UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හොරණ රජමහා විහාරය

කඨීන චීවර පූජෝත්සව

හොරණ රජමහා විහාරය

හොරණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම් මාලාව මේ මස 15 වැනිදා පස්වරු 5 ට හොරණ රජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව පවැත්විණි.

මංගල ධර්මදේශනය වශයෙන් මේ මස 15 වැනිදා පස්වරු 5 ට මාඳුළුවාවේ සෝභිත හිමි විසින් එම විහාරස්ථානයේ දී ධර්ම දේශනයක් පැවැත් වූ අතර 16 වැනි දා රාත්‍රී සිට පසුදා පහන්වනතුරු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් ද, 17 වැනි දා අලුයම කඨින පෙරහරද පැවැත්වේ.


ඇතුල්කෝට්ටේ ධර්මාශ්‍රම විහාරය

ඇතුල්කෝට්ටේ කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරස්ථානයේ කඨින පින්කම, විහාරාධිපති දර්ශනපති සේරන්කඩ සීලවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි 17 වෙනි දින සිදුකෙරේ. ඒ වෙනුවෙන් නොවැම්බර් මස දින තුනක් ධර්මදේශනා, අටවිසි බුද්ධ පූජා හා සෙත්පිරිත් දේශනා පැවැත්වීමට දායක සභාව, කුළඟන සමිතිය කටයුතු යොදා ඇත. 14 වෙනි දා කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ උපාධි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ මඩිහේ සුගතසිරි හිමිගේ ධර්මදේශනාව හා බැදිගම සිරිවිමල හිමිගේ අටවිසි බුද්ධ පූජාව ද 15 දා සේරන්කඩ සීලවංශ හිමි බෝධි පූජාව පවත්වන අතර, සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ පිරිවෙන් සම්බන්ධීකරණ විතාරන්දෙණියේ මේධානන්ද හිමිගේ දම් දෙසුමකි. 16 දා කරවිට චන්දරතන හිමිගේ අටවිසි බුද්ධ පූජාව හා රාත්‍රි 8.30 ට සර්ව රාත්‍රික පිරිත් දේශනාව ආරම්භ කිරීම 17 දා (පොහෝ දින) දහවල් කඨින චීවර පූජාව හා සඟසතු දාන පින්කම පැවැත්වේ. මෙදින සවස බෝධිපූජාව මාරක ධම්මානන්ද හිමි පවත්වන අතර කඨින ධර්ම දේශනාව නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමි විසින් පවත්වනු ලබති.


අනුරාධපුර බෞද්ධ මණ්ඩලය කඨින චීවර පූජාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය, වසරක් පාසා, පවත්වනු ලබන කඨින චීවර පූජාව, මෙවරද මේ මස 17 වෙනි දින ඉල් පොහොය දා සිදු කිරීමට නියමිතය. බෞද්ධ මණ්ඩල ධර්ම ශාලාවේ ඉදි කරනු ලබන අලංකාර මණ්ඩපයක් තුළ, සුවඳමය දුම් විසුරුවා, සෙත් පිරිත් දේශනා, පැවැත් වීමෙන් පසු අත් යන්ත්‍රයකින් සතර දිසාවේ පහන් දල්වා, කඨින වස්ත්‍රය විවීම ආරම්භ වෙයි. මංගල බෙර හා හේවිසි හඬත් සාදුකාර නාදයත් මැද එම වස්ත්‍රය වියා අවසන් වන්නෙ පාන්දර යාමය එළඹීමත් සමඟය. ඉන් අනතුරුව එම වස්ත්‍රය සේදීම, කඩ බෙදීම, කඩ කැපීම, එක්කොට මැසීමෙන් පසු ස්වාභාවික කැලෑ කොළ මල් කහට පොතු වර්ග යොදා දින ගන්වා කප් බිංදු තැබීම, ඇතිරීම යන කරනු අට එකම රාත්‍රියක සම්පූර්ණ කොට බුද්ධ චීවරය නිර්මාණය කරනු ලැබේ. පසුව 17 වෙනි දින දහවල් විසිපස් නමකට අධික ගරුතර මහා සංඝරත්නය විෂයෙහි පිරිනමන සපිරිකර මහා දානයෙන් පසු බෞද්ධ මණ්ඩල සංඝාවාසයෙහි වස් විසූ භික්‍ෂූන් වහන්සේලා වෙත එම කඨින චීවරය මහත් වූ ගෞරවයෙන් පිළිගන්වනු ලබයි.


