| 
							
					 | 
					
						තුන්ලෝ තතු ලෙස දත් ලෝකවිදූ බුදුගුණය
						බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ ඉතා දීර්ඝ කාල පරාසයකිනි. ලොව 
			දුර්ලභ කරුණු පිළිබඳ සඳහන් කරන තැන ‘බුද්ධුප්පාදොච දුල්ලභෝ යනුවෙන් 
			සඳහන් කරන්නේ එම විශේෂත්වය නිසාමය.බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කිරීමෙන් 
			බුදුබවට පත්වෙයි. ඒ සඳහා දීර්ඝ කාලයක් සත්තිස්බෝධි පාක්ෂික ධර්ම පිරිය 
			යුතුය. විශේෂයෙන් පාරමිතා ධර්ම පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී යන 
			ත්‍රිවිධ ආකාරයට සම්පූර්ණ කිරීම බුද්ධත්ත්වය ප්‍රාර්ථනා කරන 
			බුද්ධාංකුරයන් වහන්සේගේ කාර්යය වෙයි. බුදුබව පතනා බෝධිසත්වරු වීර්යාධික 
			ශ්‍රද්ධාධික ප්‍රඥාධික යනුවෙන් ත්‍රිවිධ ආකාර වෙති. වීර්යාධික බවින් 
			යුත් බෝසත්වරයකු සොළොසාංක කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කිරීමෙන්ම 
			බුද්ධත්වයට පත් වෙති. අටසාංඛ්‍ය කල්ප පෙරුම් දම් පිරීමෙන් ශ්‍රද්ධාධික 
			බෝසත්වරු බුද්ධත්වයට පත් වෙති. ප්‍රඥාධික බුද්ධාංකුරයකු සාරාසංඛ්‍ය 
			කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කිරීමෙන් බුද්ධත්වයට පත්වෙති.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 නිකිණි පුර අටවක පෝය 
		නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 03 වැනි 
		දා ඉරිදා අපරභාග 06.06 ට ලබයි. 04 වැනි දා සඳුදා අපරභාග 06.12 දක්වා පෝය 
		පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වැනිදා සඳුදාය.  
		 
		මීළඟ පෝය  
		අගෝස්තු 10 වැනි දා ඉරිදාය.   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |