UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශී‍්‍ර දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය මේ මස 6 වෙනිදාට යෙදෙන පසළොස්වක පෝදා චාරිත්‍රානුකූලව පැවැත්වේ. මෙදින රාත්‍රි කාර්තික මංගල්‍යය පෙරහර පැවැත්වෙන අතර පහන් පුජාවට අවශ්‍ය තෙල් මහනුවර නාථ දේවාල භූමියේදි බෙදාදීම පෝයට පෙරදින සවස සිදු කෙරේ.

ඉතිරිය»

මෙත් බෝසත් විවරණය සිදු වු ඉල් පොහොය

ඉල් පුර පසළොස්වක පොහොය දිනය වස්සාන ඍතුවේ අවසාන දිනයයි. සම්බුද්ධ ශාසන ඉතිහාසය දෙස විමසා බැලීමේදී ඓතිහාසික ශාසනික සිදුවීම් කිහිපයකට මුල් වූ දිනයක් ලෙස ඉල්පොහොය දිනය හඳුන්වා දිය හැකිය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිතේ ප්‍රබලත්වය

‘චිත්තං කීවේ සිතටයි. සිත ගැන බුදු පියාණන් වහන්සේ හැර ලෝකයේ කිසිකෙනෙක් තාම අත ගැහුවේ නෑ. අත ගහලා බේරෙන්නත් බෑ. ඒ සිත ඒ තරම් ගැඹුරුයි. ඒ තරම් සියුම්. ඒතරම් ප්‍රණීතයි. එතරම් ශ්‍රේෂ්ඨ දෙයක් මේ ලෝක ධාතුවේ නැහැ. මගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ තමයි සිත පිළිබඳ ඇත්ත ඇති සැටියෙන්ම ධර්මයෙහි හරියට විග්‍රහ කළේ.එනිසා පින්වතුනි, බෞද්ධ ශ්‍රාවකයන් වූ ශ්‍රාවිකාවන් වූ මේ අප හැම දෙනාම ඒ මාගේ ධර්මස්වාමි වූ අමාමෑණියන් වහන්සේ මෙන්න මේ සිත ගැන විග්‍රහ කරන විදිය ඉහත ගාථාවෙන් පෙන්වා වදාළා.

ඉතිරිය»

ධාතු නිධානෝත්සවය 23 වන දා සිදුකෙරෙන අනුරාධපුර සඳහිරු සෑය

සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමේ දී ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව සිදුකෙරේ. ශාරීරික, පාරිභෝගික හා උද්දේසික වශයෙන් එම ත්‍රිවිධ චෛත්‍ය නම් කරනු ලැබේ. ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේදීම උන්වහන්සේගෙන් ලබාගත් කේශධාතුන් වහන්සේ තැන්පත් කර ධාතු ස්ථූප කරවා වන්දනා කළ අයුරු පැහැදිලි වේ. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ආදාහනය සිදු කළ අවස්ථාවේදී ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා ලබාගෙන චෛත්‍ය කරවා පූජෝපහාර දැක්වූහ. එසේ උන්වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඉදි කරවන ලද චෛත්‍යය ශාරීරික චෛත්‍යය වේ.

ඉතිරිය»

 

ප්‍රථම රහතන්වහන්සේ සැටනම ධර්ම ප්‍රචාරය සදහා ගමනාරම්භ කිරීම සිතුවම - සරත් නන්ද කුමාර

 

 ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.37 ට ලබයි. 07 වැනිදා සිකුරාදා පූර්වභාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]