UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සත්තභරියා සූත්‍රය

සත්තභරියා සූත්‍රය

මෙම ලිපියේ පළමු කොටස වප් පුර පසළොස්වක පත්‍රයේ පළවිය.

මාතෘසම භාර්යාව

මීළඟට බුදුරජාණන් වහන්සේ සුබවාදී ගණයට වැටෙන භාර්යාවරුන් සිවු දෙනෙකු ගැන මේ සූත්‍රයේදී ඉදිරිපත් කරනවා. මෙයින් පළමුවෙන්ම පෙන්වා දී ඇත්තේ “මාතෘසම භරියා” ගණයට වැටෙන බිරින්දෑවරුන්ය. මේ භාර්යාවගේ මූලික පැහැදිලි ලක්ෂණය වන්නේ හරියට භාර්යාව තම ස්වාමිපුරුෂයා පිළිබඳ තම දරුවෙකුට මෙන් පේ‍්‍රමභරිතව ක්‍රියා කිරීමයි. ඇය හැම විටම තම ස්වාමිපුරුෂයා පිළිබඳව අනුකම්පා සහගත දයාවකින් යුක්තව ක්‍රියා කරනවා. එපමණක් නොව ස්වාමිපුරුෂයා විසින් හරිහම්බ කරන වස්තුව ධනයද පරපුරෙන් ලැබුණු දායාද ආදිය ද මැනවින් අරපරෙස්සමින් රකිමින් ක්‍රියා කරනවා . එමෙන්ම අම්මා කෙනෙකු දරුවෙකු රැකබලා ගන්නා ආකාරයෙන් ස්වාමිපුරුෂයා පිළිබඳ ආරක්ෂකයෙක් මෙන්ද ක්‍රියා කරනවා.

භගිනිසම භාර්යාව

මෙයට පසුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ “භගිනිභරියා” ගණයට වැටෙන භාර්යාවකි. ඇය ස්වාමිපුරුෂයා පිළිබඳව බාල සහෝදරිය මෙන් ක්‍රියා කරනවා ස්වාමිපුරුෂයා වැඩිමහල් සහෝදරයෙකු වගේ කියන හැඟීමෙන් ක්‍රියා කිරීම මෙහි අදහස් වෙනවා. ඒ අනුව කිසි විටෙක නො ගැළපෙන, ලජ්ජා භය නැති වචන භාවිතා කරමින් කථා කරන්නේ නැහැ. තම ස්වාමිපුුරුෂයා කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බවක් දක්වනවා. වගේම ප්‍රසිද්ධ පි‍්‍රයසම්භාෂණ වැනි අවස්ථාවලදී ස්වාමිපුරුෂයාට නො ගැළපෙන, සිත් රිදෙන කිසිදු ක්‍රියාකාරකමක යෙදෙන්නේ නැතිව ස්වාමි පුරුෂයාටද ගෞරවයක්, නම්බුවක් ඇති වන ආකාරයෙන් ක්‍රියා කිරීමට පුරුදු වෙනවා.

සඛීසම භාර්යාව

තෙවැනි සාර්ථක ලක්ෂණ ඇති භාර්යාව කෙබඳුදැයි පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ ඇය “සඛීභරියා” ලෙස දක්වනවා. 'සකී' යන පාලි වචනයේ තේරුම යෙහෙළිය කළණ මිතුරිය යන අදහසයි.මෙහිදී ස්වාමිපුරුෂයා පිළිබඳව මෘදු, මොළොක් සිතින් වගේම වචනයෙන් මෙන්ම සිරුර ක්‍රියා කිරීමෙනුත් පෙන්වා දෙනවා. මිතුදම් පළුදු නොවන ආකාරයෙන් අවැඩක් දෙපැත්තටම නොවන ආකාරයෙන් සම සිතින් ක්‍රියා කිරීම මෙහිදී පෙන්වා දෙන්නට පුළුවන. මිතුරියක ටික කලකින් පසුව තවත් මිරිතුයකට (හෙවත් තමන්ට) හමුවනවිට එම මිතුරිය පිළිගෙන සතුටින් කථාබස් කරමින් ඉතාමත් පි‍්‍රයමනාප ලෙස හැසිරෙනවා. ස්වාමිපුරුෂයා කුමන වෙලාවකදී හෝ තමන්ට හමු වනවිට පි‍්‍රයමනාප භාර්යාවක ලෙස ක්‍රියා කිරීම මෙහිදී අදහස් කෙරෙනවා. සමහර විට ගෙදරදොර අඩුපාඩු, දරුවන්ගේ ප්‍රශ්න, ගැටලු අහළ පහළ උදවියගේ විවිධ කරුණු පිළිබඳ එල්ල වන තර්ජන ගර්ජන කෙතෙකුත් තිබෙන අවස්ථාවකදි වුවත් ස්වාමිපුරුෂයා වැඩ ඇරී වෙනත් ගමනක් ගොස් හෝ භාර්යාවට මුණ ගැහෙන විට භාර්යාව ක්‍රියා කළ යුතු ආකාරය මෙයින් කියැවෙනවා. එමෙන්ම එම භාර්යාව කුලසිරිත් මැනවින් ආරක්ෂා කරමින්, පතිව්‍රතාව ද රැකගනිමින් ක්‍රියා කරනවා. ශීලාචාර ගතිපැවතුම් ඇතිව හැම විටම ක්‍රියා කරනවා.

