UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් ගුරුවරුන්ට සාම විනිසුරු පදවි

ශ්‍රී ලාංකීය සිසු දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව ස්වෙච්ඡාවෙන් සිය කාලය හා ශ්‍රමය කැප කරන දහම් පාසල් ගුරු භවතුන්ට උපහාරයක් වශයෙන් සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමීමට රජය කටයුතු යොදා ඇත. වසර 30 කට වැඩි කාලයක් ඉගැන්වීමේ කටයුතුවල නියැළුණු ගුරුවරු මේ සඳහා තෝරා ගැනෙති.

ඉතිරිය»

බුදුරදුන් වදාළ උතුම් සද්පුරුෂ ධර්මය

බුදුන් දවස සිට, බෞද්ධයන් විසින් පිළිපදිනු ලබන උතුම්ම සද්පුරුෂ ධර්මය, මව් පියන් ප්‍රධාන සියලු වැඩිමහල් අයට, සැලකීමයි. එය පින් ඵල දෙන මංගල කරුණකි. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ දී භික්ෂූන්ට දේශනා කළ (සප්ත ව්‍රත පද) සද්පුරුෂ ධර්ම හතෙන්, විශේෂකොට දේශනා කළේ ද, වැඩි මහළු සියලුදෙනාට ගරු සැලකිලි දැක්වීම හා ඇප උපස්ථාන කිරීමයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දහමෙහි හැසිරීමෙන් සමාජ යහපත

දැහැමි පුද්ගලයා අවම වශයෙන් බුදු දහමෙහි ඉගැන්වෙන පංචශීල ප්‍රතිපත්තියවත් ආරක්ෂා කිරීමට යත්න දරයි. මෙහි දැක්වෙන එක් එක් සිල්පදය වෙන් වෙන්ව සලකා බලමු. පළමුව, සතුන් මැරීමෙන් නැත්නම් සත්ව හිංසාවෙන් වැළකී සිටීමේ සිල්පදය සමාදන්ව රකින තැනැත්තා හෝ තැනැත්තිය ගත් කල්හි, ඔහු හෝ ඇය එක් අතකින් අන්‍ය සත්වයින්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව එක් එක් සත්ත්වයාට සහතිකයක් ලබා දෙන අතර තමා ද ජීවිත ආරක්ෂාව පිළිබඳ සහතිකය පෙරළා හිමි කර ගන්නා බව පෙන්විය හැකිය. ඒවගේම සැමටම බිය සැකයකින් තොරව සුවසේ, සතුටින් ජීවත් වීමට ද ඉඩ ප්‍රස්තාව සැලසෙනු ඇත.

ඉතිරිය»

මහා පුරවරයක අඳුරට සිහින් ආලෝක කිරණයකි බැද්දගාන වෙහෙර වෙහෙරකන්ද

මෙහි ඇත්තේ ඓතිහාසික විහාරයකට අයත් වූ භූමියකි. ස්තූප දෙකෙහි වඩා විශාල ස්තූපයේ පහළම විෂ්කම්භය අඩි 30 කි. එය අඩි 2 1/2 ක් උස සෘජු පේසාවන් මත පිහිටා ඇත. පේසාවේ කන්ඩි බැඳ තිබුණේ කබොක් ගලෙනි. කුඩා ස්තූපයේ අඩියේ විෂ්කම්භය අඩි 21 කි. කොත් කැරැල්ල කපරාරුවෙන් ගැලවී ගොස් කැබලිවී වැළලී තිබී හමුවීමෙන් මෙය සොහොන් කොතක් නොවන බව තහවුරු විය.

ඉතිරිය»

ඇරැව්වල එගොඩවත්ත සිරි විජයනන්දනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  ඡායා- ජනක වෙත්තසිංහ

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 06 වැනි දා අඟහරුවාදා අපරභාග 07.34 ට ලබයි.
07 වැනිදා බදාදා අපර භාග 09.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 07 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි මස 14 වැනි දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]