UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

මැදින් අමාවක 2017.03.27

රිය අනතුරු වළක්වමු

එදිනෙදා ජීවිතය ගත කරන විට ගමනාගමනයෙහි යෙදීම ස්වභාවයයි. එසේ ගමන් බිමන් යන එන විට නොසිතන අන්දමේ අනතුරුවලට මුහුණපෑමට සිදුවන හෙයින් නිතර මනා සිහි බුද්ධියෙන් පසුවිය යුතුය. ඇතැමෙක් ගමනක් යාමේදී හැකි ඉක්මනින් ආපසු ඒමේ අටියෙන් පසුවේ. ඒ නිසාම ඇතැම්විට වාහනයක යන එන ඇතැම් අය විසින් තමාටවත් පාලනය කරගත නොහැකි අයුරෙන් අධික වේගයෙන් රිය පදවනු ලැබේ. එසේ අධික වේගයෙන් රිය පැදවීමෙන් මහ මග යන එන වෙනත් රථයක ගැටී දේපළ හානිවීමෙන් බොහෝවිට ජීවිත හානි පවා සිදුවන අයුරු දිනපතා දක්නට ලැබෙන දසුනකි.

මහ මග ගමන් කිරීමේදී තම ජීවිතය පමණක් නොව අන්‍යයන්ගේ ජීවිතද ආරක්ෂා වන අයුරෙන් රිය පැදවීම විනීත රියදුරන් තුළ දක්නට ලැබෙන සුලභ දසුනකි.එහෙත් වෙනත් රථ පසුපස හඹා යෑමටත් පසුබට නොවන ඇතැම් රියදුරෝ කොතෙකුත් වේ. අධික වේගයෙන් ධාවනය කරවන ඇතැම් රියදුරන් ජීවිත එකක් නොව ජීවිත දෙක තුනක් බිළි ගන්නා අයුරුද පසුගිය කාලය තුළ දක්නට ලැබුණ කරුණකි.

ජීවිතයක් නිරපරාදේ මහමගදී අනතුරකට ලක්වුවහොත් තවත් ජීවිත කීයකට නම් එහි බලපෑම ඇතිකරනු ලැබේද? හදිසි රිය අනතුරකින් රෝහල් ගතවීමට සිදුවුවහොත් අසරණ රෝගීන් සුවපත් කිරීමට ඇති ඖෂධ අවිනීත රියදුරන්ගේ අදුරදර්ශී ක්‍රියා හේතුවෙන් වැය කිරීමට සිදු නොවේද?

ඇතැම්විට ඇතැම් රියදුරෙක් බීමතින් රිය පැදුවුවහොත් තවත් වටිනා ජීවිත කියක් අනතුරකට ලක්වීමට ඇති ඉඩකඩ කෙසේ වළකාගත හැකිද? බීමත්කම ,අවිනීතකම, මාර්ග නීති නොපිළිපැදීම ආදි විවිධ හේතු නිසා මහමගදී අනතුරට ලක්වන ජීවිත අනාරක්ෂිත නොවේද? මහ මග ගමනාගමනයේ යෙදීමේදී සිහි බුද්ධියෙන්ම එය කළ යුත්තක් වේ. මාර්ග නීති කඩ කරන්නන්ට දඬුවම් පැමිණවීමට ඇති බිය නිසාම පමණක් මාර්ග නීති පිළිපැදීම ප්‍රමාණවත් නොවන බව කල්පනා කළ යුතුමය.

තමන් තමන්ගේ ජීවිතයට මැසි, මදුරුවගෙන් හෝ කරදරයක් වීමට අකැමැතිය. එබඳු අයෙක් හැම විට තමාට පමණක් නොව මහ මග අනෙක් අයටද ගමන් කිරීමට ඉඩ පහසුව තිබිය යුතු බව සිහියට ගත යුතුය. තමා මෙන් අනෙක් අයද තවත් කෙනෙකුගේ නොසැලකිල්ලෙන් ආබාධිතයෙකු හෝ රෝගියෙකු වීමට අකැමැති බව නිතර සිහි කළ යුතුය. තමා පමණක් නොව අනතුරුවලින් අනෙක් අයද වළක්වා ගැනීමට උත්සාහ කළ යුතුය. ඇතැම් විට ජීවිතහානි පවා වන මාරක රිය අනතුරු වළක්වා ගත යුත්තේ සංයමයෙන් රිය පැදවීමෙන් බව කල්පනා කළ යුතුය. යම් රිය අනතුරක් සිදු කර ක්ෂණිකව පලාගියද තාක්ෂණයේ දියුණුවෙන් කෙසේ හෝ එබඳු අවස්ථා අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ සමත් වන බව කල්පනා කළ යුතුය.

ආරක්ෂාව ගිලිහී යන මොහොතින් අවධානම ඇති වෙයි. එබඳු අවධානමක් ඇතිව හදිසියෙන් අධික වේගයෙන් රිය පැදවීමෙන් සිදුවන පාඩුව, අලාභය යථා තත්වයට පත් කර ගැනීමට තවත් වසර කීයක් ගතවේදැයි එබඳු අවධානමකට යෑමට පෙර මොහොතකට සිතා බැලිය යුතු කරුණකි. ජීවිතයක වටිනාකම මිල මුදලකට තක්සේරු කළ හැකි නොවේ. එබඳු වටිනා ජීවිතවල අගය මහ මග ගමන් කරන රියදුරන් විශේෂයෙන් කල්පනාවට ගත යුතුවේ. රථවාහනයක පමණක් නොව මහ මග ගමන් ගන්නා මගියාටද ගමනාගමනයෙහි යෙදීමට ඇති අයිතියට බාධාකළ යුතු නොවේ. ගමනක් යාමේ අපේක්ෂාවෙන් බස් නැවතුමේ සිටින මගියාටද බියෙන් සැකයෙන් තොරව සිටීමට අවස්ථාව සැලසිය යුත්තේ රියදුරන් වේ. තමාට ඇති අවශ්‍යතාවය මෙන් මහමග යන එන හැම කෙනෙකුටම කවර හෝ අවශ්‍යතාවයක් නිසා ගමනාගමනයෙහි යෙදෙන බැවින් ඒ අයිතිය ආරක්ෂා කිරීමට වග බලා ගත යුතුවේ. නීතියෙන් විඳින දඩුවමට බියවීමෙන් පමණක් නොව නිරන්තරයෙන් මහ මඟ ගමන් ගන්නා සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාවද සඳහා රිය පදවන්නේ නම් දිනපතා සිදුවන රිය අනතුරු අවම කර ගෙන අකාලයේ ඔත්පළවන හෝ ජීවිතයෙන් සමු ගන්නා ජීවිතවලට ආරක්ෂාව සැපයිය හැකි නොවේද?

 

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 27 වන දා සඳුදා පූර්ව භාග 10.44 ට ලබයි. 28 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 27 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 03 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]