UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස. (සා. පෙළ) විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බුද්ධ ධර්මය -1 අභ්‍යාසය - 01

අ.පො.ස. (සා. පෙළ) විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බුද්ධ ධර්මය -1

අභ්‍යාසය - 01

වඩාත් නිවැරැදි පිළිතුර තෝරා ලකුණු කරන්න

01.සමාජ සාමාජිකයන්ගේ අන්‍යෝන්‍ය යුතුකම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වැදගත් ධර්මදේශනයක් වන්නේ.

(1) චුල්ලකම්ම විභංග සූත්‍රය (2) ජටා සූත්‍රය (3) සිඟාලෝවාද සූත්‍රය (4) කරණීය මෙත්ත සූත්‍රය

02. “යමෙක් මල් පළතුරු උයන් වවන්නේද , ස්වභාවික වනාන්තර වවන්නේද, ඒදඩු , පාලම්, පැන්හල්, පොකුණු තනා දෙයිද , ඔවුනට දිවා රැය පින් වැඩේ” මෙසේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ

(1) මඝ මානවකටය (2) එක්තරා දේවතාවෙකුට (3) ශක්‍රයාටය (4) භද්දවග්ගිය කුමාරවරුන්ටය

03. නව විහාර කර්මාන්තාදියට බිම සකසමින් පණ ඇති තුරු ලතාවන් සිඳින ලද භික්ෂූන් වහන්සේලාට එසේ නොකරන ලෙසට විනය නීතියක් බුදුරජාණන් වහන්සේ පනවන ලද්දේ

(1) අලව් නුවරදිය (2) විශාලා නුවරදිය (3) පාවා නුවරදිය (4) රජගහ නුවරදිය

04. වස්කාලය තුළ වස් ශික්ෂාපදය සමාදන් වී එක් තැනක ගත කිරීමට බුදුරජාණන් වහන්සේ විසින් අනුදක්නා ලද්දේ.

(1) භික්ෂූන් වහන්සේලා එක් ස්ථානයක රඳවා ගැනීම සඳහාය

(2) දායක පිරිසට එක් ස්ථානයදී උපස්ථාන කිරීම පිණිස

(3) තණකොල ආදි ශාකයන් වුවද රැක ගැනීමේ අරමුණ ඇතිවය

(4) භික්ෂූන් වහන්සේලා එක් ස්ථානයකදී දැක ගැනීම පිණිසය

05. මව පුතකු පෝෂණය කරන්නාක් මෙන්ද අලස තැනැත්තා මෙන්ම අනලස් තැනැත්තාද පෝෂණය කරනු ලබන්නේ

(1) වැසි ජලයයි (2) භූගත ජලයයි (3) ගංගා ජලයයි (4) මුහුදු ජලයයි.

06. “ඉරෙන් හඳෙන් එළිය අරන් – ගහෙන් වැලෙන් සුවඳ අරන් යන ගීතය නිර්මාණය කරන ලද්දේ

(1) සුනිල් ශාන්තයන්ය (2) සෝමරත්න දිසානායකයන්ය (3) මහගම සේකරයන්ය (4) ධර්මසිරි ගමගේ ශූරීන්ය

07. බුදු දහමට අනුව සැමදා පින් වැඩෙන පින්කමක් ලෙස සඳහන් කළ හැකි පින්කමකි.

(1) කඨින පින්කම (2) සාංඝික දානමය පින්කම (3) ගිලනුන්ට උපස්ථාන කිරීම (4) වන වගාව

(08) යහපත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකට ඍජුවම බලපාන සාධකයකි.

(1) පරිසරය (2) ගුරුවරයා (3) ශිෂ්‍යයා (4) කළුලෑල්ල

(9) යහපත් සමාජයක ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකි කරුණකි

(1) දෙමාපියන්ට සැලකීම (2) වැඩිහිටියන්ට නැමදීම (3) පොහෝ දිනට පන්සලට යෑම (4) සාරධර්ම පිළිපැදීම

10. සමාජ සාමාජිකයන්ගේ අන්‍යෝන්‍ය යුතුකම පිළිබඳව ඉගැන්වෙන ධර්මදේශනාවක් ලෙස සැලකිය නොහැක්කේ

(1) ව්‍යග්ඝපජ්ජ සූත්‍රය (2) කරණීය මෙත්ත සූත්‍රය (3) සිඟාලෝවාද සූත්‍රය (4) රතන සූත්‍රය

11. සංවර්ධිත සමාජයක මූලික ලක්ෂණයකි.

