UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණට 50 යි

බුදුසරණට 50 යි

හැම මොහොතෙම වගේ අරගෙන බොදු පාට
ලැබගත් නිතෝරම ජනතාවගෙ පීට
ජුනි මාසයේ එන දහතුන් වැනි දාට
“බුදුසරණ”ට පනහ පිරේ එය සතුටකි ජනයාට

පෝයට පොසොන් එන පිරිසට කියවන්න
පත්තරයක් දෙමුයි කී අදහස දුන්න
රංජිත් විජයවර්ධන මැති අපි දන්න
කී අදහසින් විය “බුදුසරණක්” එන්න

පියසෙන් නිස්සංක මුල් කතුමැතිඳු වෙලා
මේ පත්තරෙන් රටටම සේවයක් කළා
දැන් ඇත එයට අඩ සිය වස සපිරි වෙලා
ඒ ගැන සතුටු වෙමු අප හැම එකතු වෙලා

කිසි ලාබයක් බුදුසරණින් නොගෙන එදා
ඇරඹු “බුදුසරණ” අපේ බොදුවනට බෙදා
ගත් අය නිසා මේ පත්තරෙ ඉවත නොදා
අවුරුදු පනහ ඇත පිරිලා දිනට මෙදා

සීසර් අපේ දැන් එහි කතුමැතිඳු විසින්
එය දියුණුවට ගෙන ආ බව කියමි තොසින්
දහ අට වසරක්ම කත්තුරු මැතිඳු ලෙසින්
සිටියෙමි මමත් එය පවසමි සරල බසින්

ජාතියෙ පහන් ටැඹ ලෙස හද එළි කරන
බොදුනගෙ යහපතට නිතරම වැඩ කරන
ලෝ සතහට ලබා දෙන්නට ගුණ බරණ
තව සිය වසක් වැජඹේවා’ බුදුසරණ

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]