UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැහැබර ජීවන චර්යාවක්

පැහැබර ජීවන චර්යාවක්

මෙම ලිපියේ පළමු කොටස වප් පුර පසළොස්වක පත්‍රයේ පළවිය. (සොඳුරුබර සැන්ඳෑව )

හඳුන්කූරු සුවඳ, මල් සුවඳ නිවස පුරා පැතිරෙන්න ඕනේ මේ නිවස තුළ සොඳුරු බර සන්ද්‍යාවක් නිර්මාණය වන්නේ ඒ තුළයි. ඒ සොඳුරුබර හැන්දෑවේ බුදුන් වැඳල අවසන් වුණ ගමන් රාත්‍රි ආහාර ගත යුතුය. හැන්දෑව එන්නෙම බුදුන් වඳින්න විය යුතුයි. මේ ලිපිය කියවන අයගේ ගෙවල්වලත් හැන්දෑව එන්නේ මොනවා කරන්නද? යන්න ප්‍රශ්නයක් පැමිණිය යුතුයි. බුදුන් වැඳල අවසන් වුණ විගසම සියලුම දෙනා එකතු වී මේසයේ හෝ පැදුරේ වාඩිවෙලා පොඩ්ඩ පොඩ්ඩ බෙදාගෙන අනෙකාට බෙදා දෙමින් ආහාර ගත යුතුයි. එය දෛනික චර්යාවක් විය යුතුයි.

මෙම දෛනික චර්යාව පුරුද්දක් වශයෙන්ද සංස්කෘතියක්ද විය යුතුයි. මගේ පැළට බිං කළුවර වැටෙන්නේ මල් වට්ටියක් රැගෙන මල් වට්ටිය එන ගමන්ම සූදානම් වෙන්නේ බත් මුට්ටිය සමඟ මල් වට්ටියයි, බත් මුට්ටියයි, අල හට්ටියයි, ගෙදර කට්ටියයි,මේ වෙලාවේ කෑගහනවා එක් දරුවකුට බත් කවනවා.

තව දරුවකු බත් කවනකම් කට ඇරගෙන ඉන්නවා. අම්මට කතාකරනවා තාත්තට කතාකරනවා නහය මිරිකනවා ආදරය පිළිබඳ කතා ගොඩයි. සියලුම දෙනා එක්කාසු වෙලා පිඟන් සෝදනවා.

සියලුම දෙනා හට්ටි සෝදනවා. සියලුම දෙනා ආහාර ගත්ත ස්ථානය පවිත්‍ර කරනවා. අම්මා ඒ කටයුතු කරනකම් තාත්තා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. තාත්තා වැඩ කරනකම් අම්මා බලා ඉන්න අවශ්‍ය නැහැ. අම්මා තාත්තා වැඩ කරනකම් දරුවන් බලා සිටිය යුතු නැහැ.

මේ සියල්ල අවසන් වුණාට පසුව තාත්ත පත්තරයක් බලනවා. වාර්තා ලියනවා අම්මත් පොත් පත්තර කියවනවා. මේ සොඳුරු බර හැන්දෑව අපට දැනෙන්නේ කොහොමද? හැන්දැවෙන්නෙම බුදුන් වඳින්න. බුදුන් වඳින්නේ රාත්‍රි ආහාර ගැනීමට පෙර රාත්‍රි ආහාර ගන්නෙ පාඩම් කරන්න. තාත්තයි ,අම්මයි, පොත් පත්තර කියවද්දී අයියත් පාඩම් කරද්දී මට වෙන දෙයක් කරන්න බැහැ. ඒ අවස්ථාවේ මමත් පාඩම් කරන්න ආරම්භ කරනවා.

ඒ වන විට නංගිත්, මල්ලිත් පාඩම් අහගන්න මගේ ළඟට එනවා. එය සොඳුරුබර සැන්දෑවක්. මේ අය මේ ආකාරයට තම තමන් ගේ පොත පත රැගෙන කටයුතු කිරීම පුරුද්දක් දෛනික චර්යාවක් වෙයි. රාත්‍රි දහය වනතෙක් අම්ම තාත්තා කවි කියනවා. කතන්දර කියනවා.

සොඳුරුබර සැන්ඳෑව

පොත් බලනවා. ඒ ඒ කාර්යයන් ඒ ඒ දිනවලට කාලසටහනකට අනුව බෙදාගෙන කිරීම අවශ්‍යයි. ඊසොප්ගේ කතා, අන්දරේගේ කතා. මහාභාරත කතා, රාමායන කතා, නළ දමයන්ති කතා, සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේගේ කතා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කතාව, ඇන්ටන් චෙකොෆ්ගේ කතාව, පංච තන්ත්‍ර කතා, හිතෝපදේශ කතා, නබි නායකතුමාගේ කතාව, ජාතක කතා, ලංකාවේ ජන කතා, මේ සියල්ලම නිශාවේ සුයාමය තුළ අම්මයි, තාත්තයි දරුවන්ට කියා දිය යුතුයි. මේ නිශාවේ සුයාමය හෙවත් සොඳුරුබර හැන්දෑව යන දෙක එකට එකතු කර ගතහොත් හෙට දවසට ආයෝජනයක් ලෙස කියවිමේ සංස්කෘතියක් නිර්මාණය වෙනවා.

