UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩරට අමරපුර නිකායේ උපසම්පදා පූජෝත්සවය 15, 16 දිනවලදී

උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාත හා තදනුබද්ධ ප්‍රාදේශීය ශාසන ඡ්‍යොතික කාරක සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා විනයකර්මය ජූලි මස 15, 16 දිනයන්හී උඩරට අමරපුර නිකායේ වැඩබලන මහානායක ප්‍රවචන කීර්ති ශ්‍රී ධර්ම ශාස්ත්‍රශුරී ශාසනවංශාලංකාර සද්ධර්ම භාෂණ ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය නුවරඑළියේ චන්දජෝති නාහිමියන්ගේ අනුශාසනා පරිදි උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාත තදනුබද්ධ ප්‍රාදේශීය ශාසන ඡ්‍යොතික කාරක සංඝ සභාවේ අනුනායක සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හල්ලොලුවාතොට මහවැලි නදී හත්කිද සිරිමහ බෝධි උදකුක්චිප සීමාමාලකයේදී සිදුකෙරේ.

ඉතිරිය»

 

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

බෞද්ධ දර්ශනයේ ආභාෂය ලබන නව ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය වන පදනම සකසා ගනිමින් යහපත් රාජ්‍යකරණයක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා ආරම්භ කෙරුණු ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්විය. ජාතික වශයෙන් වැදගත්වන අවස්ථාවල සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික කරුණුවලට අදාළව බෞද්ධ දර්ශනය මත පදනම් වූ ඉගැන්වීම් මත පිහිටා තීරණ ගැනීමට අවශ්‍ය කෙරෙන දායකත්වය ලබාදීම ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ කාර්ය භාරයයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:


බුදුන් දැක නිවන් දකිමු

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අනන්ත ගුණ සම්පන්න යෝයැ. එහෙයින් එතුමාණන් වහන්සේ විෂයයෙහි ව්‍යවහාරික ගුණ නාමයෝද ඉතාබොහෝය. ඒ අතර “බුදුරජාණන් වහන්සේ” යනුද ගුණනාම පදයෙකි. එතුමෝ තමන් වහන්සේ වෙනුවෙන් යෝජනා කැරැ ගත්තෝ” තථාගත” යන පදයයි. ඒ තථාගතයෝ, බුදුරජාණන්වහන්සේ වූවෝ කෙසේ ද යනු විමසා බැලීම මේ ලියැවිල්ලේ අභිමාර්ථයයි. “සම්බුදු” යන ගුණනාම පදය විවරණය කරන බුදුගුණ අලංකාර කතුවර වීදාගම මෛත්‍රීය මාහිමිපාණෝ මෙසේ කියති.

“තුන් කල්හි මැ පැවති
පද’රුත් සියල් ලොවැ ඇති
අතැ’ඹුල සෙ දැන ගති

එයිනැ සම්මා සම්බුදු නැ යෙති’ තුන් කාලයටම අයත් පද (හේතු) හා අර්ථ (ඵල) අතට පත් නෙල්ලි ගෙඩියෙක් සේ විනිවිද දැනැ ගත් නිසා තථාගතයන් වහන්සේට ’සම්මා සම්බුදු’ යයි කියති. යනු උක්තපැදියේ සරල අර්ථයයි. සිදුහත් තාපසවරයාණෝ තුන්කල් දැනගත්තෝ කෙසේද යත්.

ඉතිරිය»

නැණවත් දරුවන් ගුණවතුන් ද විය යුතුයි

පුත්තා වත්ථු මනුස්සානං දෙමවිපියන්ට තිබෙන ලොකුම වස්තුව දරුවන් බව බුදුපියාණන් වහන්සේ සඳහන් කර ඇති කරුණ ලෝකවාසී සත්වයාටම ප්‍රයෝජනවත් කාරණාවක් වෙයි. රටක් වශයෙන් අප දරුවන් පිළිබඳව සිතන ආකාරයත්, දරුවන්ගේ දියුණුව සැළකිය යුත්තේ කෙසේද? කියන කාරණෘවත් පිළිබඳව දැක්මක් හැටියට අප ජීවත් වන සමාජය බරපතළ වැරැදි කරන ස්ථානයක සිටියි. විශේෂයෙන්ම බුදුපියාණන් වහන්සේ දරුවන් පිළිබඳව සිතූ ආකාරයත් දේශනා කළ ආකාරයත් ඉතාම වැදගත් වෙයි. අමාමෑණි ලොවිතුරා බුදුපියාණන් වහන්සේගේ දේශනාව පොත් වශයෙන් පනස් හතක් ත්‍රිපිටකයේ තිබෙන අතර එම මහා විශාල පොත් ගොන්නෙහි එක ගාථාවක හතරෙන් එක කොටසක් වශයෙන් “පුත්තා වත්ථු මනුස්සානං” යන පාඨය සදහන් කළ හැකියි.

ඉතිරිය»

සිතුවම් සේයාරුව -ශාන් රූපස්සර

 

  ඇසළ පුර අටවක පෝය

  ඇසළ පුර අටවක පෝය ජූලිමස 11 වනදා සඳුදා අපරභාග 05.12 ට ලබයි.
12 වනදා අඟහරුවාදා අපරභාග 07.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 11 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

 

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]