UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දඩලුපරම්පරායත්ත අමරපුර සිරිසුමන නිකායේ උපසම්පදා විනය කර්මය

දඩලුපරම්පරායත්ත අමරපුර සිරිසුමන නිකායේ උපසම්පදා විනය කර්මය

දඩලුපරම්පරායත්ත අමරපුර සිරිසුමන මහා නිකායේ මහා නායක ශාස්ත්‍ර විශාරද පණ්ඩිත මාතර විමලරතනාභිධාන මහානා හිමියන්ගේ මහෝපාධ්‍යාත්වයෙන් 2015 උපසම්පදා විනය කර්මයද සිරිසුමන කාරක මහා සංඝ සභාවේ රැස්වීමද 2015 ජූලි මස 25 සෙනසුරාදා පන්නිපිටිය ශී‍්‍ර දෙව්රම් මහා විහාරාධිපති ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල වැඩ බලන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන සංවිධානත්වයෙන් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථානයේදි පැවැත්වීමට ජාත්‍යන්තර බුදුමග සංවිධානය සියලු කටයුතු සංවිධානය කර ඇත.

එබැවින් උපසම්පදා අපේක්ෂක සාමණේරයන් වහන්සේලා උපසම්පදා අපේක්ෂා අයදුම්පත සම්පූර්ණ කර 2015 ජුනි මස 05 දිනට පෙර ලැබෙන්නට සලස්වන ලේඛකාධිකාරී හිමියෝ මෙන් දන්වා සිටී.

2015 ජුලි මස 24 දින උපසම්පදා අපේක්ෂකයන් වහන්සේලා වෙනුවෙන් ලිඛිත සහ වාචික පරික්ෂණයක් පැවැත්වීමට අප්කේෂිතයි. 2015 ජූලි මස 25 වන දින පෙ.ව. 7.30 ට සිරි සුමන කාරක මහා සංඝ සභාවේ රැස්වීම ද පැවැත්වෙන බැවින් කාරක සංඝ සභික නායක ස්වාමින් වහන්සේලා 2015.07.24 දින පස්වරුවේ නේවාසිකව විසීමට වැඩම කරන මෙන්ද ආරාධනා කරමි. උපසම්පදා පේක්ෂක සාමණේර ස්වාමින් වහන්සේලා 2015 ජූලි මස 24 දින පෙරවරුවේ ශි‍්‍ර දෙව්රම් මහා විහාරස්ථානයට වැඩම කරන මෙන්ද දන්වා සිටිමි.

 

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]