UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව දහම් පාසල් දූ දරුවන්ට ගුරුවරුන්ට සිල් රෙදි

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව දහම් පාසල් දූ දරුවන්ට ගුරුවරුන්ට සිල් රෙදි

ලේක්හවුස් ආයතනය මගින් පනස් තුන්වන (53) වරටත් පවත්වන මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව දහම් පාසල් දූදරුවන් හා ගුරුවරුන් සඳහා සිල්රෙදි දහසක් (1000) ප්‍රදානය කිරීමේ පුණ්‍ය කටයුත්ත ඉකුත්දා (17) මිහින්තලා නගර උද්‍යානයේදී සිදු කෙරිණ, මුස්ලිම් දූදරුවන් සඳහා රෙදි ප්‍රදානය කිරීම මෙවර සිදු වූ විශේෂත්වයකි.

මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතාගේ උපදෙස් මත මෙය සිදු කැරිණි.

මිහින්තලා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් දූ දරුවන් හා මිහින්තලේ මුස්ලිම් විද්‍යාලයේ දරු දැරියන් හත්සිය පනස් දෙනකුට හා දහම් පාසල් ගුරුවරුන් දෙසිය පනස් දෙනකු සඳහා සිල් රෙදි ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය. මේ සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ අනුග්‍රාහකත්වය ලබා දේ. දහම් පාසල් දූ දරුවන් හා ගුරුවරුන්හට පොසොන් පොහෝදින මිහින්තලා රජමහා විහාරයේදී සිල් සමාදන්වීම සඳහා වාර්ෂිකව ලේක්හවුස් ආයතනය මගින් මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරනු ලැබේ’. මේ අනුව සිල් සමාදන්වන දහම් පාසල් දරුවන් සඳහා පොහෝදින දානය පිරි නැමීමද ලේක්හවුස් ආයතනය මගින් සිදු කෙරේ.

මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි විසින් එහිදී අනුශාසනා සිදු කරමින් සඳහන් කර සිටියේ ලේක්හවුස් ආයතනය මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව ප්‍රදේශයේ විවිධ සද්කාරක වැඩසටහන් සිදුකරන බවයි. මිහිඳු මා හිමියන් ලංකාවට වැඩම කර වසර දෙදාස් තුන්සිය විසිදෙවන පොසොන් පින්කමේදී සිල් සමාදන් වීම සඳහා සිල් රෙදි ලබා ගත් සියලු දෙනා සංවර ලෙස හැසිරෙමින් ආගමික වතාවත්වල නිරතවීම ඉතාමත් වටිනා බවත් එසේම පොසොන් පොහොය සැමරීමට දායකත්වය ලබා දෙන සියලු පුද්ගලයන් හා ආයතන අගය කොට සලකන බවද උන්වහන්සේ සඳහන් කළහ.

එම අවස්ථාවට එක්වෙමින් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකානයක මහතා "ලේක්හවුස් ආයතනය මගින් වාර්ෂිකව පවත්වන මෙම සද්කාරය අගය කරන බවත් මිහින්තලාව වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් උදෙසා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන එක්ව අවශ්‍ය සියලු කටයුතු සිදුකරන බවද " හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සහකාර සාමාන්‍යා-ධිකාරි (අලෙවි)සුජීව ජයතිලක මහතාගේ මෙහෙයවීම මත සිදු කළ එම වැඩසටහන සඳහා ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය අලෙවි කලමනාකාර අශෝක විජේසේකර, මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මාල්, රත්නායක, සහකාර බෙදාහැරීම් කළමනාකාර දිනේෂ් අල්විස්, විධායක නිලධාරි අංජන එරංග සිල්වා, ප්‍රාදේශීය අලෙවි විධායක මිහිරු චින්තක, අනුරාධපුර ශාඛා කළමනාකාර සුරාජ් අතපත්තු, අනුරාධපුර ලේක්හවුස් ආයතනයේ පි‍්‍රයන්ත රාජපක්ෂ , සිසිර මුණසිංහ, බී. එල්. සමන් මහත්වරුන් ඇතුළු සිසු දරු දැරියෝ හා මාපියෝ විශාල පිරිසක් සහභාගි වූහ.

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]