UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොසොන් පෝදා පින්කම්


පොසොන් පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහර රාජමහා විහාරස්ථානයේදී පොසොන් පෝදා පින්කම් රැසක් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

එදින උදෑසන අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ.

උදේ ධර්මදේශනාව විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ.

පොසොන් මහා බත් දන්සැල කිරිවෙහෙර චෛත්‍යය ඉදිරිපිට දාන ශාලාවේ පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ සිසිල් බීම දන්සල ප්‍රධාන වාසල් දොරටුව සමීපයේ පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ පොසොන් පුන් පොහොය වැඩසටහන මෙම පොහෝ දින දවස පුරා ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී කුඩාඇළගමුවේ ඥානසිරි හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති.

පෙරවරු 06.00 - අටසිල් සමාදන්වීම, 06.30 - උදෑසන බුද්ධ පූජාව, 08.00 - ධර්ම දේශනාව - ආචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, 09.00 - ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරිම, 09.15 - ගිහි දේශනය - ආචාර්ය කේ. එම්. අයි. ස්වර්ණසිංහ මහතා, 10.15 - දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 10.30 - දහවල් බුද්ධ පූජාව, දහවල් 12.00 - ජාතක කතා දේශනාව භාණක: පණ්ඩිත ඉහළදිවුල්වැවේ විමලවංශ හිමි, පස්වරු 01.00 – ධර්ම දේශනාව - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මැදමහනුවර ධම්මසිරි හිමි, 02.00 - ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 02.45 - දම්සභා මණ්ඩපය – සහභාගිත්වය: අධ්‍යාපනපති පණ්ඩිත වැල්ලගිරියේ සීලසුමන හිමි, ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න, 04.00 – භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 05.00 – බෝධි පූජාව - කෙහෙවල්ල රේවත හිමි.


කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු 06.00 - 06.30 - සීල සමාදානය හා උදෑසන බුද්ධ පූජාව - ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 08.00 - 09.00 භාවනාව - මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 – ධර්මදේශනාව - වැලිගෙපොල ශීලවංශ හිමි, 10.00 - 11.00 – ධම්මපදයෙන් බිඳක් - ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 - 11.30 - දිවා බුද්ධ පූජාව - ගොඩපොල නන්ද හිමි, පස්වරු 02.00 - 03.00 - වෛද්‍ය විද්‍යා දේශනය, 03.00 - 04.00 ධර්ම දේශනාව - මොරගොල්ලේ ධම්මවංශ හිමි, 04.00 - 05.00 පිරිත් දේශනාව - මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 05.00 - 06.00 - භාවනාව - මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 - 07 - ගිලන්පස බුද්ධ පූජාව - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00 - 08.00 – ධර්මදේශනාව - නාහංගොඩ ගුණරතන හිමි.


බෙල්ලන්විල රාජමහා විහාරය

පෙරවරු 6.00 - සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව, 07.00 - බුද්ධ පූජාව පැවැත්වීම, 08.30 – ධර්ම දේශනාව ආචාර්ය බලංගොඩ සෝභිත නාහිමි, 10.00 - භාවනාව - තලාවේගම සද්ධාතිලක හිමි, 11.00 - බුද්ධ පූජාව, පස්වරු 01.30 – ජාතක ධර්ම දේශනාව - කරගහවල චන්දානන්ද හිමි, 03.00 – ධර්ම සාකච්ඡාව - මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, මහාචාර්ය පී. ආරියපාල පෙරේරා මහතා, ශාස්ත්‍රපති පී. වීරතුංග මහතා, 04.30 – ධර්ම දේශනාව – මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද හිමි, 07.00 - බුද්ධ පූජාව - ශ්‍රී බෝධිරාජ දහම් පාසල, බෙල්ලන්විල, 07.30 - ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පුස්සැල්ලාවේ ධම්මරක්ඛිත හිමි.


බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 06.00 - 07.15 - සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ කිරිපිඬු බුද්ධ පූජාව - මීගොඩ සුඛිත හිමි, 08.00 - 9.00 – ධම්මපදයෙන් පිටිපන සාසනරතන හිමි, 09.00 - 10.00 ධර්මානුශාසනාව – ඥාණසීහ හිමි, 10.00 - 11.00 භාවනාව සහ අනුශාසනාව - ගම්පහ පාසාදික හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව - කුරුණෑගල චරණධම්ම හිමි, පස්වරු 12.30 - 01.45 – ධර්ම සාකච්ඡාව - දර්ශනපති ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 01.45 - 02.30 - සෙත් පිරිත් - කඹුරුගමුවේ මහානාග හිමි, 03.00 - 04.00 – ධර්මානුශාසනාව – මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝ රක්ඛිත හිමි, 04.00 - 05.00 - ගිහිදේශනය – ජයසේන එදිරිසිංහ මහතා, 05.00 - 06.00 ධර්මානුශාසනාව - තලාවේ සුමනරතන හිමි, 06.00 - 06.30 - අටවිසි බුද්ධ වන්දනාව සහ සිල් අලුත් කිරීම - රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි.


සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම

තරුණසීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය තල්පාවිල කුසලඤාණ හිමි, 8.00 - 9.00 – භාවනාව - වැලිමඩ පසන්නමානසහිමි, 9.00 -10.00 - ධර්ම දේශනාව - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානාහිමි, 10.00 - 11.15 - පරෝපකාර සංග්‍රහය - අනුශාසනාව හා බුද්ධ පූජාව - ගල්කිස්සේ සෝමානන්ද හිමි, පස්වරු 12.30 - 1.00 - පිරිත් හා තෙරුවන් ගුණ - බංගලාදේශයේ සුමනවංස හිමි, 1.00 - 2.00 – ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 - 3.00 - ගිහි දේශනය - ගත් කතුවර කිත්සිරි ආනන්ද මහතා, 3.00 - 4.00 – ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත අලුබෝමුල්ලේ ධම්මාලංකාර මාහිමි, 4.15 - 5.00 - ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 - ධර්ම දේශනාව - පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය වේරදූවේ මහින්ද හිමි, 6.00 - 6.30 - බෝධි පූජාව – ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන ය

පෙරවරු 06.00 - 07.00 - සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව - ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 08.00 - 09.00 - භාවනාව – ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 09.00 - 10.00 - සූත්‍ර දේශනාව - වැලිමඩ පසන්න මානස හිමි, 10.00 - 11.00 – අභිධර්ම දේශනය - පියදාස මුතුගම මහතා, 11.00 - 11.15 - බුද්ධ පූජාව - පැනසිහගම ඛේම හිමි, මාගම සුජාත හිමි, පස්වරු 12.35 - 01.00 - පිරිත් හා තෙරුවන් ගුණ - යාලගමුවේ මංගල හිමි, අරණායක බුද්ධ රක්ඛිත හිමි, 01.00 - 02.00 – ධර්ම සාකච්ඡාව - ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත තල්පාවිල කුසලඤාණ හිමි, 02.00 - 03.00 ධර්ම දේශනාව - රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය තල්ගමුවේ සුධීරානන්ද හිමි, 03.00 - 03.45 - ධර්ම දේශනාව - වල්ගම සුමන හිමි, 04.00 - 05.00 - ධර්ම දේශනය - ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති දියසෙන්පුර විමල හිමි, 05.00 - 06.00 - ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00 - 06.30 - බෝධි පූජාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


