UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොබවක ශ්‍රී සුමනාරාමය පෝදා පින්කම්

අනුරාධපුර ජය සිරි මහ බෝධිය

පුන් පොහෝ දින පෙරවරු 8. 00ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනය පරිදි පෝදින වැඩසටහන් පැවැත්වේ.

මෙම ඉල් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ.

18 වෙනිදා, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා වැඩසටහනක් පෙරවරු 8. 00 සිට පෙරවරු 10. 00 දක්වා පැවැත්වේ.

පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නෙ රෝහිත විජයතිලක මහතා විසිනි.


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනුනායක හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි, 9.00 – 10.00 ජාතක කතා පිටිපන සාසනරතන හිමි, 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විසාරද හිමි, පස්වරු 12.30 – 1.30 සෙත් පිරිත් සහ තෙරුවන් ගුණ කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.45 ධර්ම සාකච්ඡාව දර්ශනපති මඩිහේ සුගත සිරි හිමි, 3.00 – 4.00 ගිහි දේශනය, වෛද්‍යාචාර්ය දයා සිරිසේන මයා, 4.00 – 5.00 ධර්ම දේශනය වේරදුවේ මහින්ද හිමි, 5.00 – 6.00 ධර්මදේශනය මීගොඩ සුඛිත හිමි, ප.ව. 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරරාම ස්වාමීන් වහන්සේලා.


බෙල්ලන්විල රජමහා විහාරය

පෙරවරු 6 ට සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව, 7 ට බුද්ධ පූජාව, 10.00 භාවනාව, තලාවේගම සද්ධාතිලක හිමි, පස්වරු 1.30 ට ජාතක ධර්ම දේශනාව මොරගොඩ සුධම්ම පොඩි හාමුදුරුවෝ, 3.00 ට ධර්ම සාකච්ඡාව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, මහාචාර්ය ජී. ආරියපාල පෙරේරා මහතා, ශාස්ත්‍රපති පී. වීරතුංග මහතා, 4.30 ධර්ම දේශනාව පට්ටියවෙල චන්ද්‍රාලෝක හිමි, රාත්‍රි 7.00 ට බුද්ධ පූජාව, 7.30 ට ධර්මදේශනාව බේරේගම අමිත නා හිමි


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති, දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ මස 17 වන පසළොස්වක පොහොය දා කොබවක ශ්‍රී සුමනාරාමයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. මෙදින පෙරවරු 9.00 ට විශේෂ භාවනා වැඩසටහන පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාම වාසී මීමන සුසීම හිමි මෙහෙයවන අතර සවස 2.00 ට පැවැත්වෙන කඨිනාණිශංස ධර්ම දේශානාව රැටියල ශ්‍රී සුධර්මාරාමාධිපති පානදුර / තොටමුණ ප්‍රධාන රයිගම් පස්යොදුන් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත මොරපිටියේ ධම්මතිලක නා හිමි, රාත්‍රි 7.00 ට ගිලන්පස බුද්ධ පූජා බෝධි පූජා පින්කම පැවැත්වේ.


