UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

බෞද්ධ දර්ශනයේ ආභාෂය ලබන නව ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය වන පදනම සකසා ගනිමින් යහපත් රාජ්‍යකරණයක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා ආරම්භ කෙරුණු ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්විය.

ජාතික වශයෙන් වැදගත්වන අවස්ථාවල සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික කරුණුවලට අදාළව බෞද්ධ දර්ශනය මත පදනම් වූ ඉගැන්වීම් මත පිහිටා තීරණ ගැනීමට අවශ්‍ය කෙරෙන දායකත්වය ලබාදීම ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ කාර්ය භාරයයි.

දිවයිනේ සියලු පළාත් ආවරණය වන අයුරින් ව්‍යක්ත, විශාරද භික්ෂූන්වහන්සේලා 29 දෙනෙකුගෙන් මෙම ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය සමන්විත වෙයි. ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ මෙතෙක් ක්‍රියාකාරීත්වය මෙන්ම ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවරයන් පිළිබඳ මෙහිදී ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළහ.

සාමණේර ආයතන පිහිටුවීමේ වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය, පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම පිරිවෙන් පනත නැවත කියවීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.

රාජ්‍ය සේවයේ යෙදෙන භික්ෂූන් වහන්සේලාගේ කාර්යභාරය සහ උන්වහන්සේලාගේ සේවය කාර්යක්ෂමව ප්‍රාදේශීය වශයෙන් ජනතාවගේ ආධ්‍යාත්මික සහ සංස්කෘතික සංවර්ධනය සඳහා යෙදවීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය දිගල්ලේ මහින්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ජාතික බුද්ධි මණ්ඩලය නියෝජනය කරන මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකර සිටියහ.

එමෙන්ම ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

මේ අතර විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සහ මහජන බැංකුව එක්ව රුපියල් මිලියන 100ක මුදලක් ජාතික බෞද්ධ අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු විය.

ඊට අදාළ චෙක්පත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

මේ අතර සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා ද පසුගිය 05 දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියහ.

 

  ඇසළ පුර අටවක පෝය

  ඇසළ පුර අටවක පෝය ජූලිමස 11 වනදා සඳුදා අපරභාග 05.12 ට ලබයි.
12 වනදා අඟහරුවාදා අපරභාග 07.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 11 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]