UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

උඩුගම්පොල, දොණාගොඩ, අංක 55/ඒ හි පදිංචි 16 හැවිරිදි හස්සජී බුලත්සිංහල, ගම්පහ සිද්ධාර්ථ විදුහලේ අධ්‍යාපනය ලබන අතර දරුණු අක්මා රෝගයකින් පෙළෙයි.

උතුරු කොළඹ මහ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ ශල්‍ය වෛද්‍ය රොහාන් සිරිවර්ධන මහතා මෙම රෝගි දරුවාට වහාම අක්මාවක් බද්ධ කළ යුතු බවට නිර්දේශ කර ඇති අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජනක ද සිල්වා මහතා ද එය අනුමත කර ඇත. ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් වැය වන බවද දන්වා ඇත. එමෙන්ම පරිත්‍යාගශීලී නිරෝගි අයෙකුගෙන් අක්මා කොටසක් බද්ධ කිරීම සඳහා ද අවශ්‍යව ඇත. දරුවාගේ රුධිර කාණ්ඩය ඒ, බී පොසිටිව්. රියදුරෙකු වශයෙන් රැකියාව කරන දරුවාගේ පියා වන රෝහණ ඉන්ද්‍රජිත් බුලත්සිංහලගේ නමින් ඇති ගම්පහ කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුම් අංක 8440049499 දරන ගිණුමට පරිත්‍යාගශීලින්ගේ මුදල් බැර කරන ලෙස ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 077 5417679/ 077 4136666 දුරකතනයෙන් විමසිය හැකියි.


නිත්මි සෙනුරි ගනේගම දියණිය (අවුරුදු 13) කශේරුකාව ඇද වී යෑමේ අසනීප තත්ත්වයෙන් පසුවෙයි. ඒ සඳහා ඇයට හදිසි ශල්‍යකර්මයක් ඉන්දියාවේ ඇපලෝ රෝහලේදී සිදුකළ යුතු බව වෛද්‍යවරු පවසා ඇත. මේ සඳහා ලංකා මුදලින් රුපියල් ලක්ෂ 30 ක් අවශ්‍ය වී ඇත. මෙම විශාල මුදලක් සොයා ගැනීම ඇයගේ පියාට අසීරු කරුණක්ව ඇතිබව දන්වයි. එනිසා පින් කැමැති සියල්ලන්ගේ උපකාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියි. ඔබගේ මුදල් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මොරටුව ශාඛාවේ ගිණුම් අංක 100206034802 ට බැරකළ හැකියි. වැඩි විස්තර දුරකතන 072 4004425, 0729930926 විමසිය හැකියි.


ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ 12 ශ්‍රේණියේ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලබන අංක 114/ සී/ජේ/01 රන්මුතු උයන, පරකන්දෙණිය, ඉඹුල්ගොඩ පදිංචි බුද්ධිනී අසන්තිකා ශිෂ්‍යාවට තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් සෑදීම නිසා රෝගී තත්ත්වයෙන් පසුවෙයි. මෙම රෝගීී තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා විශාල මුදලක් වැයවන බව වෛද්‍යවරු පවසා ඇත. ඇයට වයස අවුරුදු දෙකේදී ඇයගේ පියා මියගොස් ඇති අතර මව ඉතා අසීරුවෙන් පවුලේ බර දරයි. ඇය සුවකර ගැනීම සඳහා ආධාරයක් අපේක්ෂා කරයි. ඒ සඳහා ඔබගේ පරිත්‍යාග කඩවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 100750212598 ට මුදල් බැර කරන ලෙස ඉල්ලීමක් කරයි.

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් මස 28 වැනිදා සඳුදා අපරභාග 12.44 ට ලබයි.
29 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 11.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මැයි 07වැනිදාබදාදා ය.


 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]