UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අමාවක 2014 අප්‍රේල් 28 වනදා සඳුදා

යහපත් ජීවිතය

සළොස්වක ,අව අටවක ,අමාවක සහ පුර අටවක වශයෙන් පොහොය දින සතරකි. අතීතයේ සිටම එම සතර පොහොය දින පිළිබඳ බෞද්ධ සමාජය දැනුම්වත්ව සිටී.

සතර පොහොයට අනුව බක් අමාවක පොහොය දිනය අදය. අනතුරුව උදාවන්නේ වෙසක් පුර අටවක පොහොය දිනයයි. ඉන් අනතුරුව එළඹෙන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසයි.

සතර පොහොය පිළිබඳ අතීතයේදී දැනුම්වත්ව සිටීම පමණක් නොව ඊට අනුව සතර පොහොයට පෙහෙවස් සමාදන් වූහ. ඒ නිසාම සතර පොහොයදා පෙහෙවස් සමාදානයේ යෙදුණූ සැදැහැවතුන්ගෙන් ගමේ විහාරස්ථානය හිස් නොවීය.

වර්තමානයේදී පවා සතර පොහොයට අටසිල් සමාදන්ව විහාරස්ථානයේ දී ආගමික වතාවත්වල නිරතවන අයුරු දක්නට ලැබේ. එසේ සතර පොහොයට පෙහෙවස් සමාදන් වීමට අපහසු වූ විට පසළොස්වක සහ අමාවක යන පොහොය දිනවලදි හෝ අද පවා සිල් සමාදන් වන පිරිස් ගමේ විහාරස්ථානයේදී මෙන්ම නගරබද විහාරස්ථානයන්හිදීද දැක ගත හැකිවේ.

කෙනෙකුගේ ජීවිතය ඇතැම්විට බොහෝ දුරට අවිවේකී යැයි කෙනෙකුට සිතිය හැකිය. එසේ අවිවේකී ජීවිතයකින් වුවද විවේකය උදා කරගත යුත්තේද තමා විසින්ම ය. ජීවිතයක ඉඩ ලද හැම විට, හැම මොහොතකම පිනට, දහමට නැඹුරුවූ තරමට ඒ ජීවිතයට ඒ තුළින් ලබා ගත හැකි ආධ්‍යාත්මික සුවය වෙනත් අයුරකින් ජීවිතයට උදා කරගත හැකි නොවේ.

මනුෂ්‍යයාගේ කුඩා කාලය අධ්‍යාපනය සඳහා යොමුවේ. සමාජයට මෙහෙවරක් මෙන්ම තමාටද මෙහෙවරක් සපයා ගැනීමට නිරන්තරයෙන් ම පුද්ගලයා අධ්‍යාපනය ලැබිය යුතුය. අධ්‍යාපනය මගින් පුද්ගලයාගේ නැණ නුවණ වර්ධනය කැරේ. නැණ නුවණින් සමාජය සපිරෙනවිට ගුණ නුවණ දියුණු කරගැනීමටද එය පහසුවක් වනු ඇත.

කුඩා කල එසේ අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව තරුණ කාලයට පිවිසෙයි. මහන්සියෙන් දැහැමිව ධනය උපයා ගැනීමට යොමු විය යුතුය. කායික, මානසික ශක්තිය දැඩිව පවතින ඒ තරුණ වියෙහිදී හැම විට තම අනාගත අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීමට යෝග්‍ය වන අයුරෙන් ශක්තිමත් පදනමක් සකස් කර ගත යුතුවේ.

ජීවිතයක සාර්ථකත්වයට යහපත් සාර්ථක මූලික අත්තිවාරම නම් නිසි පරිදි අධ්‍යාපනය ලැබීමය.

ගොඩනැගිල්ලක ශක්තිමත් භාවය රැඳී පවතිනුයේ එහි අත්තිවාරම මතය. අත්තිවාරමශක්තිමත් ගොඩනැගිල්ලක මහල් කීපයක් වුවද තැනිය හැකිය.

පුද්ගලයා කුඩා කල ලබන අධ්‍යාපනය සාර්ථකව ලබා ගැනීමෙන් ගොඩනැගිල්ලේ පාදම හෙවත් අත්තිවාරම සවිමත් කර ගන්නා මෙන් තම ජීවිතය නමැති ගොඩනැගිල්ලට ශක්තිමත් අත්තිවාරමක් යොදා ගත හැකිය.

ස්වකීය අධ්‍යාපනයෙන් ලබන දැනුමෙන් බුද්ධිය මෙහෙයවා ජීවිතය සාර්ථක ලෙස ගොඩනගා ගැනීමට උනන්දු විය යුතුය.

කුඩා කාලයත්, තරුණ කාලයත් ගෙවී යන මැදිවියේදී පමණක් දහමට නැඹුරුවීමට වඩා කුඩා කල පටන් දහමට නැඹුරු ජීවිතයක් ආරම්භ කිරීම වඩාත් පහසුය.

බුදුදහම යනු පරලොව ජීවිතය ගැන පමණක් දේශනා කළ දහමක් නොවේ. පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට නම් මෙලොව ජීවිතය නිරන්තරයෙන්ම සාර්ථක කර ගත යුතුවේ. මෙලොව යහපත් ජීවිතයක් ගත කරන ආකාරයද බුදුදහම මගින් ඉතා පැහැදිලිව පෙන්වා දෙනු ලැබේ. එබැවින් බුදුදහම දෙලොවම ජීවිත ගොඩනගා ගන්නා ආකාරය පහදා දෙන උතුම් දහමකි.

මසකට වරක් උදාවන සතර පොහොයෙන් ප්‍රධාන පොහොය පසළොස්වක පොහොයයි. එදින නිවාඩු දිනයකි. එදින නිවාඩු දිනයක් වූයේ තම පුද්ගලික කටයුතු කර ගැනීමට නොවේ. එනම් එදින ආගමික කටයුතුවල නිරතවීම සඳහාමය.

එබඳු දවසක් වෙනත්, කරුණු සඳහා යොදා ගැනීම නොගැලපෙන්නකි. දිනයෙහි අරමුණ හෝ වටහා ගත යුතුය. එදින හැකිතාක් ආගමික ජීවිතයක් ගත කළ යුතුවේ. එය මෙලොව ජීවිතයේ යහපත අභිවෘද්ධිය සැනසීම පමණක් නොව පරලොව ජීවිතයේද සැනසීම උදාකර දෙයි.බෞද්ධයාගේ මූලික අරමුණ ,අපේක්ෂාව ජීවිතයේ දෙලොවම සාර්ථක ජීවිතයක් ගත කිරීම නම් එම මූලික අරමුණෙහි සිට අවසාන අරමුණ දක්වා සාර්ථකව ගමන් කිරීමට යහපත් ජීවිතයක් ගත කළ යුතුවේ.

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් මස 28 වැනිදා සඳුදා අපරභාග 12.44 ට ලබයි.
29 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 11.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මැයි 07වැනිදාබදාදා ය.


 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]