(1) සීලාචාරකම (2) අවිහිංසාව (3) ආර්ථිකය (4) ජන සමාජය

(12) “අන්තෝ ජටා බහි ජටා” ගාථාව අන්තර්ගත වනුයේ

1) ඛුද්දක නිකායේය (2) අංගුත්තර නිකායේය (3) සංයුක්ත නිකායේය (4) මජ්ක්‍ධිම නිකායේය

13. ප්‍රජාව තුළ ඇතිවන ගැටලු නිරාකරණය සඳහා අනුගමනය කළ යුතු මූලිකාංගය වනුයේ

(1) සීලයෙහි පිහිටීමය (2) භාවනාවේ පිහිටීමය (3) සාමයේ පිහිටීමය (4) කුසලයෙහි පිහිටීමය

14. “සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ “ යන ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.

(1) සිඟාලෝවාද සූත්‍රයෙහිදීය (2) ජටා සූත්‍රයෙහිදීය (3) අණන සූත්‍රයෙහිදීය (4) කාලාම සූත්‍රයෙහිදීය

15. බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා දුන් පරිදි ගිහි බෞද්ධයාට වදාළ මූලික පිළිවෙත වන්නේ

(1) පංචශීලයයි (2) ආජීව අට්ඨමක ශීලයයි (3) අෂ්ටාංග ශීලයයි (4) චාරිත්‍ර ශීලයයි

16. දුසිරිත් කිරීමට ලජ්ජාවක් නැති , ගුණ දම් නොසලකන, අන් අය නොමග යවන, දැහැමි තැන්පත් ගති පැවතුම් නැති, අධර්මයෙන් උපයා යැපෙන තැනැත්තා සුවසේ කා බී වසන දක්ෂ කපුටකු වැනි යැයි බුදුරජාණන් වහන්සේ දැක්වූයේ

(1) ධම්ම පදයෙහිය (2) විනය පිටකයෙහිය (3) ථෙර ගාථා තුළය (4) ථෙරි ගාථා තුළය

17. බුදුදහම අනුව මානව ක්‍රියාකාරකම්වලට මූලික වන්නේ (1) වචනයයි (2) කයයි (3) සිතයි (4) උපේක්ෂාවයි

(18)සිත් සතන් හි අකුසල් දහම් යටපත් කොට කුසල් දහම වැඩීම සිදුවන්නේ

(1) කර්මයෙනි (2) ධර්මයෙනි (3) සීලයෙනි (4) භාවනාවෙනි

19. මිනිස් අයිතිය ගරු කරමින් මිනිස් සබඳතා ගොඩ නැංවෙමින් සාමය හා සහජීවනය ඇති කර ගැනීමට විශේෂයෙන් මහෝපකාරි වනුයේ

(1) පන්සිල්ය (2) පරෝපකාරය (3) කරුණාව (4) උපෝසථ සීලයය

20. මිනිසුන් විකෘති සිත් ඇති, විකෘති හැසිරීම් ඇති, විකෘති බස් ඇති, උමතු පිරිසක් වශයෙන් කායික හා ධනහානියට පත්වන කරුණකි.

(1) කාම මිත්‍යාචාරය (2) මත්පැන් පානය (3) අවේලාවේ වීථී සංචාරය (4) පාපමිත්‍ර සේවනය

පිළිතුරු

01. (3) සිඟාලෝවාද සූත්‍රය

02. (2) එක්තරා දේවතාවෙක්ට

03. (1) අලව් නුවරදී

04. (3) තණකොළ ආදි ශාකයන් වුවද රැක ගැනීමේ අරමුණ ඇතිවය

05. (1) වැසි ජලයයි

06. (2) සෝමරත්න දිසානායක

07 (4) වන වගාව

8. (1) පරිසරය

09.(4) (සාර ධර්ම පිළිපැදීම

10. (4) රතන සූත්‍රය

11. (1) සීලාචාරකම

12. (3) සංයුක්ත නිකායේ

13. (1) සීලයෙහි පිහිටීම

14. (2) ජටා සූත්‍රයෙහි

15. (1) පංචශීලය

16. (1) ධම්ම පදයෙහිය

17. (3) සිතයි

18.(4) භාවනාවෙනි

19. (1) පන්සිල්

20. (2) මත්පැන් පානය

 

 

 වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.

මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]