UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූකුලම සුගුණ දර්ශන දහම් පාසල

පූකුලම සුගුණ දර්ශන දහම් පාසල

මාදම්පේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් පූකුලම ශ්‍රී ඥානෝදයාරාම විහාරස්ථ සුගුණ දර්ශන දහම් පාසල ප්‍රදේශයේ බොදු දරු දැරියන් සුමගට යොමු කරවීමෙහිලා ප්‍රයත්න දරන දීප්තිමත් දහම් නිකේතනයකි.

එම දහම් පාසල ආරම්භ කර ඇත්තේ 1983.08.20 වෙනි දිනදීය. ආරම්භක විදුහල්පති ලෙස ආනන්ද රූපදාස මහතා කටයුතු කර ඇත.

වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 161ක් පමණ වේ. ප්‍රධානාචාර්ය ලෙස වජිර වීරසිරි මහතා කටයුතු කරයි. නිශ්සරණාධ්‍යාසයෙන් ආචාර්ය මණ්ඩලය ලෙස 17 දෙනෙක් කටයුතු කරයි. 15 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍ය නායක, මණ්ඩලයක් ක්‍රියාත්මක වේ. ශික්ෂණයෙන් පිරි බෞද්ධ දරුවන් යන තේමාව යටතේ වාර්ෂික වැඩසටහන් ඔස්සේ දහම් පාසල පවත්වාගෙන යනු ලබයි.

30 වෙනි සංවත්සරය නිමිත්තෙන් මලසුන්ගෙයක් ඉදිකිරීම, ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම, ශීල භාවනා වැඩසටහන, ගුරු පුහුණු වැඩසහන, වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානය, වෙසක් මහා බත් දන්සල, වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය සුවිශේෂි තැනක් ගනී.

දහම් පාසල පවත්වන සෑම ඉරු දිනකම දරු දැරියන්ට මව්පියන් විසින් දිවා ආහාරය සපයනු ලබයි.

දහම් පාසලේ උන්නතියට සහ චිරස්ථිතියට නිතර අවවාද අනුශාසනා ලබා දෙන විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය ඉලිප්පදෙනියේ සීවලී නාහිමි, විහාරවාසී මාදම්පේ පියදස්සි හිමි, ප්‍රදේශයේ බෞද්ධ, අබෞද්ධ සියලු දානපතියන් කෘතවේදීව සිහිපත් කළයුතුය.

ප්‍රාදේශීය, දිස්ත්‍රික්, සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහන්වලින් ජයග්‍රහණ ලැබූ සිසු දරු දැරියෝ බොහෝ ය. ප්‍රධානාචාර්ය වජිර වීරසිරි මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ නොමඳ කැපවීම සහ උත්සාහය තුළින් දහම්පාසල දිනෙන් දින ජනපි‍්‍රයත්වයට පත්වෙමින් පවතී.


ශිෂ්‍ය නායක නායිකාවන්


ආචාර්ය මණ්ඩලය


සිසු දරු දැරියන්ගෙන් කොටසක්


සිසු දරු දැරියන්ගෙන් කොටසක්

 

 නවම් අවඅටවක පෝය

   නවම් අවඅටවක පෝය මාර්තු මස 01 වැනිදා අඟහරුවාදා අපර භාග 03.51 ට ලබයි. 02 වැනිදා, බදාදා අපරභාග 05.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 08 වැනිදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]