වර්තමානය වන විට තාත්තා අන්තර් ජාලයේ ව්‍යාපාරික කටයුතුවල,අම්ම අන්තර්ජාලයෙන් රෙසිපිඑක බලාගෙන රස ව්‍යඤ්ජනයක් හදනවා. නංගි අන්තර්ජාලයෙන් සින්දු අහමින් ඇඳ උඩ ඩාන්ස් කරනවා. අයිය අන්තර්ජාලයේ සිංදු ඩවුන්ලෝඩ් කරනවා. මෙය නිශාවේ සුයාමයද?

සොඳුරු බර හැන්දෑවද? කිසිවකුවත් නිවස තුළ නැහැ. සියලුදෙනාම සිටින්නේ අන්තර්ජාලය තුළ. මේ අන්තර්ජාලය අන්තර්ජංජාලයක් වී අවසානයි. මේකද සොඳුරු බර හැන්දෑව? සොඳුරු බර හැන්දෑව තුළ කරන උපරිම ආයෝජනය දහ අවුරුද්දක් පමණයි.දුවකු පාසල් යන්නේ අවුරුදු දහතුනයි. එයිනුත් පාසල් යන්නේ වරුවයි.වරු වශයෙන් ගත්තත්, මුළු සමස්ත ජීවිතය තුළ පාසල් යනු ලබන්නේ හත් අවුරුද්දක කාලයක් පමණයි. මේ අවුරුදු හතට පැය හතරක පහක සොඳුරු බර හැන්දෑව හෙවත් නිශාවේ සුයාමය මවකට පියෙකුට කළමනාකරණය කළ හැකි නම්, සමස්ත පවුල් ජීවිතයම වෙනස් කළ හැකියි. සමස්ත පවුල් සංස්ථාව වෙනස් කළ හැකියි. මුළු අනාගතයම වෙනස් කළ හැකියි. ක්‍රියාශීලි අරුණෝදය ආරම්භ කරන්න හැක්වෙන්නේ නිශාවේ සුයාමය නිවැරැදිව ඉෂ්ට කරල අවසන් කරන්න හැකි නම් පමණි. රාත්‍රි නින්දට පෙර good night  වෙන්න ක්‍රමයක් නැහැ. night  එක දක්වා good නැත්නම් night good වන්නේ night දක්වා good නම් පමණයි. good night  යනු නිගමනයක් මිස ප්‍රාර්ථනාවක් නොවේ.

සුබ රාත්‍රියක් පැමිණෙන්න නම්,සොඳුරු බර හැන්දෑවක් නිශාවේ සුයාමයත් සුබ වෙන්නම අවශ්‍යයි. නිශාවේ සුයාමය සුබ නම් සුබනින්දක් පැහැදිලිවම ලැබනෙවා. බියකරු සිහිනයෙන් තොර මනස්කාන්ත නින්දක් චමත්කාරජනක ජීවිතයක්. චමත්කාරජනක රාත්‍රිය අවසානයේ පැතුවත් නොපැතුවත් night, morning good ම තමයි. පැතීම අවශ්‍ය නැහැ. ප්‍රාර්ථනාව අවශ්‍ය නොවේ.  morninggood වීමට night good වීම අවශ්‍යයයි. මහා වෙහෙස කර හා වේදනාකාරි අවධියක් good night කියල පැතීමෙන් නිශ්ඵල වචනයක් මිස වෙන අරුතක් නැත. එවැනි වෙහෙසකර පරිසරයක් නිර්මාණය කර නොගත යුතුයි.

මහ පාන්දර පිරිත් ස්වරයෙන් ඉතාමත් සුන්දර එකතුවක් ලෙස සියලුදෙනාම එක්ව අවදිවෙලා පාන්දර වැඩ කොටස ඉටුකරල දවස ආරම්භ කළා නම් දවස ජවසම්පන්නයි. එම කාර්යය ආරම්භ කළ යුත්තේ හැන්දෑවෙන්. සියලු වැඩ කටයුතු වලින් පිරිසුදු ඇඳුම් ඇඳගෙන පිරිසුදු ඇඳ ඇතිරිල්ලක, පිරිසුදු පැඳුරු කඩමාල්ලක ඉතාමත්ම හොඳ ආදරණීය පිරිසක් නින්දට යන විට සුව නින්දක් ලැබෙනවා. නින්දට පෙර වතුර වැඩි ප්‍රමාණයක් පානය කර නිදාගැනීමට පුරුදු වීමෙන් පාන්දරට එළාම් තියාගන්න අවශ්‍ය නැහැ. පාන්දරම නැගිටීමට අවශ්‍යම වෙනවා.

රාත්‍රියට හොඳට වතුර පානය කර නිදාගැනීමත් සෞඛ්‍ය සම්පන්නයි. මහ කැලය තුළ බුදුපියාණන් වහන්සේ අනුගමනය කළ දේවල්. සොඳුරුබර හැන්දෑව තුළ සුන්දරත්වය රැකගෙන කටයුතු කිරීම ලස්සන ජීවන චර්යාවක්.

හේමමාලා රන්දුනු

 

 වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.

මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]