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 32 වන උපසම්පදාවාරය අප්‍රේල් මස 28, 29, 30 යන දිනවල මාතර කොටුවේගොඩ රන්දුපත ශ්‍රී රෝහණ මංගල උපෝසථාගාර මහා විහාරයේ දී පැවැත්වේ. මෙවර උපසම්පදා අපේක්ෂක සාමණේර හිමිවරුන් සඳහා භික්ෂු ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුව අප්‍රේල් මස 01, 02, 03 යන දිනවල මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාම විහාරස්ථානයේ දී සිදු කෙරේ.

ඉතිරිය»

සිරිමාගම පියනන්ද හිමි ගුණ සමරා පින්කම්

තෙමසකට පෙර අපවත් වී වදාළ සිරිමාගම පියනන්ද හිමියන්ගේ ගුණ සමරුව නිමිත්තෙන් කාව්‍යමය ධර්මදේශනාවක් හා සංඝගත දක්ෂිණාවක් මාර්තු මස 31 වන දින සහ අප්‍රේල් මස 01 වන දින පිළියන්දල කුඩ මාදුව ශ්‍රී සාංඝිකාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කුසලයෙහි අලස සිත පාපයෙහි ඇළෙනවා

සම්මා සම්බුද්ධස්ස
"අභිත්ථරෙථ කල්‍යාණෙ
පාපා චිත්තං නිවාරයෙ
දන්ධංහි කරොනෙතා පුඤ්ඤං
පාපස්මිං රමතී මනො"
 

අද ධර්ම දේශනය සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ධම්මපදයට අයත් පාප වර්ගයේ පළමු ගාථා රත්නයයි. මෙම ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේදී චුල්ලේකසාඨක බමුණු තුමන් අරභයා දේශනා කරන ලද්දක්. සැවැත්නුවර සැදැහැවත් එක් බමුණෙක් වාසය කළා. මොහු ඉතා දුප්පත්.මොහුට හා බිරිඳට උරහිස වසා පෙරවීම සඳහා ඇත්තේ එක් කුඩා උතුරු සළුවක් පමණයි. මෙනිසාම මෙතුමා චුල්ලේකසාඨක නමින් ප්‍රසිද්ධව සිටියා. එකම උතුරු සළුව ගමනක් යන විට පමණක් පොරවන බැවින් කිසි දිනෙක දෙදෙනාටම නිවසින් බැහැරව එකට ගමනක් යා නොහැකි වුණා. බුදුරදුන් සැවැත්නුවර වැඩ සිටි සමයක ජේතවන මහා විහාරයෙහි දින කිහිපයක් පුරා පැවැත්වෙන ධර්ම දේශනා පින්කම් මාලාවක් සිදුවෙමින් පැවතුණා. මීට සහභාගි වන්නට සිතූ බමුණා සිය බිරිඳ අමතා සොඳුර ඔබ දහවල බණ අසන්නේද? නැතහොත් රාත්‍රි කාලයෙහි ඊට සහභාගි වන්නේදැයි විමැසුවා.

ඉතිරිය»

පහන් සිත ගෙනෙයි යහපත

පවෙහි විපාක දුක් සහිතයි. මෙලොව දී දුක් දෙනවා. පරලොව දීද දුක් දෙනවා. නිවන් දක්නා ජාති දක්වාම, උපනුපන් හැම භවයකම විපාක දෙනවා. අන්සතු දේ තමන් සතු කරගන්නට උපදින්නේ ලෝභ සිතයි. අන් ජීවිත විනාශයට, චරිත ඝාතනයට , හිත් රිදවන්නට ද්වේශය මුල් වෙනවා. අනේක පව්කම් සැලසුම් කරන්නට මෝහ සිත මුල් වෙනවා. සිත,කය, වදනින් මෙසේ රැස් කරන අකුසල කර්ම භවයෙන් භවයට ගෙන යනවා. දුක් විපාක ලබනවා. බුදුදහමට අනුව අප කරන කියන සෑම දේටම මුල් වන්නේ සිතයි. සිත අපිරිසුදු කරගෙන, නරක් කරගෙන කියන දේත්, කරන දේත්, හිතනදේත් අනුව අපිරිසුදු විපාක ලැබෙනවා. නරක විපාක ලැබෙනවා. හිත නරක් වන්නේ ලෝභයෙන් ,ද්වේශයෙන් හා මෝහයෙන්, කෙනෙක් එබඳු අකුසල සිතිවිල්ලකින් යම් දෙයක් කළොත් පව් සිදුවෙනවා.

ඉතිරිය»

නේරංජනා නදියෙන් එතෙරවීම.
සිතුවම - පුන්සර උදාර

 

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 27 වන දා සඳුදා පූර්ව භාග 10.44 ට ලබයි. 28 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 27 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 03 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]