UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුනි සිරිපා වන්දනා මැදින් පොහෝදා

මුනි සිරිපා වන්දනා මහා පුණ්‍යෙීත්සවය මැදින් පුර පසළොස්වක පොහෝදා ශ්‍රීපාද මළුවේදී පැවැත්වෙයි. ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුග්‍රහයෙන් එම වැඩසටහන් මාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට "බුදුසරණ" පුවත්පත මුද්‍රිත මාධ්‍ය සහාය දක්වයි.

ඉතිරිය»

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 130 වන ජන්ම සමරු පින්කම

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 130 වන ජන්ම දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනය පසුගිය 23 වැනිදා ලේක්හවුස් මන්දිරයේදී පැවැත්විණ.

ඉතිරිය»

දෙමටව ශ්‍රී නන්දසාර නා හිමි

අනුරාධපුර විජයපුර සිරිවිජය විදර්ශනා පරිවේණාධිපති හා භාවනා මධ්‍යස්ථානාධිපති, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ රජරට පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ධුරන්දරව වැඩ විසූ ශාසන සෝභන සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල ධීරානන්දාභිධාන, ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති දෙමටව ශ්‍රී නන්දසාර නායක ස්වාමීන් වහන්සේ අපවත් වී මාර්තු 05 වනදාට තෙමසක් සපිරේ. වයඹ පළාතේ, කුරුණෑගල දිසාවේ අංගමු කෝරළේ ,පඬුවස්නුවර දෙමටව ග්‍රාමයේ ශ්‍රද්ධා සම්පන්න මව්පිය දෙපළක් වූ කුරුප්පු ආරච්චිලාගේ වෙළුන් සිංඤෝ, ජයසිංහ මුදියන්සේලාගේ කිරිමැණිකේ යන දම්පතීන්ට දාව 1956 ජුනි 05 වෙනිදා පවුලේ සිව්වැනියා ලෙස මෙලොව එළිය දුටුවේය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සත්වයාගේ සසර ගමනට හේතුව කුමක්ද

තථාගත දේශිත නෛර්යාණික ධර්මයෙහි සඳහන් පරිදි සත්වයාගේ සසර ගමනට හේතු වන ප්‍රබල සාධකය තණ්හාවයි. පස් පව් දස අකුසල් හෝ වෙනයම් කවර හෝ සමාජ විරෝධී ක්‍රියාවකට යමෙකු පෙළඹෙන්නේ තණ්හාව නිසාය. සෑම බෞද්ධයෙකුගේම පරමාර්ථය වන නිර්වාණාවබෝධය වළක්වා ලන මෙම තණ්හාව බුදුපියාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනයේදීම එකසිය අට වැදෑරුම් කොට දක්වා වදාළහ. එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, අතීත, වර්තමාන, අනාගත, රූපාදී අරමුණු සය, ආධ්‍යාත්මික බාහිර වශයෙන් එකසිය අට වැදෑරුම් වෙයි.

ඉතිරිය»

බුදුසරණ කවරය සිත්තම් කරන සරත් නන්ද කුමාරගේ බොදු සිතුවම් දැක්මක්

බුදුසරණ කවරය සිත්තම් කරන සරත් නන්ද කුමාර මහතා විසින් පවත්වනු ලබන බොදු සිතුවම් දැක්මක් “සිත් සනසන රූ” මැයෙන් මේ මස 04, 05, 06 දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා එම ප්‍රදර්ශනය පැවැත්වෙයි.

ඉතිරිය»

පන්නිල ධම්මතිලක නාහිමි තෙමස් ගුණ සමරුම

මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ රත්නපුර මහා දිසාවේ ද්විතීය සංඝනායක කීර්ති ශ්‍රී විපුලතිස්ස ධම්මඛන්ධ පණ්ඩිත පන්නිල ධම්මතිලකාභිධාන නාහිමි තෙමස් ගුණ සමරුම පසුගිය මස 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබිණි.

ඉතිරිය»

නන්ද කුමරු පැවිද්දට යාම.
සිතුවම - සරත් නන්දකුමාර

 

 නවම් අවඅටවක පෝය

   නවම් අවඅටවක පෝය මාර්තු මස 01 වැනිදා අඟහරුවාදා අපර භාග 03.51 ට ලබයි. 02 වැනිදා, බදාදා අපරභාග 05.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 08 වැනිදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]