UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතුල්පව්ව රාජ මහා විහාරය

 සිතුල්පව්ව රාජ මහා විහාරය

රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය අවු. 2200 ක් තරම් පැරණිය. රහතන් වහන්සේලා දොළොස් දහසක් වැඩ සිටි උතුම් පුණ්‍ය භූමියකි. රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් පුද ලැබු රමණීය සිද්ධස්ථානයකි. මෙහි වාර්ෂික පොසොන් පූජෝත්සවය ජුනි මස 01,02,03 යන දිනයන්හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සහභාගි වන මෙම ආගමික මහෝත්සවය සදහා මේවන විට අවශ්‍ය සංවිධාන කටයුතු මැනවින් සම්පූර්ණ වෙමින් පවතී. මහා සිතුල්පව්ව ආලෝක පූජාවත්, කුඩා සිතුල්පව්ව ආලෝක පූජාවත්, මගුල් මහා විහාරයේ අලෝක පූජාවත්, දර්ශනීය අයුරින් සිදු කිරීමට සූදානම් ව ඇත.

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය, ගාල්ල යටගල රාජමහා විහාරය ප්‍රධාන අෂ්ඨ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමියන්ගේ සහ දායක සභාවේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හා දායක සභාවේ අනුශාසක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතාගේ අනුශාසනා පරිදි සිදුකරනු ලබන මෙම උත්සවයේදි දායක සභාවේ’ උප සභාපති දිවයින උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මික ආටිගල මහතාගේ අනුග්‍රාහක දායකත්වයෙන් මහා සෑ රඳුන්ගේ ආලෝක පූජාවත්, මාතලේ ඩයනා බිස්කට් ආයතනාධිපති ආර්. මඩුගල්ල මහතාගේ දායකත්වයෙන් කුඩා සිතුල්පව්ව ආලෝක පූජාවත්, බත්තරමුල්ල මාලඹේ” උද්‍යාන පෙදෙසේ ඒ.ච්.ඕ සේනාගම මහතාගේ දායකත්වයෙන් මගුල් මහා විහාර ආලෝක පූජාවත් සහ එම දිනයන්හිදි පැවැත්වෙන ආගමික හා ප්‍රතිපත්ති පූජාමය අවස්ථාවන්ට එක්වන ලෙස ඔබ සැමට ආරාධනා කරයි.

පොසොන් පෝය දිනට පෙර දින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳපුදා ගැනීමට ප්‍රදර්ශනය කෙරේ. රාත්‍රී සැ මළුවේ ධම්මචක්කප්පවත්වන සූත්‍ර දේශනාව පැවැත්වේ. පොසොන් පුර පොහෝ දින සුවිශේෂි ආගමික වැඩසටහන් රැසකි. සීල , සමාදාන, බුද්ධපූජා, බෝධිපූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා , භාවනා වැඩසටහන්, ජාතක දේශනා, අටවිසි බුද්ධ පූජා , සර්වරාත්‍රික පරිත්‍රාන දේශනාව ආදී ආගමික වතාවත් හා අධ්‍යාත්මික සුවය කරා ලක්වන වැඩසටහන් ක්‍රියාත්මක වේ. ජාතික රූපවාහිනී සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වෙළෙඳ සේවය මගින් සජීවිව සියලු වැඩසටහන් විකාශනය කරනු ලැබේ.

පොසොන් පූජෝත්සවය සදහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට රජය වෙනුවෙන් හම්බන්තොට මහ දිසාපතිතුමා , තිස්සමහාරාම ප්‍රාදේශීය උපදිසාපති ප්‍රධාන රාජ්‍ය ආයතන හා අනුග්‍රාහක ආයතන, පෞද්ගලික ආයතනත් පරිත්‍යාගශීලින්ගේත් නොමද සහය සැලසී ඇති අතර අවශ්‍ය සියලු ආරක්ෂාව පොලීසිය. ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක අංශය, යාල වනජීවි දෙපාර්තමේන්තුව ආදිය මගින් මැනවින් සැලසුම් කොට ඇත.

සිතුල්පව්ව පුදබිමට පැමිණෙන අති විශාල මහජනතාව සඳහා ආහාරපාන හා දානමය පහසුකම් සැලසීමට දන්සැල් රැසක් සංවිධානය වී ඇත. පානීය ජලය, නවාතැන්, ගමනාගමන, සෞඛ්‍ය පහසුකම්, ප්‍රථමාධාර ආදි අවශ්‍යතා සියල්ල සංවිධානය වී ඇත. යෝධකණ්ඩියේ සිට සිතුල්පව්ව දක්වා මාර්ගය සහ කතරගම සිට සිතුල්පව්ව දක්වා මාර්ගය දකුණු පළාත් සභාව මගින් හා මහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මැනවින් අලුත්වැඩියා කර ඇත.

පොහොය දින සර්ව රාත්‍රික පරිත්‍රාන දේශනාව රටවාසී සැමට සෙත් පැතීම සහ රට වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට හා පොලිස් ආරක්ෂක සහ සිවිල් ආරක්ෂක පිරිසට පින් පැමිණවීමත් සිදුකරනු ලැබේ..

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]