තෙලවල - විජයරූපාරාමය

අලුයම 5.30 - කිරිපිඬු දානය සහිත පෙරහර, පෙරවරු 6.30 - 7.30 – උපෝසථ අෂ්ඨාංග ශීලය සමාදන් කරවීම. සම්බුද්ධ පූජාව කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව, 8.00 - 9.00 - කාව්‍යමය ධර්ම දේශනාව බතලයායේ විමලරතන හිමි, 9.00 - 9.30 - මෛත්‍රී භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 9.45 - 10.45 - ජාතක කථා දේශනාව දම්පහළ ඤාණරතන නා හිමි, 10.45 - 11.00 - ‘බුදුසරණ පත්‍රය’ බෙදාදීම, 11.00 - 12.00 - දහවල් සම්බුද්ධ පූජාව - දම්පහළ ඤාණසුධීර හිමි, පස්වරු 12.30 - 2.00 ධර්ම දේශනය - ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.00 - 3.00 - ගිහි දේශනය - ආචාර්ය ප්‍රීති කුලතුංග මහතා, 3.00 - 4.00 - ධර්ම දේශනාව - නිල්මල්ගොඩ සිද්ධාවිහාරි හිමි, 4.00 - 5.00 - මහපිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව – ධර්මායතනයේ ස්වාමීන්වහන්සේලා, 5.00 - 6.30 අටවිසි ගිලන්පස බෝධි පූජාව - ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි. * ‘බුදුසරණ’ පත්‍ර බෙදාදීමේ දායකත්වය - චමිලා ප්‍රියදර්ශනි, බුරුතගොල්ල, ඔක්කම්පිටිය


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක, ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ මස 02 වැනිදා කොබවක, ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී ධර්ම දේශනාවක් හා විශේෂ භාවනා වැඩසටහනක් පැවැත්වේ. පෙරවරු 9.30 ට ධර්ම දේශනාව රැටියල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථ, ධම්මාලෝක පිරිවෙන් විහාරවාසී දිවලකඩ ධම්මරතන හිමියන්ද, සවස 3.00 ට භාවනාව හොරණ ඕවිටියාගල ශ්‍රී සුමේධා භික්ෂුණී ආරාමයේ වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ විසිනි.


හොරේතුඩුව ශ්‍රී ගංගාරාමය

පෙරවරු 6.00 - සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම - විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 7.00 - බුද්ධ පූජාව, 8.00 - ධර්ම දේශනාව පණ්ඩිත අපරැක්කේ දීපානන්ද නාහිමි, 9.00 - රූපවාහිනී ධර්ම දේශනාව, 10.00 භාවනාව මහියංගණයේ විශාඛා ධම්මසීලා දසසිල් මෑණියන්, 11.00 - බුද්ධ පූජාව, පස්වරු 1.00 - 2.00 - පිරිත් දේශනාව සාමූහිකව (ධම්ම චක්ක සූත්‍රය ඇතුළුව), 2.00 - ජාක කථා ධර්ම දේශනාව කහතුඩුවේ අනුරුද්ධ හිමි, 3.30 ධර්ම සාකච්ඡාව - කෝලිත හෙට්ටිගේ මහතා සහ නිහාල් පෙරේරා මහතා, 5.00 – බෝධි පූජාව.


ශ්‍රී ඥානාරාමය තලවතුගොඩ

පෙරවරු 6.00 - 7.00 - කිරිපිඬු පූජාව ශීල සමාදානය අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 . 8.30 – භාවනාව, 8.30 - 9.30 - ධර්ම දේශනාව - මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 9.30 - 10.30 – ධර්ම දේශනාව - පිටිපන සාසනරතන හිමි, 10.30 - 11.00 - දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 - 1.00 – ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව, 1.00 - 2.00 ධර්ම දේශනාව – ගම්පහ පාසාදික හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව - දරණාගම කුසලධම්ම හිමි, 3.30 - 4.30 – ධර්ම දේශනාව – ශ්‍රී ඥානාරාමයේ ලොකු ස්වාමින් වහන්සේ, 4.30 - 5.00 - කරණීයමෙත්ත සූත්‍ර දේශනාව සිල් පවාරණය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.

