UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර අටවක මැයි 07 වනදා බදාදා

දැනුම දන් දෙමු

ශ්‍රී බුද්ධවර්ෂ 2558 වෙසක් පුර පසළොස්වක පොහොය තව දින කීපයකින් උදාවේ. වෙසක් මස උදාවත් සමඟ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ නිරන්තර මතකයට නැගෙනුයේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, ඒ ගෞතම මහ බෝසත්තුමා අසිරිමත් සම්මා සම්බුද්ධත්වයට පත්වීමත්, සම්බුද්ධ පරිනිර්වාණයත් යන අසිරිමත් සම්බුදු තෙමඟුලය.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව දින සති ගණනක් පුරා විවිධ පින්කම්වල නිරතවීම බෞද්ධ ජනතාවගේ පාරම්පරික සිරිතය.

එසේ කරන පින්කම් මඟින් කිසි විටෙකත් බුදුරජාණන් වහන්සේට නිගරුවක් වන ඉතා සුළු කටයුත්තක් පවා සිදුනොකිරීමට බෞද්ධ ජනතාව කල්පනා කළයුතු ය.

ලොව ඇතැම් රටවල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය, බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පිළිරුව යොදා ගනිමින් ඇතැම් වෙළෙඳ නාම බවට පත් කර ගැනීම නිසා එබඳු දෑ දැකීමෙන් හා ඇසීමෙන් අතීතයේදී බෞද්ධයා සංවේගයට පත් වූ අවස්ථා නැත්තේ නොවේ.

බෞද්ධ ජනතාව තම ශාස්තෘන් වහන්සේ උදෙසා දක්වනුයේ ඉමහත් ගෞරවයකි. ඉමහත් ශ්‍රද්ධාවකි. සදේවක ලෝකයාගෙන්ම පිදුම් ලබන බුදුරජාණන් වහන්සේට ආගමික ශාස්තෘවරයකු උදෙසා ලැබිය යුතු ගෞරවය කිසිසේත් අවම කළ හැකි නොවේ.

ලොව ඇතැම් අදූරදර්ශී මිනිසුන් බුදුරුව ඇතැම්විට අව තක්සේරුවට ලක්කිරීම කිසිදු බුද්ධිමත් ආගමිකයකු අනුමත නොකරනු ඇත.

බුද්ධ ප්‍රතිමා වහන්සේට පවා බෞද්ධ ජනතාව වැඳුම් පිදුම් සිදු කරනු ලබන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවය හා සමානවය.

කවර ආගමික ශාස්තෘවරයකු වෙත වුවද එම ආගමික ශාස්තෘවරයාගේ අනුගාමිකයන් මහත් ගෞරවයෙන් පුදනු ලැබේ. ආගම කවරක් වුවද ආගමික ශාස්තෘවරයා අව තක්සේරුවකට ලක් කළ යුතු නොවේ. ආගමික නිදහස මනුස්සයා සතු උරුමයකි. ඒ නිසාම ස්වකීය ආගම ගෞරවයෙන් පිළිපදින අතර අන්‍ය ආගම්වෙතද ගරු කිරීමට බෞද්ධ ජනතාව හුරු පුරුදු වී සිටිති.

විශේෂයෙන් බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේටත්, උන්වහන්සේ දේශනා කළ වදාළ ශ්‍රී සද්ධර්මයටත්, මහා සංඝරත්නයටත් යන තෙරුවන් උදෙසාම ඉමහත් ශ්‍රද්ධා ගෞරවයෙන් කටයුතු කරනු ලැබේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ අබියස කයින් වචනයෙන් සිතෙන් නරකක් කිරීමට තබා එවැන්නක් ගැන සිතීමටවත් බෞද්ධ ජනතාව පෙළඹෙනු නොලැබේ.

සම්බුදුදහම ඇතුළත් පොතපත පවා බෞද්ධ ජනතාව පරිහරණය කරනුයේ මහත් ගෞරවයෙනි.

දෙලොව යහපත උදාකළ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ දහම් පොතපතට යොදාගැනීමේදී පවා ඉතා විමසිල්ලෙන් හා වගකීමෙන් එය සිදු කළ යුතු බව පෙනේ.

දහම් පොතපත ගැන හැඟීමක්, වැටහීමක් අවබෝධයක් හා ගෞරවයක් නැති අය වෙත එබදු පොතපත යොමුවීම කෙරෙහි කල්පනා කළ යුතු වේ.

“බුදුසරණ” ප්‍රධාන ආගමික පුවත්පත් බොහෝවිට බෞද්ධ ජනතාව මහත් ගෞරවයෙන් ඒකරාශී කරන බව අපි දනිමු. ඒ තමාට ඉඩ ලද විට නැවත නැවතත් එය පරිහරණය කිරීමටය. එසේත් නොමැතිනම් ඊට දක්වන මහඟු ගෞරවය හේතුවෙනි.

බුදුරුව යොදා ඇති ආගමික පොතපත කියවා තමාගේ දැනුම වර්ධනය කර ගන්නා අතරම ඇතැම්විට ධර්ම දානය සඳහා ද එබඳු පොතපත ඒකරාශී කර ගමේ පාසලේ හෝ දහම් පාසලේ, පිරිවෙනේ, පන්සලේ පුස්තකාලයට පිරිනමනු අපි කොතෙකුත් දැක ඇත්තෙමු. බුද්ධිමත්ව සිතා බලා එසේ කිරීම අගය කළ යුතුව ඇත.

එහෙත් කලාතුරකින් හෝ අතපසුවීමකින්වත් එබඳු පොතපතට නිසි ගෞරවයක් නොලැබෙන අයකු වෙතට පත් නොකිරීමට වෙසෙසින්ම බෞද්ධයා කල්පනා කළ යුතුව ඇත.

බුද්ධ ප්‍රතිමා වහන්සේගේ රුව යෙදූ පුවත්පතක් හෝ පොතක් පවා ඊට බෞද්ධයා නිසි පුද දක්වන බැවින් එය තවදුරටත් ආරක්‍ෂා කරමින් මතු පරපුරෙහි ප්‍රයෝජනය සඳහා පාසලක, පන්සලක, පිරිවෙනක හෝ දහම් පාසලක පුස්තකාලයකට තමා නමින් බාර කිරීම වඩාත් සුදුසු වේ.

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 06 වැනි දා අඟහරුවාදා අපරභාග 07.34 ට ලබයි.
07 වැනිදා බදාදා අපර භාග 09.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 07 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි මස 14 වැනි දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]