UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ධර්මය

2013 අ.පො.ස. (සා.පෙළ) විභාගයට අදාළ ආදර්ශ ප්‍රශ්නෝත්තර

වස් කාලය සහ වැදගත් සිදුවීම්

1. වස් විසීමේ ක්‍රම දෙක මොනවාද ?

2. භික්‍ෂුවක් විසින් වස් විසීම සඳහා තෝරා ගැනීමට නුසුදුසු ස්ථාන මොනවා ද ?

3. ආරාධනයකින් තොරව වුවද සත් දිනක් තුළ ( සත්තාහකරණයෙන් ) යා හැකි පුද්ගලයන් සත් දෙනෙකු පිළිබඳ දැක්වේ. එම සත් දෙනා නම් කරන්න.

4. වස් විසූ භික්‍ෂුවකට වස් ශික්‍ෂා පදය සිඳ දමා යා හැකි අවස්ථා මොනවා ද ?

5. වස් පවාරණය දින වශයෙන් තෙවැදෑරුම් ය. ඒවා නම් කරන්න.

6. පවාරණය කාරක පුද්ගලයන් තෙවදෑරුම් ය. ඒවා නම් කරන්න.

7. පවාරණය කර්තෘ ව්‍යාකාරයෙන් තෙවදෑරුම් ය. ඒවා නම් කරන්න.

8. සංඝ පවාරණය යනු කුමක් ද ?

9. ඝණ පවාරණය යනු කුමක් ද ?

10. පුද්ගල පවාරණය යනු කුමක් ද ?

11. පවාරණය නො කිරීමෙන් භික්‍ෂුවකට සිදු වන ඇවත කුමක් ද ?

12. ප්‍රාතිමෝක්‍ෂ දේශනයට පෙර සම්පූර්ණ වී තිබිය යුතු ( පුබ්භ කරණ ) කරුණු මොනවා ද ?

13. පුබ්භ කිච්ඡ නාමයෙන් හඳුන්වා ඇත්තේ මොනවා ද ?

14. කඨින චීවරයක් ලැබූ භික්‍ෂුවකට පස් මසක් ගත වන තුරු ලැබෙන ආනිසංශ මොනවා ද ?

15. උප සපන් භික්‍ෂුවක් වස් සමාදන් වන ආකාරය ලියා දක්වන්න.

පිළිතුරු

1. පෙර වස් විසීම - ඇසළ මස පසළොස්වක පොහෝ දිනට පසු දින පසු වස් විසීම – නිකිණි මස පසළොස්වක පොහෝ දිනට පසු දින

2. ගස් බෙනය තුළ
ගස් අතු උඩ
එළිමහන් ස්ථානයක
පිනි කාමරය
සැලිය
වහළ හෝ දොර නැති කුටිය
කුඩයක් යට

3. රෝගී වූ භික්‍ෂුවක් බැලීමට රෝගී වූ භික්‍ෂුණියක් බැලීමට
රෝගී වූ ශික්‍ෂා මානවිකාවක් බැලීමට
රෝගී වූ සාමණේර භික්‍ෂුවක් බැලීමට
රෝගී වූ සාමණේරි භික්‍ෂුණියක් බැලීමට
රෝගී වූ උපාසක මහතෙක් බැලීමට
රෝගී වූ උපාසිකා මාතාවක් බැලීමට
රෝගී වූ තම දෙමාපියන් බැලීමට

4. සිවුපා සතුන්ගෙන් කරදර ඇති වේ නම්
විෂ ගෝර සර්පයන්ගෙන් කරදර ඇති වේ නම්
සොර,සතුරු, උවදුරු නිතර ඇති වේ නම්,
අමනුෂ්‍ය ආදී කරදර නිතර ඇති වේ නම්,
ගොදුරු ගමෙහි ගිනි විපතක් නම්,
සෙනසුන ගිනි ගැනීමක් නම්,
ජල ගැල්මෙන් වන විපතක් නම්,
පිණ්ඩපාතය ප්‍රමාණාත්මකව නොලැබේ නම්,
උපස්ථායකයෙකු නොමැති නම්,
ස්ත්‍රියකගෙන් හෝ වෙසඟනකගෙන් අයුතු ඉල්ලීමක් වේ නම්,
වස් විසූ ස්ථානයෙන් ධන නිධානයක් පහළ වේ නම්, යන අවස්ථාවන් ය.
සංඝ භේදයට තුඩු දෙන කරුණක් නම්,

5. 1. චතුද්දසී
    2. පණ්ණරසී
    3. සාමග්ගී

6. 1.සංඝ
   2. ඝණ
   3.පුද්ගල

7. 1.තේවාචික
   2. ද්විවාචික
  3. ඒකවාචික

8. පස් නමක් හෝ ඊට වැඩි පිරිසක් සම්බන්ධ වී පාවාරණය කිරීම.

9. භික්‍ෂූන් සිව් නමක් තුන් නමක් හෝ දෙනමක් සම්බන්ධ වී පවාරණය කිරීම.

10. එක නමක් පමණක් පවාරණය කිරීමය.

11. දුකුලා හෙවත් දුක්කටා පන්තියක්

12. 1 සීමා මාලකය ඇමදිය යුතුය.
     2 පහන් දැල්විය යුතුය. (දහවල් කාලයේ විනය කර්ම සිදු කරන්නේ නම් පහන් දැල්වීම අනවශ්‍ය බව දැන්විය යුතුය.) පණ්ණරසී
     3 බීමට හා පා සේදීම් ආදියට අවශ්‍ය පැන් තැබිය යුතුය.
     4 ආසන පැනවිය යුතුය.

13. 1 ඡන්දය ( කැමැත්ත ලබා ගැනීම)
     2 පිරිසුදු බව ප්‍රකාශ කිරීම.
     3 සෘතුව හා දිනය ප්‍රකාශ කිරීම
     4 පැමිණ සිටින භික්‍ෂූන් ගණන් කිරීම.
     5 භික්‍ෂූන්ටත් අවවාද දීම.

14. 1 අනාමන්තර – විහාරස්ථානයේ සිටින අනෙක් භික්‍ෂූවකට නොදන්වා දායක කුලවල ඇවිදිය හැකිය.
      2 අසමාදානාචාර – තුන් සිවුර තම අත් පසෙහි නොතිබුණත් නිසගි ඇවතක් සිදු නොවේ.
      3 ඝණ භෝජන – දානයක් වශයෙන් නොව මිත්‍රත්වයෙන් කළ ආරාධනාවකට සතර නමක් හෝ ඊට වැඩි නමක් සමඟ ගොස් වැළදිය හැකි ය.
      4 යාවදත්ථි චීවර – තුන් සිවුරට අතිරේකව ලැබෙන සිවුරක් හේමත්ත සෘතුව අවසන් වන තෙක් නිසඟි නොවී තබාගත හැකි ය.
      5 චීව රුප්පාද - හේමන්ත සෘතුව අවසන් වන තුරු විහාරස්ථානයට ලැබෙනතාක් සිවුරු පිරිකර ආදිය කඨිනය ඇති රූ භික්‍ෂුවට හිමි වේ.

15. ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි. ඉධ මස්සං උපේමි ( මෙම විහාරයෙහි මෙම තෙමස තුළ වස් වසමි. යනුවෙන් තෙවරක් ප්‍රකාශ කළ යුතු ය. )

 
ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 16 වැනි දා සෙනසුරාදා අපරභාග 07.47 ට ලබයි.
17 වැනි දා ඉරිදා අපරභාග 08.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 25 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]