UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහවෙල ශ්‍රී රතනපාල දහම් පාසල

මහවෙල ශ්‍රී රතනපාල දහම් පාසල


ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය

දරු දැරියන් ආගමික වතාවත්වල නියැළෙන අයුරු.

දරු දැරියන් බෝ මළුව අසල රැස්වීමකට සහභාගි වී ඇති අයුරු.

ඓතිහාසික මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරන ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් ගලේවෙල මාතලේ මාර්ගයේ මහවෙල ග්‍රාමය කේන්ද්‍රීය කරගෙන ශ්‍රී සුදර්ශනාරාම පොත්ගුල් විහාරස්ථ ශ්‍රී රතනපාල දහම් පාසල සතර පේරුවේ දායක කාරකාදීන්ගේ දූ දරුවන්ගේ දහම් දැනුම වඩා වර්ධනය කරන ක්ෂේම භූමියක් බඳුය.

පෞරාණික විහාරංගයන්ගෙන් සමලංකෘත වූ සුදර්ශනාරාම විහාරය ඉපැරැණි ඉතිහාසයකට හිමිකම් කියයි. සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වය හා බැඳුණු මේ විහාරස්ථානය මහනුවර යුගය තෙක් දිවයයි.

මෙහි ආරම්භක සඟ පරපුර මාතලේ දිසාව නියෝජනය කළ බවට පිළිගැනීමට පුළුවනි.

ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ ශ්‍රී රතන දහම් පාසල 1972 දී පමණ එවකට විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ විනයාචාර්ය මොරතියේ රතනපාල හිමියන් විසින් ආරම්භ කරන ලදී.

එදා උන්වහන්සේ සිසුන් පන්සීයකින් පමණ ආරම්භ කළ රතනපාල දහම් පාසලේ අද සිසුන් හය සීයක් හත්සීයක් පමණ දහම් අධ්‍යාපනය ලබන බව වත්මන් විහාරාධිපති හා දහම් පාසලේ ප්‍රධානාචාර්ය මානෑවේ වජිර බුද්ධි හිමියෝ බුදුසරණට පැවසූහ.

උප ප්‍රධානාචාර්ය ධුරය ජේ.ජේ.අජිත් ජයවීර මහතා උසුලන අතර ඊට අමතරව දහම් පාසලේ දියුණුව අපේක්ෂාවෙන් පළපුරුදු ගුරුවරු විස්සක් පමණ ස්වේච්ඡාවෙන් සේවය කරති.

පළමු ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන ධර්මාචාර්ය ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතුවල නියැළී සිටින දරු දැරියන්ගේ ධර්මඤාණයට අමතර සහජ කුසලතාවයන් ඔසවා තැබීම සඳහා විවිධ තරග ඉසව් වරින්වර පැවැත්වේ.

ඒ සඳහා දහම් පාසල් ශිෂ්‍ය සංගමය විශාල පිටිවහලක් වේ. විවිධ ඉසව් ඔස්සේ දහම් දැනුම, කවි, ගීත ගායනා, කථික, රචනා තරඟ සඳහා ප්‍රාදේශීය දිස්ත්‍රික් හා සමස්ත ලංකා ආදි වශයෙන් ඉදිරිපත්වූ වාර ගණන අපමණය.

එයින් ජය ලැබූ දක්ෂ දරු දැරියෝ මේ අතර සිටිති.

දිනෙන් දින දහම් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වන නිසා සිසු දරු දැරියන් ගේ අධ්‍යයන කටයුතු සඳහා පහසුකම් සහිත ධර්මශාලාවක් අහිමිවීම බලවත් අඩුපාඩුවක් වේ.

එම අඩුපාඩුව සපුරා ලීම සඳහා වත්මන් විහාරාධිපති මානෑවේ වජිර බුද්ධි හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි විහාරස්ථදායක සභාව එක්ව ඉදිකිරීමට යෝජිත දෙමහල් ගොඩනැගිල්ල සඳහා අපවත්වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී රතනපාල දම්මදස්සී බුද්ධරක්ඛිතාභිධාන මහා නාහිමියන් අතින් ඉකුත් ජනවාරි මස 23 දා මුල්ගල් තබන ලදහ. ඉදිකිරීමට යෝජිත දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලය ධම්මපද විහාරය නමින් නම් කිරීමට යෝජිතයි. එහි ධම්මපද ගාථා ආශ්‍රයෙන් බිතුසිතුවම් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

බොදු බැතිමතුන්ගේ මුදුන් මල්කඩක් බඳු විහාරස්ථාන ආරක්ෂා කර අනාගත පරපුරට බාරදීම සිංහල බෞද්ධයාට පැවැරී ඇති සුවිශේෂ වගකීමක් සේ. පෙන්වාදීමට කැමැතිය.

 

 

 

 

 

  වෙසක් අව අටවක පෝය

වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 11 වැනිදාය.

 මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]