UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩගම සිරි සීලරතන දහම් පාසල

උඩගම සිරි සීලරතන දහම් පාසල


විහාරාධිකාරි ප්‍රධානාචාර්ය හිමියන් සමඟ ආචාර්ය මණ්ඩලය



දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක්

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩගම ග්‍රාමනිලධාරි වසමේ සුන්දර වෙල් යායක් මධ්‍යයේ පිහිටි ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරස්ථානයට අනුබද්ධ සිරි සීලරතන දහම්පාසල 1954 නොවැම්බර් 02 වැනි දින ආරම්භ කර ඇත.

එවකට මෙම විහාරස්ථානයේ වැඩ සිටි විහාරාධිපති කෙහෙල්ගමුවේ සීලරතන නා හිමියන්ගේ නමින් මෙම දහම් පාසල ආරම්භ කර ඇත. ඉන්පසු වැඩ සිටි කලුගල සරණපාල හිමි, පොල්ගහාඅංග සුදස්සි හිමි, උලපනේ පඤ්ඤානන්ද හිමිවරු මෙම දහම් පාසල නගා සිටුවීමට කටයුතු කළහ. උන්වහන්සේලාගේ අපවත්වීමත් සමඟ මෙම දහම් පාසල වැසී ගියද මෙම විහාරස්ථානයට වැඩම කළ කිරිදිවත්තේ සුමනසාර නා හිමියන්ගේ මූලිකත්වයෙන් නැවැත වතාවක් දහම් පාසල ආරම්භ කරන ලදී. උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි 2007 සිට වත්මන් විහාරාධිකාරි වූයේ නුගගොල්ලේ විමලසාර හිමියන් ය. මෙම දහම් පාසලේ අද වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 250 ක් පමණ අධ්‍යාපනය ලබති. මෙහි ආචාර්ය මණ්ඩලය 17 දෙනෙකි.

මේ වන විට ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරි දහම් පාසලක් ලෙසත් කොට්ඨාස පළාත්, දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන තරගවලින් ජය ලබා ඇත.මෙයට සම්බන්ධව සිරි සීලරතන පෙර පාසලත් දහම් පාසල සමඟ පවත්වා ගෙන යයි. මෙම දහම්පාසල මගින් උඩුගම, ජාපාවත්ත, උඩගමකන්ද, ඉන්දාවිට,ජන උදානගම, නැඩ්සා ,රේන්දපොළ, සිංහපුර හා වරකාපිටිය ගම්මානවල දරුවන්ට ඉමහත් සෙතක් සලසෙයි.

ගමට සෙතක්, දැහැමි පරපුරක් බිහි කිරීම මෙම දහම් පාසලේ එකම අභිලාෂය වී ඇත.

 

 

 

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 15 වැනි දා සඳුදා අපරභාග 09.05 ට ලබයි.
16 වැනි දා අඟහරුවාදා අපරභාග 08.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 16 වැනිදා අඟහරුවාදාය.

මී ළඟ පෝය
ජූලි 22 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]