UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙමටගොඩ මකුටාරාමයේ (බුරුම පන්සල) අභිනව සත් මහල් ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (14) විවෘත කෙරිණි. විහාරාධිපති කිත්තිසාර නාහිමියන් ඇතුළු ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමි, කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, බලංගොඩ සෝභිත නාහිමි ඇතුළු මහ සඟරුවන සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ බුරුම ජාතික සැදැහැවතුන් විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වූහ.

 

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය

මහනුවර, මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවයන් මෙම වර්ෂයෙහි (2017) මැයි මස 10 වෙනි බදාදා සිට (වෙසක් පුන් පෝය දින) ආරම්භවී ජුනිමස 8 වෙනි බ්‍රහස්පතින්දා (පොසොන් පුන් පෝය දින) අවසන් කොට පහත සඳහන් පොහෝ දිනවල පෙරහර සහිතවද සෙසු දිනවල පෙරහර රහිතවද සිදු කෙරෙන බව ,මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේ ශාසන ගෞරවයෙන් නිවේදනය කර ඇත. උපසම්පදා පේක්ෂකයින් පළාතේ නායක තෙරුන් වහන්සේගෙන්, පිරිවෙණක ශිෂ්‍යයෙක් නම් පරිවේණාධිපතින් වහන්සේගෙන්ද , ගුරුවරුන් විහාරස්ථානය සහ ඉගෙනීම පිළිබඳ සහතික ලියුම් සහ සහතිකද ඇතිව පැවිදි කළ ගුරුවරුන් සමඟ පැමිණිය යුතුය.

ඉතිරිය»

 

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 27 වන දා සඳුදා පූර්ව භාග 10.44 ට ලබයි. 28 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 27 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 03 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]