දෙකටන නාමළුව පුරාණ විහාරය

බස්නාහිර පළාතේ ද්විතියීය අධිකරණ සංඝ නායක වේල්ගම සද්ධාලෝක නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන පෝදා වැඩසටහන, අලුයම සිල් සමාදන් වීම හා බුද්ධ පූජාව පරකඩුවේ සරණංකර නා හිමි, පෙරවරු 8.30 - 9.30 සජිවි ධර්ම දේශනාව වෙන්නවත්තේ රතනජෝති හිමි, 9.30 - 11.00 ධර්ම සාකච්ඡාව, 11.00 - 11.30 බුද්ධ පූජාව ඉළුබකන්දේ විජිත හිමි, පස්වරු 2.00 - 3.00 සජීවි ජාතක කතාව - සන්නස්ගම බුද්ධප්‍රිය හිමි, 4.00 - 5.00 සජිවි ධර්ම දේශනාව - වැලමිටියාවේ කුසලධම්ම නා හිමි, 6.30 බෝධි පූජාව නරම්පොල සුමනනන්ද හිමි රාත්‍රී 9.30 සිට පසුදා අලුයම දක්වා පරිත්‍රාන ධර්ම දේශනාව පැවැත්වේ.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 6.30 උපෝසථ ශීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ අනුශාසනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි, 8.00 ධර්ම දේශනය සිරි ධම්මින්ද විහාරවාසී දිවුරුම්වෙල විනීත හිමි, 9.00 වෙසෙසි දෙසුම දර්ශනපති කථිකාචාර්ය ආනන්ද සිල්වා මහතා, 10.30 ධර්ම දේශනය හටංගල අමරවංශ හිමි, 11.30 දහවල සම්බුද්ධ පූජාව රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.45 තෙරුවන් ගුණ සහ පිරිත් සජ්ඣායනය, ධර්මායතනවාසී භික්‍ෂූන් වහන්සේලා සමඟ සිල් පිරිස, 1.15 ජාතක කතා පොත් වහන්සේ කියැවීම, විජේසිරිවර්ධන මහතා, 3.00 කාව්‍යමය ධර්ම දේශනය රන්සාගොඩ සුමිත්ත හිමි, 4.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, රාත්‍රි 7.00 රාත්‍රි විශේෂ ගිලන්පස මල් පහන් බුද්ධ පූජා බෝධි වන්දනාව සිරිගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි ප්‍රධානත්වයෙන් ධර්මායතනවාසී මහා සංඝරත්නය. මෙදින බුදුසරණ පුවත්පත ධර්මදානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය කාන්ති පෙරේරා මිය, සුජාතා ගුණතිලක මිය, දුලානි පලිහදැරු මිය සහ බෝධි වික්‍රමසිංහ මහතා විසිනි.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත දම්පහළ ඤාණරතන නා හිමියන් ගේ අනුශාසකත්වයෙන් ශීල සමාදානය පැවැත්වෙයි. අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර අලුයම, 6.30 සිට 7.30 දක්වා උපෝසථ අෂ්ටාංග ශීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව සිදු කිරීම, ධර්මායතනාධිපති නා හිමි, පෙරවරු 8.00 සිට 9.00 දක්වා භාවනා වැඩසටහන නිල්මල්ගොඩ සද්ධාවිහාරි හිමි, 9.00 සිට 10.00 දක්වා ධර්ම දේශනාව ශාස්ත්‍රපති අධ්‍යාපනපති, ශ්‍රී විමලකීර්ති පරිවේනාධිපති කෝන්ගල තිලකසෝම හිමි, 10.00 සිට 10.45 දක්වා භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 10.45 සිට පස්වරු 12.00 දක්වා දහවල සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, 12.30 සිට 2.00 දක්වා ධර්ම සාකච්ඡාව, පන්නිපිටිය නියඳගල ජාතික සාරධර්ම ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 2.00 සිට 3.00 දක්වා ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා, 3.00 සිට 4.00 දක්වා කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩි හාමුදුරුවන් වහන්සේ, 4.00 සිට 5.00 දක්වා මහපිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ හිමිවරු, 6.30 ට අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ ගිලන්පස බෝධි පූජාව සිදු කිරීම ධර්මායතනාධිපති නා හිමි, රාත්‍රී 7.00 ට කඨිනානිසංස ධර්ම දේශනාව නිල්මල්ගොඩ සද්ධාවිහාරි හිමි, එදින බුදුසරණ පත්‍ර බෙදාදීම ටී.ආරියවතී මහත්මිය විසිනි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 – 7.00 ශීල සමාදානය, අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.30 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 10.00 – 11.00 ධර්මදේශනය ආචාර්ය, මිරිස්සේ ධම්මික නා හිමි, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනව, 1.00 – 2.00 ධර්මදේනාව ශාස්ත්‍රපති ගොම්බද්දල දමිත නා හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති හිමි, 4.00 – 5.00 ධර්මදේශනය වැලිහෙල්තැන්නේ කල්‍යාණසිරි හිමි, 5.00 – 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි විසින් රචිත මාසික ධර්ම ග්‍රන්ථය මෙදින උපාසක උපාසිකාවන්ට පිළිගැන්වෙයි.


වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පසළොස්වක පොහෝ දින ශීල සමාදානය මහරගම මහින්ද නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. පෙරවරු. 6.00 – 7.00 ශීල සමාදානය සහ අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව බම්බලපිටිය වජිරාරාමවාසී වේරගොඩ මහින්ද හිමි, 9.00 – 10.00 කොළඹ අරලියගහ මන්දිරයේ සිට විකාශනය කෙරෙන ධර්ම දේශනාව, 10.00 – 11.00 ආරාධිත දේශනය ධර්මාචාර්ය ජයන්ත වත්තෙවිදාන මහතා, 11.00 – 12.00 දහවල් ආහාර බුද්ධ පූජාව පස්වරු 12.00 – 1.00 පිරිත් දේශනාව, 1.00 – 2.30 භාවනාව ධර්මාචාර්ය ශාන්ත ඡ්‍යොතිවංශ මහතා 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රණස්ගල්ලේ ඤාණවීර නා හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති යටිරාවන ධම්මාරාම නා හිමි, 5.00 – 5.30 ගිලන්පස බුද්ධ පූජාව දේශීය හා විදේශීය ස්වාමීන් වහන්සේලා විසිනි.


