UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන්

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන්

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර දින පහක් පුරා පැවැත්වේ. ලංකා විදුලිබල මණ්ඩලය ඊට සම අනුග්‍රහය දක්වයි.

මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පවත්වනුයේ 53 වැනි වරටය. මිහින්තලා රජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර ආලෝක පූජාව මැයි 30 වනදා සිට ජූනි මස 03 වන දා දක්වා පැවැත්වේ. අබාන්ස් ආයතනය, ලංකා බැංකුව සහ ඩයලොග් සමාගම ද ආලෝක පූජාවට අනුග්‍රහය දක්වන අතර ස්වාධීන රූපවාහිනිය, සහ ලක්හඬ ගුවන් විදුලිය, විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වයි.

මැයි මස 30 වන දා පස්වරු 6ට විදුලි ආලෝක පූජාව බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී. හැරිසන් යන මහත්වරු සහ උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු පළාත් සභා අමාත්‍යවරුන් සහ ලංකා බැංකුවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයද ඊට එක්වෙයි.

මැයි 31 වන දා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රධාන අනුරාධපුර දිසාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වේ.

ජූනි 01 වන දා මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, විදුලිබල රාජ්‍ය අමාත්‍ය පාලිත රංග බණ්ඩාර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහත්වරු සහ විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමන් හා සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. 01 වන දා වාර්ෂික මිහිඳු පෙරහර වීදි සංචාරය කෙරේ.

ජූනි 02 වන දා මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත ශාන්ත බණ්ඩාර මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ. 02 වන දා (පොසොන් පෝදා)මිහින්තලා පුදබිමේ දී සීල සමාදාන, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී ආගමික වැඩසටහන් ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම අනුග්‍රහයෙන් සිදු කෙරේ. ජූනි 03 වන දා ආලෝක පූජාව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හා අනුරාධපුර දිසාවේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

සේල චෛත්‍යයේ සායම් කිරීම ඩයලොග් සමාගම අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකායේ ශ්‍රමදායකත්වයෙන් සිදු කෙරිණි.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ බුදුසරණ පුවත්පත මෙහෙයවන දීප ව්‍යාප්ත රචනා තරගයේ සහ උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසුන් උදෙසා පැවැති කථික තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග හා සහතික පත් ප්‍රදානය ද 03 වන දා පැවැත්වේ. ඊට අදාළ තිළිණ පත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් පිරිනැමෙන අතර ඩී.ආර්.විජයවර්ධන අනුස්මරණ කුසලානය සහ පියසේන නිශ්ශංක, කුසලානය හා “බුදුසරණ” සම්මානය වාර්ෂිකව ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් පිරිනමනු ලැබේ. වටිනා සහතිකපත් ද පිරිනැමේ.

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]