ජූනි 08 සිට 13 දක්වා දිවා රාත්‍රී නොකඩවා රතන සූත්‍ර දේශනාව දහස්වරක් සජ්ඣායනය කරනු ලැබේ.


රද්දොළුව අභිනවාරාමය

උදේ 06.00 ට සිල් සමාදන් කරවීම, උදේ 06.30 ට කිරිපිඬු බුද්ධ පූජාව සහ උපාසක දානය පිරිනැමීම – වලස්මුල්ලේ අරියවංශ හිමි, උදේ 08.00 ට ධර්ම දේශනාව, උදේ 09.00 ට ධර්ම සාකච්ඡාව, පස්වරු 02.00 ට දසසිල් මාතාවගේ භාවනා වැඩසටහන, 03.00 ට ධර්ම දේශනාව, 05.00 ට බෝධි පූජාව, බුදුසරණ පත්‍ර පරිත්‍යාග – දායකත්වය : රද්දොළුගම 3-ඩී-17 කහඳ මහත්මයා සහ මහත්මිය, රාත්‍රී විදුලි ලෝක පූජාව.


බොරැල්ල ගෝතමි විහාරය

පෙරවරු 6.30 - සීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ අනුශාසනාව – ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 – භාවනාව - ආටිගල අමිතදේව හිමි,10.00 ධර්ම දේශනාව - ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිස්සමහාරාමයේ නන්දවිමල හිමි, 11.00 සම්බුද්ධ පූජාව, පස්වරු 1.30 - ධර්මදේශනාව - ශාස්ත්‍රපති මුරුතවෙල සීවලී හිමි, 3.00 ධර්මදේශනාව - පණ්ඩිත අම්බුලුගල සුමංගල හිමි, 4.30 - කාව්‍ය ධර්මදේශනාව සහ අටවිසි බුද්ධ පූජාව - කාව්‍ය ශ්‍රී රාජකීය පණ්ඩිත වෙරලුගොල්ලේ උදයනන්ද හිමි


පන්නල ශ්‍රී සුනන්දාරාමය

පන්නල, තලම්මැහැර ශී‍්‍ර සුනන්දාරාම පොසොන් දන්සල් කමිටුව වාර්ෂිකව දෙනු ලබන බත් දන්සල ජුනි 01 සහ 02 දිනවල ඓතිහාසික මිරිසවැටිය දාගැබ අසලදී පැවැත්වේ. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන, විහාරාධිකාරි ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ පොසොන් දන්සල් කමිටුව, දායක සභාව මෙම දන්සල සංවිධානය කර ඇත.


අනුරාධපුර සදහම් සෙවණ

අනුරාධපුර සදහම් සෙවණ ජුනි මස 02 දිනට යෙදෙන පොසොන් පුන් පොහෝ දින අනුරාධපුර වේළුවනගම අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් පැවැත්වේ. මෙම පොසොන් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා ධර්ම සාකච්ඡා , භාවනා සහ බුද්ධ පූජාද ඇතුළත් වේ.

අනුරාධපුර සදහම් සෙවණ පුන් පොහොය වැඩසටහන මඟින් අරඹන ලද අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසල් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ පස්වැනි අදියර පොසොන් පුන්පොහෝ දින අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී ඇරැඹෙයි. මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසලක පුස්තකාලය සඳහා අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමනු ලැබේ’. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරය

ශ්‍රී ජයවර්ධනපුර කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරාධිපති දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමියන්ගේ අනුශාසනයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. උදේ 6 ට සිල්සමාදන් කිරීම වැදිගම සිරි විමල හිමි, 6.30 ට බුද්ධ පූජාව, පෙරවරු 8 ට දම්දෙසුම දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමි, 9.30 ට ධර්ම දේශනාව නුවර චන්දරතන හිමි, 11.30 ට භාවනාව, දවල් 11 ට සර්වඥ ධාතු පූජාව හා බුද්ධ පූජාව පස්වරු 1 ට සමූහ පිරිත් දේශනය, 1.30 ට ධර්ම සාකච්ඡාව වී. ජී. අයි. එල්. විතාන මහත්මිය, 2 ට දම්දෙසුම දර්ශනපති වේරගම්වෙල සීලානන්ද හිමි, 3 ට ධර්ම දේශනාව රිදීබැඳිඇල්ලේ පඤ්ඤාසාර හිමි, 5 ට රමේෂ් මහතාගේ බෞද්ධ කතාව, රාත්‍රී 7 ට අටවිසි බුද්ධ පූජාව හා සර්වඥ ධාතු පූජාව සහිත බෝධි පූජාව.


මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාමය

අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරස්ථානයේදී පොසොන් පුන් පෝදා චෛත්‍ය පුජා බෝධි පූජා සම්බුද්ධ පූජා සීවලී පූජා සහ සීල භාවනා ධර්මදේශනා ආදි ආගමික වැඩසටහන් රැසකි. එදින සවස 4.00 ට විහාරාධිපති, අලව්ව දකුණ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උපලේඛකාධිකාරි ධර්මාචාර්ය තෙලිකඩ ධම්මිස්සර හිමි විසින් චුල්ලහත්ථි පදෝපම සූත්‍රය මාතෘකා කොට පවත්වන ධර්ම දේශනාවක්ද ඊට ඇතුළත්ය.


බියගම පුණ්‍යවර්ධනාරාමය

පසොන්පුර පසළොස්වක පොහොය නිමිතිකරගෙන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ආදී වැඩසටහන් රැසක් දවසපුරා බියගම පුණ්‍යවර්ධනාරාමයේදී පැවැත්වේ. විහාරස්ථ මූලිකත්වයෙන් මෙවර පැවැත්වෙන පොසොන් කලාපයෙහි කේශධාතු ප්‍රදර්ශනය, තොරණ, පොසොන් කූඩු ආදී විවිධ අංග රැසක් රජය, සහ දහම් පාසල් දරු දැරියන් සහ ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වේ.


අනුරාධපුර ලංකාරාමය

අනුරාධපුර ලංකාරාමාධිකාරි උතුරුමධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුරාධපුර ශාඛාවේ කළමණාකාර රංග ජයවර්ධන මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් ලංකාරාම චෛත්‍යරාජයන් සහ අවට විදුලි බුබුළුවලින් සැරසීම හා කප්රුක් පූජාවද, පළමුවෙනි දින ගිලන්පස පූජාවද එළිවිල, මාකඳුරගම්වාසීන් ඇතුළු අවටගම්වාසීන් පවත්වනු ලබන බත් දන්සැලද, මැලිබන් ආයතනය, පවත්වනු ලබන මැලිබන් බිස්කට් දන්සැලද, මීවිටි ගම්වාසින් විසින් පවත්වන සව් දන්සැලද, දඹුල්ල ගම්වාසින්ගේ කෝපි දන්සලද, බණ්ඩාර බුලංකුලම පිරිසක් පවත්වන ඔසු දන්සලක්ද වේ.


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

ජුනි මස 02 වන දින දවස පුරා සීලභාවනා වැඩසටහන් පැවැත්වීමට විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි උපදෙස් පරිදි විහාරස්ථ බෞද්ධාරක්ෂක සභාවට අනුබද්ධ වීතදෝෂි සමීතිය මගින් සංවිධානය කටයුතු යොදා ඇත.

සුපුරුදු පරිදි වැඩසටහන් සඳහා ගිහි පැවිදි සම්භාවනීය දේශක පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.මෙදින පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කථිකාචාර්ය බන්දුල අත්තනායක මහතා සහභාගිවේ. පෝය නිමිතතෙන් විහාරස්ථ ශ්‍රී ධර්මාශෝක ධර්ම විද්‍යාලය මගින් 07 වන දින මිහිඳු මහ පෙරහැරක් සංවිධානය කොට ඇත.

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]