UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලේ සති පිරිත් දේශනාව

මිහින්තලේ රාජ මහා විහාරස්ථානයේ දී රටටත් ජනතාවටත් සෙත්පතා සතිපිරිත් දේශනාව පසුගිය 09 වනදා ආරම්භ වූ අතර මෙම මස 16 වනදා අලුයම දක්වා පැවැත්වේ. දොරකඩ අස්න දේශනාව 15 වනදා රාත්‍රී පැවැත්වේ. මිහින්තලා රාජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම සති පිරිත් දේශනාව සිදුකෙරේ.

ඉතිරිය»

මිහින්තලේ ආලෝක පූජා මහෝත්සවයට බුදුසරණ කථික තරගය 11 වනදා මිහින්තලේදී

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව ‘බුදුසරණ’ පුවත්පත, ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් උතුරුමැද පළාතේ පාසල්, දහම් පාසල් සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන කථික තරගය මෙම ජූනි මස 11 වනදා පෙරවරු 8.00 සිට මිහින්තලේ රතනජෝති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නුවණ ඇතිව එක දවසක් ජීවත්වීම වුවද උතුම්ය

අද ධර්ම දේශනාව සඳහා යොදාගත් ගාථාව අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බාණු කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ හා උන්වහන්සේ සමීපයේ පැවිදි වූ නවක භික්ෂූන් වහන්සේලා පිරිසක් අරමුණුකරගෙන දේශනා කරන ලද්දකි. තරුණවියේදී පැවිදි වූ එම කොණ්ඩඤ්ඤ හිමියන් බුදුරදුන්ගෙන් භාවනා කිරීමට අවශ්‍ය කමටහන් ගෙන වන ගත විය. ඉතා උනන්දුවෙන් භාවනා කර රහත් ඵලයට පත් වූ උන්වහන්සේ බුදුරදුන් හමුවීමට නැවත ගමන් කරන අතරමගදී රාත්‍රී කාලය ගත කිරීමට විශාල ගල් තලාවකට පිවිස එහි සමාපත්ති සුවයෙන් කල්ගත කළහ. මේ අවස්ථාවේ සොරු පිරිසක් තමන් පැහැරගත් බඩු මලුද සමඟ එම ගල්තලාවට පැමිණ ගල් තලාවේ ඇති කණුවකැයි සිතා බඩු මලු රහතන් වහන්සේගේ හිසමත තබා එහිම වැටී නිදාගත්තේ ය. පසුදින උදෑසන අවදිව බඩු මලු ටික ගැනීමට ගිය සොරු පිරිස නිසලව සිටින රහතන් වහන්සේ දැක, අමනුෂ්‍යයෙකැයි බියට පත්ව දිවයන්ට වූහ. තමන් බුද්ධ ශ්‍රාවකයෙකු නිසා බිය නොවන ලෙස ඔවුන්ට පැවසූ රහතන් වහන්සේ දහම් කරුණු කියා ඔවුන් සැනසීමට පත් කළහ.

ඉතිරිය»

අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍යාරාමාධිකාරී ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රජරට නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක

පල්ලේගම සිරි සුමන රතනපාල හේමරතන නාහිමි

දුටුගැමුණු මහා නරපතියා විසින් තනවන ලද අනුරාධපුර ‘ස්වර්ණමාලි මහා චෛත්‍යය’ මිලකළ නොහැකි ලෝක උරුමයකි. ඒ ලෝක උරුමයේ සාඩම්බර හිමිකරුවෝ අපිවෙමු. ඒ විශිෂ්ට උරුමය ලෝකයට දායාද කළේ පුරාණ සිංහලයෝ වෙති. ‘රුවන්මැලිසෑය, රන්වැලි සෑය, ස්වර්ණමාලිචේතිය, මහාථූපය’ ආදී නම්වලින් හඳුන්වන ලෝපතල මේ මහා චෛත්‍යය රාජයාණෝ ඈතට දිස්වනවිට අපට මතක්වන්නේ කවුද? ඒ රුවන්මැලි මහා සෑ සෙවනේ රැඳී එහි විහාරාධිකාරී ධූරය දරමින් මහා විහාර භූමිය පෙර පැවති ශ්‍රී විභූතිය යළි ඇතිකරන්නට වෙර දරන පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් වහන්සේය.

ඉතිරිය»

සිතුවම - ජගත් හේවාපන්න

 

  පොසොන් පුර අටවක පෝය

 පොසොන් පුර අටවක පෝය ජූනි මස 12 වන ඉරිදා පූර්ව භාග 00.48 ට ලබයි. 13 වන දා සඳුදා පූර්වභාග 02.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 12 වනදාය.

මීළඟ පෝය ජූනි 19 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]