UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ධර්මචක්‍ර සදහම් ප්‍රදීප පූජාව

පොළොන්නරුවේ සීලානන්ද හිමියන් මෙහෙයවන ‘හිත නිවෙන ධර්මචක්‍ර ප්‍රදීප පූජා පින්කමක්’ මේ දිනවල වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරා පුරාණ විහාරයේ දී පැවැත්වේ. අපේ‍්‍රල් 23 වැනිදා එම පින්කම් මාලාව ආරම්භ කළ අතර දිනපතා විවිධ ලාංඡන, ශ්‍රී පතුල, බෝ පත්‍ර, ධර්ම චක්‍ර‍්‍රය, දළදා මන්දිරය ආදී ආකෘති නිර්මාණය කරමින් පහන් 120 කින් මෙම ප්‍රදීප පූජාව පවත්වන අතර බුදු, පසේබුදුවරු, අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා උදෙසා පිරිකර, අටපිරිකර සහිතව චතුමධුර, දැහැත්, බෙහෙත්, ගිලන්පස, මල් පහන් උපයෝගි කරගෙන මෙම පින්කම් මාලාව පවත්වනු ලැබේ. හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරාධිපති වලවෙල හේමානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව සංවිධානය කොට ඇත.

මහරගම ආරෝග්‍යා ආබාධිතයින් සඳහා වූ පදනම ඉදිකිරීමට යෝජිත ජලප්‍රතිකාර සහිත ස්නායු ප්‍රතිකාර මධ්‍යස්ථානය නැරඹීම සඳහා සිංගප්පුරුවේ ධම්ම ඩ්‍රම් (ධර්ම හේවිසිය) පදනමේ සභාපති ආචාර්ය සෝ බූන් සවේ ඇන්ඩ් මහතා ඉකුත් දා ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඒ මහතා පිළිගැනීමට ආරෝග්‍යා පදනම මහරගම පතිරගොඩ නාලන්දාරාම විහාරයේ දී විශේෂ පින්කමක් විහාරාධිපති ආචාර්ය තලපත්පිටියේ පුණ්‍යාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවේ සිහිවටනයක් ලෙස රන් ආලේප කළ දාගැබක අනුරුවක් රැගත් මංජුසාවක් සභාපතිවරයාට පරිත්‍යාග කළ අයුරු.
ඡායාරූප සහ සටහන මහරගම විශේෂ
වේහැල්ලේ පියතිලක

පොල්ගහවෙල, වදාකඩ, සපුගස්කන්ද ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ සතරපේරුවට අයත් දායිකාවන් පිරිසක් විහාරස්ථාන පරිශ්‍රය දිනපතා ඇමදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇත. පුරාවසර හතරක් තිස්සේ දිනපතා අඛණ්ඩව සිදුකරගෙන එන එම වැඩසටහන මඟින් විහාරමළුව, බෝමළුව, චෛත්‍ය මළුව ඇතුළු විහාරස්ථානයට අයත් සියලුම විහාරාංග නිසිලෙස අතුගා පවිත්‍ර කිරීම සිදු කෙරේ. ප්‍රදේශයේ තරුණ හා වැඩිහිටි දායිකාවන් පිරිසක් සංවිධානය වී සිදුකරගෙන එන මෙම දුර්ලභ ගණයේ සද්්ක්‍රියාව ඇගයීමේ උත්සවයක් ඉකුත්දා සපුගස්කන්ද විහාරාධිපති, අරඹේපොල සීවලී හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම ඇගයීමේ උත්සවය අවසානයේ විහාරස්ථානයේ ඇමදීමේ කටයුතු සිදුකරගෙන එන දායිකා මහත්මීන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමේ වැඩසටහනක්ද පැවැත්විණි. විහාරස්ථ දහම්ශාලාවේ පැවති එම උත්සවයේදී ප්‍රදේශයේ වයෝවෘද්ධ දායක මහත්මියක් විහාරාධිපති අරඹේපොල සීවලි හිමියන් වෙතින් ත්‍යාග ලබාගැනීමට පැමිණි අවස්ථාව.
පොල්ගහවෙල විශේෂ – කරුණාරත්න කළුආරච්චි

 
 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 06 වැනි දා අඟහරුවාදා අපරභාග 07.34 ට ලබයි.
07 වැනිදා බදාදා අපර භාග 09.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 07 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි මස 14 වැනි දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]