UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර පසළොස්වක 2015.06.02

අනුබුදු මිහිඳු මාහිමි සමරමු

නුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ලංකා ගමනය සිහිපත් කරන දිනය පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. සම්බුදු සසුන මෙරට ස්ථාපිත වූ සුවිශේෂී දිනයද මෙම පූජනීය දිනයයි.එදා මිහින්තලා කන්දෙන් ගලා ගිය සදහම් අමා ගඟ මෙරට ධර්මද්වීපයක් කිරීමට හේතුවිය. අපේ රටෙහි කවර හෝ අංශයකින් යම් ප්‍රගතියක් උදාවූයේ නම් ඒ සියල්ලට මූල බීජය අනුබුදු හිමියන්ගේ ලංකාගමනය වේ. එබැවින් ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිදීම කළගුණ සළකන උදාර සද්පුරුෂ ජන සමාජයක පරම යුතුකම වේ.

අධ්‍යාපනික, ආගමික, සාමාජික, ශාසනික ආදී විවිධ අංශවෙතින් උදාර මෙහෙවරක නිරත වූ ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් මෙරටට යුග මෙහෙවරක් ඉටුකළ ශ්‍රේෂ්ඨ සද්පුරුෂයෙකි. එතුමන්ගේ උදාර සිතුම් පැතුම් සමාජය සුමගට යොමු කරවූයේ ය. ඒ නිසාම ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ නාමය යුගයෙන් යුගය ඒකාලෝක වනු ඇත.

එතුමන්ගේ උදාර සංකල්පයක් ක්‍රියාවට නැගෙමින් එතුමන්ගේ දයාබර පුත්‍රරත්නය වන රංජිත් විජයවර්ධන මැතිතුමන් ලේක්හවුස් ආයතනයෙහි සභාපති ධුරය දරන ලද යුගයෙහි දී මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ආරම්භ කරන ලදී. ඒ මෙයට පනස් තුන්වසරකට පෙරය. එම ආලෝක පූජාවෙන් මිහින්තලා පුදබිම ඒකාලෝක වූවාසේම ආලෝක පූජා සංස්කෘතියක් බිහිකිරීමට ද එය සමත් වූ බවද සඳහන් කළ යුතුය. එවකට ලේක්හවුස් ආයතනය තනිවම විදුලිජනක යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ආලෝක පූජාව පැවැත්වූ අතර වසරෙන් වසර ගෙවී යද්දී ඊට ලංකා විදුලිබලමණ්ඩලය ඇතුළු විවිධ ආයතන දායකත්වය සපයන්නට විය. ඒ සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහය හිමි වී ඇත. මේ වන විට රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසකද අනුග්‍රහය හිමි වේ.

මිහින්තලා පුදබිම දැක බලා වන්දනාමාන කිරීමට මහා ජන ගඟ මිහින්තලයට ගලන සුවිශේෂී සමයද මෙම පොසොන් සමයයි. මෙවර ලේක්හවුස් ආලෝක පූජාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හා මැතිඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් දින පහක් පුරා පැවැත්වේ. මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පුදනු සඳහාත්, මිහින්තලාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහාත් සිදු කෙරෙන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ දැල්වෙන විදුලි බුබුලක් පාසා දිවංගත ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ප්‍රමුඛ විජයවර්ධන පරපුරට අනේකවාරයක් පින් වැඩෙන උදාර පින්කමකි මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව.

බෞද්ධ ජනතාවගේ දහම් පිපාසය සන්සිඳුවන ඔවුන් ගුණ දහමින් පෝෂණය කැරෙන සාර ධර්ම සංග්‍රහයක් වූ “බුදුසරණ” පුවත්පතෙහි පනස්වන සංවත්සරයද මෙම පොසොන් පෝදායින් ආරම්භ වේ. “බුදුසරණ” ආරම්භක කර්තෘ පියසේන නිශ්ශංක මැතිතුමන් ප්‍රධාන මෙතෙක් සේවය කළ සියලු කතුවරු ගෞරවයෙන් සිහිපත් කරමු.

“බුදුසරණ” ආරම්භයේ පටන් මේ දක්වාත් ඉදිරියටත් ලිපි සැපයූ සහ සපයන ධර්ම විනයධර සංඝපීතෘන් වහන්සේලා ප්‍රධාන සියලුම ගෞරවනීය ලේඛක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් ගිහි ලේඛක මහත්ම මහත්මීහු ඇතුළු පුරාතන සහ නූතන සියලු ලේඛකයන්ද ගෞරවයෙන් සිහිපත් කරමු.

“බුදුසරණ” පුවත්පතෙහි පිටපත් මිලදී ගනු ලබන “බුදුසරණ” පාඨකයන් ද මෙහිදී කාරුණිකව සිහිපත් කරමු. අඩ සිය වසරක පමණ කාලය තුළ බෞද්ධ සමාජය සතර පොහොදාටම හද බැඳගත් බෞද්ධ පුවත්පත “බුදුසරණ” බව නිහතමානීව සිහිපත් කළයුතුව ඇත.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා ප්‍රධාන කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි, මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න, මුදල් අධ්‍යක්ෂ එමරික් ප්‍රනාන්දු, නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස් මහත්වරු ඇතුළු ලේක්හවුස් පාලනාධිකාරිය “බුදුසරණ” ට දක්වන සහාය අගයමු.

ලේක්හවුස් සියලු සේවක ප්‍රජාවද මෙහිදී කාරුණිකව සිහිපත් කරමු.

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]