UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර අටවක 2016.06.12

සැදැහැ සිතින් වන්දනාවේ යෙදෙමු


අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනය සිහිපත් කෙරෙන පූජනීය දිනය උදාවීමට ඇත්තේ තවත් දින කීපයකි. අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රධාන රාජකීය ධර්මදූත පිරිසේ වැඩමවීම නිමිත්තෙන් ඓතිහාසික මිහින්තලා පුදබිම ප්‍රධාන මෙරට සෑම විහාරස්ථානයකදීම පොසොන් පොහොය අනුස්මරණය කිරීම සඳහා මාස කීපයක සිට අපි සූදානම් වෙමු.

වෙසෙසින්ම පොසොන් පොහොය නිමිත්තෙන් මෙරට බොහෝ ප්‍රදේශවල සැදැහැවත් ජනතාව මිහින්තලා පුදබිමට ගොස් එම ඓතිහාසික පූජනීය ස්ථානය මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමට දක්වනුයේ මහත් උනන්දුවකි. අපේ මුතුන් මිත්තන් දවස එබඳු පූජනීය ස්ථාන දැක බලා ගනිමින් වන්දනාමාන කිරීම සඳහා වන්දනා ගමන් සංවිධානය කරන ලදී. එම වන්දනා ගමන් දින ,සති ගෙවා අවසන් කරනුයේද මහත් ශ්‍රද්ධා ගෞරව පෙරදැරි කරගෙනය. වන්දනා ගමනක් යනු විනෝදයට යන ගමනක් නම් නොවේ. බුද්ධ වන්දනාව ප්‍රධාන වන්දනා කටයුතු සදහා පුදබිමකට ඇතුළු වන වන්දනාකරුවන් පුදබිමට සරිලන ඇඳුමෙන් පැළඳුමෙන් සැරසී යා යුතුවේ. එසේ නොවුවහොත් අනෙකුත් වන්දනාකරුවන්ගේ දෝෂාරෝපණයට ලක්වීම නොවැළැක්විය හැකිවේ. එමෙන්ම පුදබිමකට ඇතුළු වීමෙහිදී එහි ගෞරවයට කිසිදු හානියක් නොවන අයුරෙන්ම ඇතුළත් විය යුතුය. හිස් වැසුම් හා පාවහන් පැළද පුදබිමකට ඇතුළුවීම වන්දනාකරුවකුට නොගැලපෙන්නකි. බොහෝ වන්දනාකරුවන් සුදුවතින් සැරසී වන්දනා ගමන් ගියද ඇතැම්විට කලාතුරෙකින් හෝ පුද බිමකට සුදුසු ඇඳුමෙන් සැරසී නොයාම නිසා සිදුවනුයේ හිත් අමනාපකම්ය.

ඇතැම්විට හැදෙන වැඩෙන ඇතැම් දරුවන් ඒවා නොතේරෙන කමින් සිදු කළද ඊට නිසි මග පෙන්වාදිය යුත්තේ මව්පිය වැඩිහිටියන් වේ. විවිධ අවස්ථා සඳහා විවිධ ඇඳුම් පැළඳුම් භාවිතා කළද පන්සලකට, පූජනීය ස්ථානයකට ඇතුළු වන විට ඊට ගැලපෙන යෝග්‍ය ඇඳුමෙන්ම ගමන් කිරීම හැම දෙනාගේ නිසි වගකීම වේ. විහාරස්ථානයක හැසිරෙන ආකාරය විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ විසින් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. ‘විනීතව හැසිරෙන්න. සංවර වන්න, ඔබ ඇතුළු වන්නේ පුදබිමකටය” ආදී විවිධ පාඨ ඇතැම් විට පුදබිමක දක්නට ලැබෙන්නේ නම් වන්දනාකරුවන්ගේ යම් හෝ අඩුපාඩු එහිදී සිදුවීම වළක්වා ගැනීමට ඒවා භාවිතා කරනු ලබන බව පෙනේ.

බොහෝ විට වන්දනාකරුවන් තමන්ගේ අපේක්ෂාව වන්දනාව නම් ඊට අදාළ පුදබිමෙහි සංයමයෙන් හැසිරෙමින් තමන්ගේ අරමුණ වෙනුවෙන් කැපවිය යුතුය. පූජනීය ඵෙතිහාසික සිද්ධස්ථාන මෙන්ම පුජනීය වස්තුන් දැක බලා ගනිමින් වන්දනාමාන කිරීමේදී ඊට නිසි ගෞරවය පුද කිරීම වන්දනාකරුවන්ගේ මූලික අපේක්ෂාව විය යුතුය. එමෙන්ම පුදබිමක් තුළදී එහි පරිසරයට හානිවන දැ නොකිරීමද වගකීම වේ. පරිසරය සුරක්ෂිත කිරීමට තම දායකත්වය ලබාදීම යුතුකම වේ. අතීත මුතුන්මිත්තන් වන්දනා ගමන්වලදී ඊට නිසි ගෞරව පුද කළ නිසාම ඒවා පරපුරෙන් පරපුරට මනාව ආරක්ෂා වී පවතින බව අප අමතක නොකළ යුතුය.අපගේ වගකීම වනුයේද අපගේ යුතුකම මනාව ඉටු කරමින් අනාගත පරපුර වෙනුවෙන් ඒවා සුරක්ෂිත කිරීමට හැකිතාක් දායකවීම වේ.

ඉවතලන කසළ බහාලන ස්ථානයන්හිම ඒවා නිසි අයුරෙන් බහාලීමට කටයුතු කිරීම යුතුකම වේ. වන්දනාවේ යෙදෙන සැදැහැවතුන් හැකි තරමින් තම ශ්‍රද්ධාව, ගෞරවය වර්ධනය කර ගැනීම සඳහා ඊට සුදුසු අයුරෙන් හැසිරීම බොහෝ දෙනාගේ පැසසුමට හේතුවේ. තම කුඩා දරුවන්ද රැගෙන වන්දනා යන මව්පියවරුන් තම දරුවන් ගැන නිතර සොයා බලමින් දරුවන් ගැන අවධානයෙන් පසුවිය යුතුය. සිය දහස් ගණන් වන්දනාකරුවන් ඒකරාශි වන පුදබිමකදී තම දරුවන් ගැන අවධානයෙන් පසුනොවුවහොත් එම කුඩා දරුවන් අතරමංවීම සාමාන්‍යයෙන් සිදු වන්නකි.

විශේෂයෙන් වෙසක්, පොසොන් සමය තුළදී දන්සල් පැවැත්වීම අප රටෙහි දක්නට ලැබෙන සුලභ දසුනකි. දන්සල් පිරිනමන පරිත්‍යාග ශීලිහු මහත් උනන්දුවෙන් ඒවා සිදු කරනුයේ වන්දනාකරුවන්ටද පහසුවක් වන අයුරිනි. එබැවින් අපගේ බෞද්ධ සංස්කෘතියෙහි එබඳු උසස් ලක්ෂණ රැක ගැනීමටද දායකත්වය සැපයීමද යුතුකමක් ලෙස කල්පනා කළ යුතුය.

 

  පොසොන් පුර අටවක පෝය

 පොසොන් පුර අටවක පෝය ජූනි මස 12 වන ඉරිදා පූර්ව භාග 00.48 ට ලබයි. 13 වන දා සඳුදා පූර්වභාග 02.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 12 වනදාය.

මීළඟ පෝය ජූනි 19 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]