UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලයේ ඉදිකටුසෑය පොකුණ සංරක්ෂණය කරයි

මිහින්තලයේ ඉදිකටුසෑය පොකුණ සංරක්ෂණය කරයි

මිහින්තලේ ඉදිකටු සෑය පොකුණ සංරක්ෂණය කර සංවර්ධන කටයුතු අවසන් වීමත් සමඟ එළඹෙන පොසොන් පෝයට සමගාමීව මහජන ප්‍රදර්ශනය සඳහා අවස්්ථාව හිමිවන බව මිහින්තලේ පුරාවිද්‍යා කලාප භාර ස්ථානාධිපති ප්‍රසන්න සිසිර කුමාර මහතා පවසයි.

දැයට කිරුළ 2012 වැඩසටහනේ දී ජනාධිපතිතුමන්ගේ විශේෂ අවධානය යොමු වූයේ මිහින්තලා පූජා භූමිය වෙතටයි. ඒ අනුහසින් ආලෝක වූ මිහින්තලාව වර්තමානය වන විට මුළු ලෝකයාගේ ම අවධානය දිනා ගැනීමට හැකි වී තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම නිසාවෙනි.

ඉදිකටු සෑය පොකුණ සංරක්ෂණ කටයුතු සඳහා මිලියන 15 ක් වැය කර ඇති අතර මේ සම්පූර්ණ කටයුතු මෙහෙයවා තිබෙන්නේ ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය හා පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙනි. ජනාධිපතිතුමන්ගේ අවධානය මිහින්තලේ පූජා භූ®මිය වෙත යොමුවූ පසු දෙවෙනි අදියරේ ආරම්භ කළ සංරක්ෂණ වැඩසටහනේ දී මූලික අවධානයක් ලබා දුන්නේ ඉදිකටු සෑය පොකුණේ සංරක්ෂණ කටයුතු සිදු කිරීමයි. ඉදිකටු සෑය පොකුණ ඉපැරණි භාවය හේතුකොට දරුණු ලෙස ගිලා බැසීමට ලක් වී තිබුණි. ඉදිකටු සෑය පොකුණේ විශේෂත්වය ලෙසින් දැකිය හැකි වන්නේ අනෙකුත් විහාර පොකුණු වලට වඩා වාස්තු විද්‍යා වෙනස්කම් තුළින් නිර්මාණය කළ පොකුණක් බැවිනි. අතීතයේ සිටි මුතුන් මිත්තන්ගේ ගොඩනැගිලි නිර්මාණ හැකියාවන් තීව්‍ර කරන සංධිස්්ථානයක් ලෙසින් මේ ඉදිකටු සෑය නම් කිරීමට හැකිවීම හේතුවෙන් අනාගතය පරපුර උදෙසා දැක බලා ගැනීම සඳහා රැකගත යුතුම ස්ථානයක් ලෙසින් හැඳින්විය හැකි බව මිහින්තලේ පුරාවිද්‍යා ස්ථානභාර නිලධාරි ප්‍රසන්න සිසිර කුමාර මහතා පවසයි.

ගල්කුලූනු පොකුණ තුළට ගිලා බැහැලා පස්වලින් යට වී ගල් කුලුනු සොයාගත නොහැකි මට්ටමක තිබුණු බැවින් දැඩි පරිශ්‍රමයක් දරමින් මුදලට වඩා වැඩි ශ්‍රමයක් දරමින් වර්තමානය වන විට ඉදිකටු සෑය සංක්ෂණ කටයුතු සිදුකර ඇත. 8 – 11 වෙනි ශතවර්ෂවලදී පමණ ඉදිකර ඇතැයි තොරතුරු අනාවරණය වන මේ පොකුණ ඉපැරණි භාවය හේතුවෙන් මෙලෙස දරුණු ගිලා බැසීමකට ලක් වී ඇත. ඉදිකටු සෑය පරිශ්‍රයෙන් ගලා ආ ජලය එක්රැස් කරගැනීම සඳහා මේ පොකුණ නිර්මාණය කර ඇති බවටත් නියං සම වලදී දිය නෑමට හෝ බීමට සකසා ගන්නට ඇතැයි අනුමාන කෙරේ. පොසොන් පෝයට මිහින්තලාවට පැමිණෙන ජනි ජනයා දෑසින් බලාගත යුතු ස්ථානයක් බවට ඉදිකටු සෑය පොකුණ පත්වී ඇත. වසර කිහිපයකට ඉහත දී වල් බිහි වූ කැලෑවෙන් යටවී තිබූ ඉදිකටු සෑය වර්තමානයේ දෙස් විදෙස් සංචාරකයන්ට දෑසින් දැක බලා ගැනීමට හැකිවනු ඇත.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

New Moonඅමාවක

ජූනි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]