UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස්-මිහින්තලා ආලෝක පුජාවට සමගාමීව පැවැත්වූ උතුරු මැද පළාතේ බුදුසරණ කථික තරගය

ලේක්හවුස්-මිහින්තලා ආලෝක පුජාවට සමගාමීව පැවැත්වූ උතුරු මැද පළාතේ බුදුසරණ කථික තරගය

පනස් තුන්වන වරටත් සිදුකරන ලේක්හූවුස් - මිහින්තලා ආලෝක පුජාවට සමගාමීව පවූත්වනු ලැබු බුදුසරණ කථික තරඟයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රහණය එප්පාවල ශ්‍රි ජිනරතන දහම් පාසලේ ආර්.එම්. වරුණි හසන්තිකා දැරිය දිනා ගනු ලැබූ අතර කනිෂ්ඨ අංශයේ ජයග්‍රහණය අනුරාධපුර තම්මැන්නාවක වේළුසුම විදුහලේ අංජනා මධුභාෂිනි දැරිය දිනාගනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ අංශයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ එල්.එච්.පි සුමින්ද විජේරත්න, හා ඩබ්ලිව්.එම් සඳුන් ප්‍රසාද් වීරකෝන් සිසුදරුවන් විසින් දිනා ගනු ලැබීය.

පසුගිය 16 වනදා මිහින්තලේ මහා විද්‍යාලයේදි පැවැත් වූ මේ තරගාවූලියේ කනිෂ්ඨ අංශයේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ යසස්මිණි එරන්දිකා හා අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ සෙව්මිනි රත්සරණි ඒකනායක දැරියන් විසින් දිනා ගනු ලැබීය.


ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ජ්‍යෙෂ්ඨ අංශයේ විනිශ්චය මණ්ඩලය හා ලේක්හවුස් අයතනයේ නියෝජ්‍ය අලෙවි කළමනාකාර අශෝක විජේසේකර මහතා


කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් කනිෂ්ඨ අංශයේ විනිශ්චය මණ්ඩලය හා ලේක්හවුස් අයතනයේ නියෝජ්‍ය අලෙවි කළමනාකාර අශෝක විජේසේකර මහතා

උතුරුමැද පළාතේ පාසල් හා දහම් පාසල් දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබු මේ කථික තරගය ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ යන අංශ දෙකක් යටතේ පැවැත්විණි. සාරධර්ම ගුණගරුක බවින් හා දැනුමින් පිරිපුන් යහපත් අනාගත පරපුරක් දායාද කිරිම මෙහි අපේක්ෂාවයි.

මෙහිදි ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහික ජයග්‍රාහිකාවන් දසදෙනා බැගින් තෝරාගත් අතර ප්‍රථම ස්ථානයට මුදලින් රුපියල් දස දහසක් හා කුසලානය හා සහතික පත් ද දෙවන ස්ථානයට රුපියල් හත් දහස් පන්සීයක් හා සහතික පත් ද තෙවන ස්ථානයට රුපියල් පන්දහසක් හා සහතික පත්‍ර ද පිරිනැමේ. එසේම සිව් වන ස්ථානයේ සිට දහ වන ස්ථානයට මුදලින් රුපියල් දහසක් හා සහතික පත්‍ර ප්‍රදානය කරයි.

මේ කථික තරගයේදී ජයග්‍රාහණය කළ දූ දරුවන්ට මුදල් හා සහතික පත්‍ර ප්‍රදානය කිරීම ජුනි මස 03 වන දින පස්වරු 6.00 ට මිහින්තලා මැද මළුවේදී පවත්වන ආලෝක පූජා පුණ්‍ය උත්සවයේදී සිදු කිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහයකාවන්