මහනුවර ශ්‍රී නාථදේවාල විහාරය

අස්ගිරිය මහා විහාරයේ මහෝපාධ්‍ය මහනුවර ශ්‍රී නාථ දේවාලවිහාරාධිපති ගොමගොඩ රතනසාර නා හිමි ප්‍රධානත්වයෙන් කඨින පින්කම ඉල් පෝදා පැවැත්වේ. 16 වෙනි දා ශ්‍රී නාථදේවාල විහාරස්ථානයේ දී ශාස්ත්‍රපති ඇටිපොල මහින්ද හිමි මූලිකත්වයෙන් ආගමික වැඩසටහන් මාලාවකි.


කැලණි රජමහා විහාරය

කැලණි රජමහා විහාරයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නා හිමි අනුශාසකත්වයෙන් මේ මස 17 වන පෝදා ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථානයේ දී පැවැත් වේ.

කඨින චීවරය පාන්දර 4.30 ට කැලණිය චන්ද්‍රසේන ඩයස් මහතාගේ නිවසේ සිට පෙරහරකින් වඩමවනු ලබන අතර පෙරවරු 6.00 සිට කඨින චීවරය සඟ සතු කර පූජා කෙරේ.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනයේ කඨින මහා පින්කම, ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ටී. පබ්ලිස් ප්‍රනාන්දු, කේ. සීලවතී මහත්මිය ප්‍රධාන ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් පුන් පොහෝ දින දක්වා පැවැත්වේ.


හොරණ ශ්‍රී පූර්වාරාම මහ විහාරය

හොරණ ශ්‍රී පූර්වාරාම මහ විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 16 – 17 දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත. 17 වැනි දා දහවල් කඨින චීවර පූජාව සහ සපිරිකර සහිත සංඝගත දක්‍ෂිණාව හා කප්රුක් පූජාවද එදින දහවල් 12.30 ට කඨිනානිසංස ධර්ම දේශනාව පැවැත්වීමට නියමිත ය.


කතරගම ශ්‍රී වල්ලි කන්දාරාමය

කතරගම වල්ලිමාතාගම ශ්‍රී වල්ලි කන්දාරාම විහාරස්ථානයේ කඨින පූජා පින්කම මේ මස 16 හා 17 යන දිනයන්හි පැවැත්වීමට විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය ලත්පදුරේ විපුල භද්‍ර නාහිමියන්ගේ අනුශාසනාව පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.


මහවැලි තැන්නේගම ශ්‍රී ගුණරත්නාරාමය

කුණ්ඩසාලේ පල්ලෙකැලේ මහවැලි තැන්නේගම ශ්‍රී ගුණරත්නාරාමයේ 12 වෙනි කඨින චීවර පූජා පින්කම සහ කුල දරුවන් දෙදෙනකු සසුන් ගත කිරීම අභිනව විහාර මන්දිරය විවෘත කිරීම මේ මස 15 සහ 16 යන දිනයන්වල දී පැවැත්වේ.

ශ්‍රී ගුණරත්නාරාමාධිපති අමරපුර සිරිධම්මවංශ මහා නිකායේ මධ්‍යම පළාතේ උඩගම්පහ කෝරලයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී උඩදුම්බර රත්නසිරි හිමියන්ගේ මූලිකත්වයෙන් පින්කම් මාලාව සිදු කෙරෙයි.


කඩුගන්නාව පුරාණ පොත්ගුල් විහාරය

කඩුගන්නාව කදන්ගමඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරයේ අධිපති යටිනුවර ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ඕවල සෝරත නාහිමිගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 16 සහ 17 දිනවල කඨින පූජෝත්සවය සිදු කෙරේ.


පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය

තලාතුඔය, පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමයේ කඨින පින්කම නොවැම්බර් 16 සහ 17 ඉල්පෝදා ලේඛකාධිකාරී, සද්ධර්මාරාමාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමි මූලිකත්වයෙන් පැවැත්වේ.


වැල්ලම්පිටිය පරමධර්මෝදය විහාරස්ථානය

වැල්ලම්පිටිය පරමධර්මෝදය විහාරස්ථානය විහාරාධිපති විටියල කවිධජ හිමිගේ අනුශාසකත්වයෙන් කඨින පින්කම සංවිධානය කර ඇත. නොවැම්බර් 15 දා රාත්‍රී 9. 30ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද, 16 වෙනිදා උදේ 4ට කඨින චීවරය රැගත් පෙරහර කේ. පී. ඥානලතා මහත්මිය හා එම මහතාගේ ප්‍රධාන දායකත්වයෙන් කඨින චීවරය සඟසතු කොට පූජා කෙරෙණි. එදින කඨිනානිශංස ධර්ම දේශනාව ඇත්කඳුරේ සුමනසාර හිමි විසින් පැවැත්විණි.

 
ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 16 වැනි දා සෙනසුරාදා අපරභාග 07.47 ට ලබයි.
17 වැනි දා ඉරිදා අපරභාග 08.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 25 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]