දාසිසම භාර්යාව

අවසාන වශයෙන් උන්වහන්සේ සඳහන් කරන්නේ “දාසිභරියා” නම් භාර්යාව පිළිබඳවයි. මෙම භාර්යාව ස්වාමිපුරුෂයා පිළිබඳවද දාසියක මෙන් කටයුතු කරනවා. ස්වාමිපුරුෂයා යම් අවස්ථාවක තමා පිළිබඳව රොස් වී තරහ සිතින් පොල්ලක් වැන්නක් අරගෙන තර්ජන ගර්ජන කළේ වී නමුත් ඇය කිපෙන්නේ නැහැ. තමන්ගේ සිතේ වෛරයක් ඇති කර ගන්නේ නැහැ. එවැන්නකදී වුවත් තම ස්වාමිපුරුෂයාගේ සිතේ තරහක් වෛරයක් තමා පිළිබඳව ඇති කරගෙන ක්‍රියා කිරීම පිළිබඳ “මේ මිනිස් සිතේ ස්වභාවය” යි සමහර විට ධර්මානුකූලව සිතමින් ඔහු කෙරෙහි සමාව දී කලබලයට පත් නොවී ක්‍රියා කරනවා . ස්වාමිපුරුෂයාගේ අණට බහට කීකරුව තවදුරටත් ක්‍රියා කරනවා. ස්වාමිපුූරුෂයාට අකීකරු බවක් පෙන්වා ක්‍රියා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙම භාර්යාවරුන් හත් ආකාර බව විස්තර වශයෙන් එකින් එක සුජාතාවට පැහැදිලි කර දුන්නා. මේ අයගෙන් මුලින් සඳහන් කළ තුන් වර්ගයේ භාර්යාවරුන් අවසානයේදි මරණින් පසු නිරයට ඇද වැටෙන බව වගේම පසුව පෙන්වා දුන් හතර ආකාර භාර්යාවරුන් මරණින් පසුව සුගතියේ උපදින බවත් පෙන්වා දුන්නා. ඉන් පසුව අවසානයේදී උන්වහන්සේ සුජාතා සිටුදුවගෙන් අසා සිටිනවා. දැන් මේ පැහැදිලි කර දුන් භාර්යාවරුන් හත්දෙනාගේ ලක්ෂණ දෙස බලා ඔබ කුමන කොටසට අයත් වන්නේද? කියලා. ඒ අවස්ථාවේදි සුජාතාව එක්වරම ප්‍රකාශ කළා.”ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මා අද පටන් මගේ ස්වාමිපුරුෂයා පිළිබඳව දාසි භරියා කොටසට වැටෙන බිරිඳක වගේ ජීවත්වෙනවා.“

දැන් මේ විස්තර දකින හෝ අහන ඔබත් විවාහක කාන්තාවක් නම් කුමන වර්ගයකට අයත්දැයි සිතා බැලීම හොඳයි. විවාහ වීමට සූදානමින් සිටිනවා, නම් ඔබත් කල්‍යාණ ගුණ ඇති සතර ආකාර භාර්යාවන්ගේ ලක්ෂණ තමා තුළ රඳවාගෙන ජීවිතය පවත්වා ගැනීමට අධිෂ්ඨාන කර ගැනීම ඉදිරි ජීවිතය වාසනාවන්ත කර ගැනීමට හේතු වෙනවා.

 

 වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.

මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]