UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණිපුර අටවක අගෝස්තු 04 වනදා සඳුදා

නිහඬ මෙහෙවර

දුකට පත් ජීවිතයක් සැපවත් කිරීම සඳහා, ආධාර උපකාර කිරීමට සිතීම ම කෙතරම් නම් අගනා සිතිවිල්ලක් ද? අනුන්ගේ දුක දැක ඊට පිහිටවීම සැබවින්ම අගය කළ යුත්තකි. පැසසිය යුත්තකි. එය ගිහි පැවිදි උභය සමාජයට ම මහත් ආදර්ශයක් සපයන්නකි.

(අද) නිකිණි පුර අටවක බුදුසරණ පුවත්පතෙහි 18 වැනි පිටුවෙහි පළ කර ඇති ඡායාරූප සහිත කතා පුවත පිළිබඳව කතා කිරීම කාලෝචිත ය.

මල්වතු මහා විහාරයීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම දස වසරකට පා තබනු ලැබේ.

එබැවින් ගෙවීගිය දසකය ආවර්ජනා කිරීම අතිශයින්ම කාලෝචිතය. ඉතා උතුම් පරමාර්ථ හා අරමුණු රැසක් පෙරදැරිව එම පදනම ආරම්භ කර ඇති බව එහි ව්‍යවස්ථාවෙන් පෙන්නුම් කැරේ.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ ගිහි පැවිදි උභය සමාජයේම මහත් ගෞරවාදරයට බඳුන්ව වැඩ වසන සසුනඹරේ මහා පහන්ටැඹකි.

අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ නිහඬ උදාර සමාජ මෙහෙවරක නිරතව වැඩවසති. මල්වතු මහා විහාරයීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම මගින් ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන අයට පිහිටවී ඔවුන් සැපවත් කිරීමට කර ඇත්තේ උදාර මෙහෙවරකි.

ස්වාභාවික විපත්වලදී අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අදාළ ප්‍රදේශවලට වැඩමවා ඊට හැකි පමණින් ආධාර උපකාර කරමින් පිහිටවූහ. සුනාමි විපත පැමිණි මොහොතේ දී ලොරි ගණනක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමට උන්වහන්සේ කල්පනා කළහ.

ඒ සඳහා හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලට වැඩම කර ඒ විපත සියැසින් දැක ඊට පිහිටවූහ.

විවිධ ප්‍රදේශවලට වැඩම කරවූහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ද සහායෙන් වෛද්‍ය සායන පැවැත්වීමට ද උන්වහන්සේ ක්‍රියාශීලී වූහ.

ආර්ථික අපහසුතාවලින් යුත් පවුල් සඳහා නව නිවාස ඉදිකරවාදීමට පදනම මෙහෙයවූහ.

ඒ අතර මහනුවර තැන්නලන්ද ප්‍රදේශයේ පවුල් දෙකක් සඳහා අංගසම්පූර්ණ නව නිවාස දෙකක් ඉදි කරවූහ.

රටේ ජීවනාලිය බඳු අනාගත දරු පරපුර වෙත අවධානය යොමු කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙනයාමට ශක්ති පමණින් පදනම ආධාර උපකාර කළහ. ඒ ඒ ප්‍රදේශවලට වැඩමවා කිසිදු භේදයකින් තොරව උපකාර කළහ. තැන්නලන්ද ග්‍රාමයේ පාසල් හා දහම්පාසල් දරුවන් වෙත පොත්පත් හා පාසල් උපකරණ පිරිනැමූහ. කිතුල්මුල්ල විද්‍යාලයේ සිසු දරුවන් සඳහා ද පොත්පත් හා පාසල් උපකරණ පිරිනැමූහ. රිදී විහාර මහා විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පරිගණක යන්ත්‍ර පිරිනැමූහ. 2010 වසරේදී වව්නියාව සහ යාපනයේ දී පාසල් සිසු දරුවන් සඳහා පොත්පත් හා පාසල් උපකරණ පිරිනැමූහ.

එමෙන්ම තෝරාගත් පවුල් සඳහා වියළි ආහාර ද පිරිනැමූහ.

කහටගස්දිගිලිය ප්‍රදේශයේ පහසුකම් අඩු විහාරස්ථාන පාසල් හා දහම් පාසල් තෝරාගෙන අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට මානව සහයෝගිතා පදනම මූලික විය.

මහනුවර ගලහ කිතුල්මුල්ලවතුයායේ දමිළ පවුල් තුනක් සඳහා 2006 වසරේදී නිවාස තුනක් ඉදිකරදුන්හ. මැණික්හින්න ග්‍රාමයේ දිළිඳු පවුලක් සඳහාද අංග සම්පූර්ණ නව නිවාසයක් එම පදනම මඟින් ඉදිකරදීමට සමත් වූහ.

එම සියලු පරිත්‍යාගයන්හිදී ජාති, ආගම් ආදී කිසිදු පටු භේදයක් නොසලකා දුකටපත් බොහෝ දෙනා වෙත කරුණාවෙන් පිහිටවීම ආදර්ශවත්ය.

ලබාගත් උතුම් මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගන්නට ශාසනභාරධාරී මහා සංඝපීතෘන්වහන්සේ නමක් ලෙස සසර පුරුදුතාවයන් තව තවත් මිනිස් වර්ගයාගේ යහපත උදෙසා පිරිනමන්නට ඇප කැපවී කටයුතු කරන මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ඉහත සඳහන් කළ අයුරෙන් රට, දැය, සමය වෙනුවෙන් අප්‍රකටව සිදුකරන මෙහෙවර අපමණය.

මල්වතු මහා විහාරයීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම මෙහෙයවීමෙන් මහ මෙහෙවර තව තවත් සිදුකරන්නට ශක්තිය ලැබේවා.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 03 වැනි දා ඉරිදා අපරභාග 06.06 ට ලබයි. 04 වැනි දා සඳුදා අපරභාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
අගෝස්තු 10 වැනි දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]