UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

මහනුවර පොත්ගුල් විහාරය

මහනුවර පොත්ගුල් විහාරයේ කඨින පින්කම මේ මස 25,26 මධ්‍යම පළාත් උඩරට අමරපුර නිකායේ අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති යටිනුවර සුමන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. 25 සවස 5.00 – 6.00 දිනවල . නන්ද හිමි පවත්වනු ලබන ධර්ම දේශනාවකි. 6.30 පිරිත් දේශනාව 26 පාන්දර 5.30 ට කඨින චීවරය ධර්මරාජ මාවතේ සිට වැඩම කිරිම උදේ 6.00 චෛත්‍යයට කප්රුක් පූජාව 6.30 බුද්ධ පූජාව දවල් 11.00 ට උඩරට අමරපුර නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත අත්තරගම,වජිරජෝති නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය හතළිස් නමක් විෂයෙහි පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාවකි. 12.30 ට කඨිනානිශංස ධර්මදේශනාව නියංගොඩ සමිද්ධි මංගල හිමියන් විසින් පවත් වනු ලැබේ.


මහනුවර පි‍්‍රමිරෝස් උයන වජිරාරාමය

මහනුවර පි‍්‍රමිරෝස් උයන වජිරාරාමයේ කඨින පින්කම මේ මස 17, 18 දිනයන්හි අම්පිටියේ රාහුල, නාහිමියන්ගේ සහ බම්බලපිටියේ සිරි වජිරාමාධිපති ත්‍රිකුණාමලයේ ආනන්දමහා නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකෙරේ. 17 රාත්‍රී 8.30ට සර්වරාත්‍රින පරිත්‍රාන ධර්ම දේශනාව හා අලුයම 5 ට කඨින චීවරය වැඩම කෙරේ. මෙදින දවල් 10.30 ට බුද්ධ පූජාවත් 11.30 මහා සංඝරත්නය විෂයෙහි කඨින චීවරය සහිත සපිරිකර සංඝගත දක්ෂිණාවකි.

කේ. බණ්ඩාරනායක


දකුණු කළුතර සිරි නිවාසාරාම විහාරය

දකුණු කළුතර පරණ පාරේ සිරි නිවාසාරාම මහා විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය මේ 17 හා 18 දිනවලදී පැවැත්වේ. විහාරාධිපති කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක මාරපන විජිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් 17 දින සවස 6.30 ට අටවිසි සම්බුද්ධ පූජාවක් පැවැත්වේ. තත්ලානේ විමලරතන හිමියන් මෙහෙයවන බෝධිපූජාව හා පසුදින අලුයම 4 ට කඨින චීවරය රැගත් පෙරහර තිලකරත්න වීරසිංහ මහතාගේ නිවසින් පිටත් වේ. මෙදින දවල් අර්ධ ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සඟසතු දානයකි.


මෝදර බෝධිසමුදාරාම විහාරය

මෝදර ශ්‍රී බෝධිසමුදාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා පින්කම විහාරාධිපති ශාස්ත්‍රපති තුඹේ උපනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විශා‍්‍රමික පොලිස් පරීක්ෂක එඩ්මන් රණසිංහ මහතාගේ ප්‍රධාන දායකත්වයෙන් මේ මස 17, 18 දෙදින තුළ පැවැත්වේ. 17 දින රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද, 18 දින කඨින චීවරය සහිත පෙරහර ගමන් ආරම්භ කිරීම, පෙරවරු 6 ට කඨින චීවර පූජාව, හීල් දානය, දවල් දානය සහ රාත්‍රී 7 ට කඨිනානිසංස ධර්ම දේශනාව පැවැත්වේ.


සීනිගම කුසුමාරාම විහාරය

සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයේ කඨින පින්කම මේ මස 18, 19 දිනයන්හි විහාරාධිපති අකුරළ මංජුලතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 18 දින කඨින පෙරහර වීථි සංචාරය කෙරේ. 19 වැනිදා දවල් සංඝරත්නයට කඨින දානය පිරිනමා කඨින චීවරය පූජා කොට අපවත් වී වදාළ සීනිගම කුසුමාරාමාධිපති සීනිගම නන්දරතන නාහිමියන්ට පින් පැමිණවීමද සවස 6 ට අටවිසි බෝධි පූජාව විහාරාධිපති අකුරළ මංජුලතිස්ස හිමියන් විසින්ද සිදුකෙරේ.


තොටගමුව සුභද්‍රාරාමය

හික්කඩුව තොටගමුව ශ්‍රී සුභද්‍රාරාම පුරාණ මහා විහාරාධිපති තොටගමුවේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ මස 15, 16 දිනයන්හි කඨින පින්කම විහාරාස්ථානයේදී සිදුකෙරේ.15 වැනිදා කඨින මහ පෙරහර වීථි සංචාරය කරන අතර 16 දින දවල් මහා සංඝරත්නයට මහා සාංඝික දානය පිරිනමා කඨින චීවරය පිරිනැමීම සිදුකෙරේ.


පන්නල ශ්‍රී දේවරාජාරාමය

පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය මේ මස 12,13 දිනවලදී පැවැත්විණි. විහාරාධිකාරි මොරගොල්ලේ විජිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන කඨින පූජා පින්කම 12 දා සවස අටවිසි බෝධි පූජාවකින් ආරම්භ කෙරිණි. පන්නල කදුරුගොඩැල්ලේ ලීලාවතී මහත්මියගේ නිවසේදී මෙදින රාත්‍රි කඨින චීවරය රැගත් පෙරහර විහාරස්ථානය කරා වැඩම කෙරිණි.


අම්පිටිය ශ්‍රී ජෙම්සන් ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය

අම්පිටිය ශ්‍රී ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම මේ මස 24,25 දින වලදි විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අම්පිටියේ සිරිවිමල නාහිමිගේ අනුශාසකත්වයෙන් සිදුකෙරේ. 24 සවස ආගමික වැඩසටහන් මාලාවකි.

කේ.බණ්ඩාරනයක


අනුරාධපුරය

අනුරාධපුර තපෝධාරාම සමාධි සම්බුද්ධ විහාරය සහ භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම මෙම මස 18 , 19 දෙදින තුළ පැවැත්වේ. 18 වනදා වාර්ෂික සිසු නිල ඇඳුම් ප්‍රදානය සහ ගුරු උපහාර උත්සවයද පස්වරු 6 ට නව විහාර මන්දීර පෙත්මග විවෘත කිරීම ද සිදු කෙරේ. කඨින පින්කමේ දායකත්වය කමලාවතී රමණී සහ සෞම්‍ය මහීල් කරුණාරත්න යන අය ඇතුළු එම පවුලේ ඥාතී පිරිස විසින් දරනු ලැබේ.



කඩුවෙල ශ්‍රී සිද්ධාර්ථ විහාරය

කඩුවෙල ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ විහාරස්ථානයේ කඨින මහා පින්කම මේ මස 18 වැනිදා සර්ව රාත්‍රී පිරිත් දේශනයද, පසු දින උදෑසන 2 ට පෙරහරකින් ජය මාවතේ වසන්තා දෙනවක මහත්මියගේ නිවසින් පිටත් වේ. එදින සංඝ රත්නය උදෙසා දවල් සඟ සතු දානය පිරි නමා රාත්‍රි 7 ට කඨින ආනිශංස දේශනාව ශාස්ත්‍රවේදී කෙකුන්නෑවේ සාරානන්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.


දෙහිඅත්තකණ්ඩිය වජිරාරාම විහාරය

දෙහිඅත්තකණ්ඩිය නව මැදගම, වජිරාරාමයේ කඨින පින්කම මේ මස 21, 22 දිනයන්හි ශාස්ත්‍රවේදී ඉළුක්මෝදර විජිසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 21 සවස ආගමික වැඩසටහන් මාලාවකි. මෙදින වජිරාරාමයේ ධර්ම පුස්තකාලයක් ආරම්භ කිරීමත් ධර්ම පොත් ප්‍රදානයත් සිදුකෙරේ.

 

 වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.

මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]