කළුතර බෝධිය

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව කටුකුරුන්ද සුසීමාරාම විහාරාධිකාරි පනාපිටියේ විජිතනන්ද හිමි, 7.30 – 9.45 භාවනාව සහ ධර්ම දේශනය කොබෝදූවේ දේවසිරි හිමි, 10.00 – 11.00 ධර්ම දේශනය මස්පන්නේ ගුණාලංකාර හිමි, පස්වරු 1.00 – 3.00 ධර්ම දේශනය පිටිගල ධම්ම විනීත හිමි, 3.15 – 5.15 ධර්ම සාකච්ඡාව ශේන් බ්ලොක් මහතා, 5.30 – 6.30 ධර්ම දේශනය තිනියාවල ඥාණින්ද හිමි, 6.45 – 7.45 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධිපූජාව (පටිගතකළ එකකි) 8.00 – 9.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 9.15 සිට රූපවාහිනී තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්තානයේ පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, ශීල, භාවනා ධර්මදේශනා ඇතුළු වැඩසටහන් පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ඇලපිටිවෙල නන්දවිමල,

වේවැල්දූවේ ධම්මකිත්ති, දළුගම සමිතඥාන හිමිවරු ද ගාල්ලේ සුධම්මචාරි දසසිල් මාතාවද වැඩම කරනු ලැබේ. විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමිගේ මඟ පෙන්වීම යටතේ අම්බලන්ගොඩ සුමනනන්ද හිමිගේ සංවිධායකත්වයෙන්, විහාරස්ථ බෞද්ධාරක්‍ෂක කාර්ය සාධක සමිතියට අනුබද්ධ ‘වීතදෝෂී’ සංවිධානය මඟින් කටයුතු මෙහෙයවනු ලැබේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණ ශීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව කුඩාකත්නෝරුවේ විනීත නා හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මහ ඔය අනුරුද්ධ හිමි. පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දෙසුම මහාචාර්ය සරත් විජේසූරිය මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත වලපනේ ඤාණසේන හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව හා සිල් පවාරණය ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.

වැඩිහිටි ශීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ගොතටුව චන්දන විහාරවාසී විනයාචාර්ය රන්වල ඥානාවාස හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන්හි ආචාර්ය ශාස්ත්‍රපති රත්මලානේ පඤ්ඤාජීව හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව කඩුගමුවේ සමුදිත හිමි, මාගම සුජාත හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ යාලගමුවේ මංගල හිමි සහ බලන්ගොඩ ධම්මරක්‍ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති වගවත්තේ විමලවංශ හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය බත්තරමුල්ල සිරි සුදර්ශනාරාම සදහම් සෙනසුයේ ප්‍රධාන අනුශාසක මිරිස්සේ ධම්මික නා හිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කුප්පියාවත්තේ ශ්‍රී ජයසේඛරාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ශීල සමාදානය පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථශීලය හා කෙටි අනුශාසනාව රජවත්තේ වප්පහිමි 7.00 – 7.30ට සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 –9.00 භාවනාව රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 ධර්මදේශනය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුලානේ ගුණානන්ද හිමි, 10.30 – 11.00 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12. 15 – 12. 30ට බුද්ධානුස්සති භාවනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.15 – 3.15ට ධර්ම දේශනය මෑපැව්වේ කල්යාණ ධම්ම හිමි, 3. 30 – 4. 30ට භාවනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම සාකච්ඡාව, කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා, 6.45 – 7.45 දක්වා සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00ට රාත්‍රී ධර්ම දේශනය ( පටිගත කරන ලද )


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ සංඝමිත්තාරාමයෙහි පුන් පොහෝ දින අලුයම 5. 30ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූ මහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 8. 00 – 9. 00 දක්වා ධර්ම දේශනාව පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් 9. 00 – 10. 00 දක්වා ධර්ම දේශනාව පොල්ගස්ඕවිට දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී දාස්වත්තේ සුමනසීල හිමි, 10. 00 – 11. 00 දක්වා ධර්ම දේශනාව පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන්, පස්වරු 12. 30 සිට 1. 00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1. 00 – 2. 00 දක්වා ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි, 2. 15 – 5. 00 දක්වා භාවනාව පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන්, තුන්සූත්‍ර දේශනය සවස 6. 00 ට මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූ මහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් විසින් මෙම පසළොස්වක පොහොය දිනයේ සිල්වත් පිරිස අතර ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.

 

 
ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 16 වැනි දා සෙනසුරාදා අපරභාග 07.47 ට ලබයි.
17 වැනි දා ඉරිදා අපරභාග 08.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 25 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]