UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අව අටවක පෝදා 2016.03.01

ජීවිතය

මහ සයුරේ අනන්තවත් නැව්, ඔරු ආදිය ගමන් කරනු ලැබේ. ඉමක් කොනක් නොපෙනෙන සයුරේ එතෙර මෙතෙර යන එන ඒ ගමනේ ගොඩබිමකට සේන්දු වනුයේ ඊට අවශ්‍ය තෙල් ආදියද සපුරා ගැනීමටය. සති , මාස. ගණන් ගෙවා වුවද ගොඩබිම වෙත සේන්දු විය යුත්තේ මහ සයුරේදී අවශ්‍ය දෑ සපයා ගත නොහැකි හෙයිනි. එමෙන්ම මුහුදු ගමනාගමනය කරන අයට අවශ්‍ය දෑ ලබා ගනුයේද ගොඩබිමකට ලඟා වීමෙනි.

“ජීවිතය” නමැති නෞකාව පදවාගෙන යන “තොටියා” නමැති මනුෂ්‍යයා සසර මහ සයුරේ අනන්ත කාලයක් පුරා ඇවිදියි. එහෙත් එසේ ගමන් කරන බව වත් නොදන්නා අය බොහෝ වෙති. වාසනාවකට මෙන් මනුෂ්‍ය ලෝකය නමැති ගොඩබිමක උපන් මනුෂ්‍යයෝ සසර ගමනට අවශ්‍ය මඟ වියදම් තම තමන් විසින්ම උපයා සපයා ගත යුතුව තිබේ. මනුෂ්‍යයකු ලෙස අංග සම්පූර්ණව මෙලොවට බිහිවන්නා භෞතික කිසිවක් ගෙන එනු නොලැබේ. එහෙත් සසර පුරා කළ හොඳ නරක පමණක් රැගෙන එනු ලැබේ.

මනුෂ්‍යයාගේ ජීවිත කාලය, කුඩා කාලය, තරුණ කාලය හා මහලු කාලය ලෙස කොටස් තුනකට බෙදා වෙන් කර ගත හැකිය. කුඩා කාලයේදී අධ්‍යාපනය ලැබීම සාමාන්‍ය ජීවිතයක ස්වභාවය වේ. එම කුඩා කාලය ගත කිරීමෙන් පසුව එළඹෙන තරුණ වියේදී රැකීරක්ෂා කිරීම ආදියෙහි යෙදෙමින් තම වටිනා කාලයෙන් ආවාහ විවාහ වීමාදී සමාජ චාරිත්‍රයන්ද ඉටු කරමින් වගකීම් නොපිරිහෙළා ඉටු කළ යුතු කාලයට එළඹේ. අනතුරුව එළඹෙන්නේ මහලුවිය හෙවත් වියපත් කාලයයි. සමාජයේදී ඇතැම් අයෙකුගේ සාමාන්‍ය ස්වභාවය වී ඇත්තේ වියපත් කාලයේදී හැකි තාක් පින් දහම්හි නිරතවීමය. එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා කුඩා කාලයේදීත්, තරුණ කාලයේදීත්, වියපත් වූ කාලයේදීත් පින් දහම්හි නිරත වී සසර ගමනට අවශ්‍ය මඟ වියදම් තමා විසින්ම සපයා ගනු ලැබේ.

අප කල්පනා කළ යුතු වන්නේ ඉහත දක්වන ලද කාලතුනේදීම කය, සිත, වචනය සංවරකර ගනිමින් යහපතෙහි නිරතවීම පිළිබඳවය. අවාසනාවකට මෙන් ඉහත සඳහන් කළ කාල තුනෙන් එක් කාලයකදීවත් මෙසේ තම ජීවිතය රැක නොගතහොත් භවගාමී ජීවිතය පුරා කෙබඳු අවාසනාවන්ත තත්වයකට පත්වේදැයි සිතීමට පවා අපහසු වේ.

මනුෂ්‍යයෙකු ලෙස උපත ලැබීමම කෙතරම් වාසනාවක්දැයි මොහොතකට සිතා බැලිය යුතුය. එසේ අපහසු දුර්ලභ මිනිසත් භවයක් ලබා සිටින්නා සසර ගමනේ ගිමන් නිවා ගැනීමට මිනිස් ලොවට පැමිණ ඇතැයි මෙනෙහි කළ යුතුය. සසර ගමනේ පිහිට පිළිසරණ ළඟා කර ගත යුත්තේ තමා විසින්මය. මහ සයුරේ යනෙන නැව් ආදිය කුණාටුවක් වැනි හදිසි ආපදාවක් විපතක් පැමිණි කල කාගේ නම් පිහිටක් පිළිසරණක් පතන්නද ජීවිතය නමැති නෞකාව ද පදවාගෙන යාමේදී ඇතිවන ආපදා, විපත්ති ආදි සියල්ලටම මුහුණදිය හැකි වන්නේ තමා හැකිතාක් ආධ්‍යාත්මික වශයෙන් ගුණ දම් සපිරූ තරමටය.

බුද්ධිමත් මනුෂ්‍යයා ජීවිතයෙහි ඇති අස්ථීර ස්වභාවය හෙවත් තාවකාලික පැවැත්ම ගැන හැම විට නුවණින් මෙනෙහි කරනු ලැබේ. එසේ මෙනෙහි කරන්නා තම ජීවිත කාලය පුරා තුන් දොර සංවරව ජීවත්වීමට කල්පනා කරයි. එසේ ජීවත්වන්නාගේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්නා අතර පරලොව ජීවිතයද සුගතිගාමි කර ගැනීමටද උනන්දුවේ.

සසර ගමනේ කෙලවර, නිවන් දක්නා තුරු නරකාදී අපා දුකකට පත් නොවී සසර සැපවත් කර ගැනීමට උනන්දු විය යුතුවේ. වටිනා මිනිස් ජීවිතය රඳා පවතිනු යේ ඉතා කෙටි කලකි. ඒ කෙටි කාලය තුළදී පවා තමාට පිනක් දහමක් සිදුකර ගැනීමට ගත සිත මෙහෙය වීමට හැකිවන්නේ කීයෙන් කී දෙනෙකුට දැයි බුද්ධිමත්ව සිතා බැලිය යුතුය.

උපන් නිසා මෙලොව ජීවත්වීමට වඩා උපන් මිනිසත් භවයෙන් ප්‍රයෝජනය ගැනීම බුද්ධිමත් මනුෂ්‍යයා සතු වගකීමකි. එම වගකීම කවර ආකාරයෙන් හෝ මග හැර ගිය විට එහි දුක් විපාක විඳීමට සිදුවනුයේ තමාටමය.

 

 නවම් අවඅටවක පෝය

   නවම් අවඅටවක පෝය මාර්තු මස 01 වැනිදා අඟහරුවාදා අපර භාග 03.51 ට ලබයි. 02 වැනිදා, බදාදා අපරභාග 05.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 08 වැනිදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]