01. එප්පාවල ශ්‍රි ජිනරතන දහම් පාසලේ ආර්.එම්. වරුණි හසන්තිකා, 02. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ එල්.එච්.පි සුමින්ද විජේරත්න, 03. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඩබ්ලිව්.එම් සඳුන් ප්‍රසාද් වීරකෝන්, 04. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ඒ.ඩබ්ලිව් නිමේෂා මධුවන්ති, 05. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ආර්.ඊ.එන් රත්නායක, 06. අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විද්‍යාලයේ ජි.එම් දිමුතු සමීර ඉන්ද්‍රජිත්, 07. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ කේ.වී ගයත්‍රි ලක්ෂිකා , 08. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ කේ.එම්.එම් සචිනි අනුත්තරා, 09. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ඩබ්ලිව්.කේ.පහන් රුචිරංග, 10. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහ විද්‍යාලයේ ආර්.එම් ශෂිකා එරන්දනි රත්නායක.

කනිෂ්ඨ යන අංශ ජයූග්‍රාහක ජයග්‍රාහිකාවන්

01. අනුරාධපුර තම්මැන්නාවක වේළුසුම විදුහලේ අංජනා මධුභාෂිනි, 02. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ යසස්මිණි එරන්දිකා, 03. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහ විද්‍යාලයේ සෙව්මිනි රත්සරණි ඒකනායක, 04. අනුරාධපුර නිවූන්තකචේතිය මහා විදුහලේ බී.එම්. ලෝචන, 05. අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විද්‍යාලයේ ටී.තීක්ෂණ තිලකරත්න, 06. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඩබ්.එම්. විහන්ගා පාරමී ජයරත්න, 07. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහ විද්‍යාලයේ ආර්.ඒ. පවිත්‍රා ප්‍රබෝදනී රණසිංහ, 08. අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විද්‍යාලයේ බී. හේශාන් තිලකරත්න, 09. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහ විද්‍යාලයේ ඒ.එච්. සමාධි භාග්‍යා සන්ධීපනී , 10. අනුරාධපුර ශාන්ත ජෝශප් මහ විද්‍යාලයේ ඊ.ඩී. රුවින රන්දිම

ජ්‍යෙෂ්ඨ අංශයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනු ලැබුයේ ගුරු උපදේශිකා එස්.එම් නාලනි ශිලවංස, ගුරු උපදේශිකා එච්.ඩි චන්දිමා විජේසිංහ, ගුරු උපදේශිකා එච්.පි.බි මල්ලිකා මහදිවුල්වැව හා උප ගුරු ඩි.එම් පුර්ණි දිසානායක මහත්මින්ය.
 


ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තිදෙනා


කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තිදෙනා

කණිෂ්ඨ අංශය විනිශ්චය මඩුල්ල ලෙස කටයුතු කරනු ලැබූයේ ගුරු උපදේශක කේ.ජී.එස්. ජයවර්ධන, ගුරු උපදේශිකා විමාලි වෛද්‍යරත්න , නියෝජ්‍ය විදුහල්පති ජී. ජයන්ත විජේරත්න, ගුරු උපදේශිකාජේ.එම්. කුමාරදාස ජයසුන්ර මහත්ම මහත්මීන් විසින් සිදු කරනු ලැබිය.

මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැන්ගුනවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහූතාගේ උපදෙස් මත සහකාර සාමාන්‍ය අධිකාරී (අලෙවි) සුජීව ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් සිදු කළ මේ වැඩසටහනට ලේක්හවුස් අයතනයේ නියොජ්‍ය අලෙවි කළමනාකාර අශෝක විජේසේකර, සහකාර බෙදාහැරීම් කළමනාකාර දිනේෂ් අල්විස්, විධායක නිලධාරි අංජන එරංග සිල්වා, ප්‍රාදේශිය අලෙවි විධායක මිහිරු චින්තක, අනුරාධපුර ශාඛා කළමනාකාර සුරාජ් අතපත්තු, අනුරාධපුර ප්‍රාදේශීය කර්තෘ චූල බණ්ඩාර කුලසේකර, අනුරාධපුර ලේක්හවුස් ආයතනයේ බි.එල් සමන් මහත්වරු ඇතුළු සිසු දරු දැරියන් හා මාපියන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්වී සිටියහ.

 

 

 

 

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]