UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව

මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව

සම අනුග්‍රහය ලංකා විදුලි බල මණ්ඩලය

වන අකුලින් වැසී ගිය පිය ගැට පෙළත් ඒ අවට පුදබිමත් පව්ව දක්වාම එළි පෙහෙළි වන්නට විය. පොසොන් සඳ කිරණ ඉක්මවා නගන ඝන අඳුර සිසාරා ලේක්හවුස් - මිහින්තලා ආලෝක පූජාවෙන් පව්ව දක්වාම ඒකාලෝක විය. වන්දනාකරුවන්ගේ සිතෙහි රැඳී සිහිනය සැබෑ වෙද්දී ඔවුන්ගේ මුවෙන් නැඟුණු සාධු නාදයෙන් නිසල වා තලය රැව් පිළිරැව් දෙන්නට විය. අද මෙන් විදුලි රැහැන් නොතිබුණු එදා යුගයේ සුළං මෝල් භාවිතයෙන් ලේක්හවුස් - මිහින්තලා ආලෝක පූජාවේ මූලාරම්භය සිදු වූයේ මෙයට පනස් තුන් වසරකට පෙරය.

අපට අභිමානවත් ශිෂ්ටාචාරවත් ගමන් මඟක ශ්‍රේෂ්ඨ පුරවැසියන් වීමට මූලික අඩිතාලම වැටුණේ ශී‍්‍ර බුද්ධ වර්ෂ 236 දී උදාවු පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

සම්මා සම්බුදු පහසින් තෙවරක්ම පිවිතුරු වූ ලක්දිව් තලයෙහි සතර දිගන්තය පුරා සදහම් අමා ගඟුල ගලා යවමින් අනුබුදු මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිස මිහින්තලාව නම් වූ උස් වූ කදු මුඳුනට වැඩම කළහ.

මේ නිසාම ලෝක බෞද්ධ ජනතාව ගේ පරම පූජනීය පුදසුන බවට පත්වු මිස්සක පව්ව ලක්දිව බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය බවටද පත්විය. මේ නිකැළැල් තපෝ භූමියෙහි උස් වු ගිරි ශිඛර මෙන්ම අඳුරු ලෙන්කුටි බිහිසුණු සතා සිවුපාවුන්ට කදිම වාසභූමියක් වී පැවැතිණි.

එදා අපේ මුතුන් මිත්තන් මේ ගිරි ශිඛරය තරණය කළේ තම දේපළ වස්තුවද දූ දරුවන්ට පවරා දී නැවත නොඑන ගමනක් යන්නා සේය.

ඔවුහු අඳුරු රාත්‍රියේම කැකුණ පන්දම් එළි වාරුවෙන්, තුන්සරණේ කවිවල සවියෙන් මිහින්තලාව තරණය කරන්නට ඇත්තේ බැතියෙන් නැහැවෙනා හදවතට සුවයක් ගෙන ආ බැවිනි. මෙසේ අපමණ වූ දුෂ්කරතා මධ්‍යයේ පව්ව වෙත පියමන් කරනා සැදැහැවතුන්ගේ දුක, කඳුළ වටහා ගනිමින් ඇතැම් දානපතියන්ගේ කාරුණික හදවත සසල විය.

වන අකුලින් වැසී ගිය පිය ගැට පෙළත් ඒ අවට පුදබිමත් පව්ව දක්වාම එළි පෙහෙළි වන්නට විය. පොසොන් සඳකිරණ ඉක්මවා නගන ඝන අඳුර සිසාරා ලේක්හවුස්-මිහින්තලා ආලෝක පූජාවෙන් පව්ව දක්වාම ඒකාලෝක විය.

වන්දනාකරුවන්ගේ සිතෙහි රැඳී සිහිනය සැබෑ වෙද්දී ඔවුන්ගේ මුවෙන් නැඟුණු සාධු නාදයෙන් නිසල වා තලය රැව් පිළිරැව් දෙන්නට විය.

අද මෙන් විදුලි රැහැන් නොතිබුණු එදා යුගයේ සුළං මෝල් භාවිතයෙන් ලේක්හවුස් -මිහින්තලා ආලෝක පූජාවේ මූලාරම්භය සිදු වූයේ මෙයට පනස් තුන් වසරකට පෙරය.

පත්තර මහගෙදර ආදිකර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සංකල්පය ඵල දරමින් එවකට සිටි සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ සුරතින් පව්ව දක්වාම ඒකාලෝක විය.

මෙසේ ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ අසිරිය රට පුරා දිනෙන් දිනපතල වෙද්දී පව්ව වෙත ඇදෙනා වන්දනා කරුවෝ බහුල වූහ.

ආලෝක පූජාවෙන් නොනැවතුණු පත්තර මහගෙදර පින්බර කර්තව්‍ය තවත් පුළුල් වෙමින් දැයේ දූ දරුවන්ගේ නැණ පහන් දැල්වීය.ආලෝක පූජාවේ ආලෝකයත් සමඟම 1965 දී එළිදකින “බුදුසරණ” සදහම් පුවත්පත මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ රතනපාල රතනජෝති නා හිමියන්ට පිළිගැන්වීම සදානුස්මරණීය සිදුවීමකි. මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර දිනපහක් පුරා ආලෝක පූජාව සිදුකිරීමත්, “බුදුසරණ” පුවත්පතට මෙම වසරේදි පනස්වසරක් සැපිරීමද විශේෂිතය.


මිහින්තලා - ලේක්හවුස් පළමු ආලෝක පූජාව විවෘත වූ දා...

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහය ලබාදීමද සුවිශේෂී පින්කමකි. මිහින්තලා ආලෝක භාරය ඇරැඹුණේද විහාරාධිපති නා හිමියන්ගේ නොමද වීර්යය නිසාය. 1989 දී ප්‍රදේශයේ දහම් පාසල් හා පාසල් දරු දැරියන් 125 දෙනකුගේ සහභාගිත්වයෙන් මිහින්තලා පුදබිමේදි ශීල සමාදාන වැඩසටහනක් ඇරැඹිණි. උවසු උවැසියන්ට අවශ්‍ය සිල්රෙදි ප්‍රදානය හා උදේ දහවල් දාන මාන සැපයීම මෙහිදී සිදු කෙරිණි.

මෙහි ඇරැඹූ දෙවන අදියර වූයේ උතුරු මැද පළාතේ පාසල් හා දහම්පාසල් දූ දරුවන් සඳහා කථික තරග පැවැත්වීමය.

තෙවනුව සමස්ත ලංකා රචනා, තරග සංවිධානය කිරීමත් ‘දිනමිණ හා බුදුසරණ” පුවත්පත්වල දායකත්වයෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදු විය. මේ සඳහා දිගු කාලීනව ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් තිළිණ පිරිනැමීමට ලබාදෙන නොමද සහාය පැසසිය යුතුය. මිහින්තලේ කම්මලක්කුලම විදුහලට විද්‍යාගාරයක් පරිත්‍යාග කිරීමත් එම ගම්මානය විදුලිපහන් ආලෝකයෙන් ඒකාලෝක කිරීමත් විශේෂිත වු පින්කම්ය. මිහින්තලා මහා විද්‍යාලයට දිනමිණ, බුදුසරණ අංග සම්පූර්ණ පුස්තකාල ගොඩනැගිල්ලක් පරිත්‍යාග කිරීමද මිහින්තලා කනිටු විදුහල ට දන්ත චිකිත්සාගාරයක් ලබා දීමද සිදු කෙරිණි.කුරුන්දන්කුලම විදුහලට කාර්මික වැඩපොළක්ද කටුපොත ගම්මානයේ පෙර පාසලක් අරඹා එහි පාලනයට අවශ්‍ය විධි විධාන යෙදවීමද සිදුකළ තවත් කාර්යන්ය. එමෙන්ම වසරක් පුරා සිදු කරන පොසොන් ධර්ම දේශනා මාලාව තවත් පින්කමකි. විහාරස්ථානයට අයත් වූ මිහිඳු පිළිරුවත් එහි මැඳුරත් ප්‍රතිසංස්කරණය කිරීමද සිදු විය.

මිහින්තලා මහා විද්‍යාලයේ දරු දැරියන් ගේ තාක්ෂණ දැනුම දියුණුවට පරිගණක මධ්‍යස්ථානයක් ඉදිකරවා අවශ්‍ය පරිගණක පරිත්‍යාගයත්, විදුලි බල පහසුකම් ලබා දීමටත් මිහින්තලා ආලෝක භාරයට හැකිවිය. එහි විශේෂිත ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලින්ගේ දායකත්වයෙන් මිහින්තලා විද්‍යාලය නවීක-රණයද සිදු කෙරිණි.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලිබල පද්ධතිය නවීකරණයෙන් පසුව නව භූගත විදුලිබල පද්ධතියකින් පුද බිම ඒකාලෝක කරවීය.

මෙසේ විටින් විට මිහින්තලා පුදබිමත් ඒ අවට සොඳුරු පරිසරයත් සුරැකෙනා ලෙසින් සිදු කළ විවිධ සංවර්ධන කටයුතු ද පැසසිය යුතුය. මිහින්තලා – ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් ප්‍රදේශයේ සිදු කළ සහ දැනුදු පත්තර මහ ගෙදර මඟින් වසරින් වසර සිදු කෙරෙන පින්බර කර්තව්‍යය සුවිශේෂිය.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට මෙවර දායකත්වය ලබාදෙන රාජ්‍ය හා පෞද්ගලික ආයතයන්ගෙන් ලැබෙන පිටිවහල ඉමහත්ය. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා ප්‍රධාන ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි , නීති හා පරිපාලන අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස්, මූල්‍ය අධ්‍යක්ෂ එමරික් ප්‍රනාන්දු මහත්වරුන්ගේ සහායත් ආලෝක පූජාවට සම අනුග්‍රහය ලබාදෙන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. ඩී.ඒ. එස්. විජයපාල මහතා ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සහායත් පැසසිය යුතුයි. එමෙන්ම අබාන්ස් ආයතනය, ස්වාධීන රූපවාහිනි සේවය, ඩයලොග් ආයතනය සහ ලංකා බැංකුවේ සහ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ සහායද අගනේය.

මිහින්තලා – ලේක්හවුස් ආලෝක පූජාව දින පහක් පුරා මෙවර පැවැත්වීමත්, ආලෝක පූජාවට සමගාමීව 1965 වසරේදී ඇරැඹුණු ‘බුදුසරණ” සදහම් පුවත්පතට පනස්වසරක් සැපිරීමත් මෙවර සිදුවන සුවිශේෂී සංසිද්ධීන්ය.

මිහින්තලාවෙන් පැතිරුණු සදහම් ආලෝකයේ අසිරියෙන් අප මව්බිම ඒකාලෝක වී තිබෙන තුරා මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාවටත් පනස් වසක් සපුරන බුදුසරණ සදහම් පුවත්පතටත් දීර්ඝායු වේවා!

 

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]