UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර අටවක 2013 ජූලි 16 වන දා

මනුෂ්‍යත්වයට අවමන් කළ මිලේච්ඡ ප්‍රහාර

හා භාරතය පුරා දෙ සැටක් ආගමික විශ්වාස පැවැති සමයක ගෞතම බුදුපියාණන් වහන්සේගේ පහළවීමෙන් සත්‍යය දහම නම් කුමක්දැයි මහා කරුණාවෙන් ලෝකවාසීන් වෙත ලොවෙහි පවතින යථාර්ථය දේශනා කළ සේක.

ඉන්දියාව හෙවත් මහා භාරතය ගෞතම බුදුපියාණන් වහන්සේ මෙලොවට බිහිවූ දේශයයි. එදා මහා භාරතයේ පහළ වූ උන්වහන්සේ බුද්ධත්වයෙන් පසුව අපේ රට ට තෙවරක් ම වැඩම කළහ.

බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් බුදු නුවණින් විමසා බැලූ කල ඉතා දිගු කලක් සම්බුදු සසුන අපේ රට තුළ පවතින බව මෙන් ම මෙරට බෞද්ධ ජනතාව ද පූජනීය බෞද්ධ සිද්ධස්ථාන කවර රටක පැවැතුන ද ඒවා ආරක්ෂා කිරීමට ඇප කැප වන බවද දකින්න ට ද ඇත.

බුදුපියාණන් වහන්සේ මහා කාරුණික වූහ.තමන්වහන්සේට අවමන් කළ සියලු දෙනාට සේම ගෞරව කළ සියලුදෙනාට ද එකලෙස සම මෙතින් සම සිතින් පිහිට වූහ.ඒ බුදුසිරිතේ අසිරියයි.

එවන් උතුම් ශාස්තෘන් වහන්සේ කමක් වන ගෞතම බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ සම්බුදු දහමට අනුව දහම් මග යන බෞද්ධ ජනතාව මහා භාරතයට, දඹදිවට එදා මෙන් කවදත් මහත් ගෞරව දක්වනු ලබන්නේ බුදුපියාණන් වහන්සේ උපන් දේශය නිසා ම ය.

ඉන්දියාවත් අපේ රටත් අතර සුහදත්වය, විශ්වාසය, ගෞරවය ආගමික වශයෙන් මෙන් ම දේශපාලනික, ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික ආදි වශයෙන් ඓතිහාසික සබඳතාවයක් පවතී.

ලොව නිර්මල ථෙරවාදී සම්බුදු දහම පවතින අපේ රටත්, අපේ ජනතාවත්, සෑම ජාතියකටම, සෑම ආගමකට, ගරු කිරීමටත් පුරුදු පුහුණුවී සිටිති.

බෞද්ධ ජනතාව බුද්ධිමත් නිසාම අපේ දහමට ගෞරව කරන්නා සේම අනෙකුත් ආගම් මෙන්ම ජාතීන්ටද ඒ ගෞරවය නොඅඩුව දක්වති.

එහෙත් ඇතැම් රටවල අන්තවාදීහු එසේ නොවේ. අවස්ථාවාදී පටු අරමුණු ජය ගැනීමට කවර හෝ ක්‍රියාවක නිරත වන බව පෙනෙන්නට ඇත.

තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදය අපේ රටෙන් තුරන් කිරීමට මෙරට රාජ්‍ය නායකත්වයට හැකි විය.

ත්‍රස්තවාදයට අවස්ථාවාදයට තැනක්, නොතැනක් නැත. හිත් පිත් ද නැත. ඒ නිසා ඓතිහාසික පූජනීය උරුමයන්ට අලාභ හානි කිරීමට පවා පෙළඹී ඇත. ඒ බෞද්ධ ජනතාව ප්‍රකෝප කරවීම ට ද විය හැකිය.

ලෝකවාසී බෞද්ධ ජනතාව පූජනීයත්වයෙන් සලකනු ලබන එක්සත්ජාතීන්ගේ සංවිධානය ලෝක උරුමයක් ලෙස ද නම් කර ඇති ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයා මහා බෝධි විහාර ස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් සවේගයට පත්වූ බව රහසක් නොවේ.

අපේ රටේ සම්බුදු සසුන රැක ගැනීමට අතිපූජනීය සම්භාවනීය මහ සඟරුවන දිවි පරදුවට තබා ක්‍රියා කළහ. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ආදි ගිහි බුද්ධිමත් නායකයන් බුද්ධගයාව වැනි ඓතිහාසික ආගමික උරුමයන් ආරක්ෂා කර ගනිමින් මතු පරපුරට දායාද කරදීමට ද ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියාකළ අයුරු ආදර්ශවත්ය.

කවර රටක වුවද, අන්තවාදී අදහස් නිසා ම නොමග ගිය අඥානයන්ගේ පටු ක්‍රියා කලාපයන් නිසා විවිධ බාධක පැන නැගීමෙන් රටක ඉදිරිගමනට එය අහිතකර විය හැකිය.

ඉන්දියාවේ බෞද්ධ නටබුන්, පුරාවස්තු නිසාම අපේ රටේ ජනතාව ඇතුළු ලෝකවාසින් ඒවා දැක බලා ගැනීමට යාම ඉන්දීය ආර්ථිකයටද එය මහත් සම්පතක් වී ඇත.

එවන් ආර්ථික සම්පතක් ආරක්ෂා කර ගැනීමද එරට බලධාරින් සතු වගකීමකි. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය මහත් ශක්තිමත් අවස්ථාවක කනගාටුදායක සිද්ධීන් ඇතිකිරීමෙන් ඊට හානි පැමිණවීම ත්‍රස්තවාදි අන්තවාදීන්ගේ අරමුණ විය හැකිය.

අපේ ජනතාව ඉතා සන්සුන්ව කනගාටුදායක සිද්ධීන් සාමකාමීව ඉවසා දරා ගනිමින් අප වෙත උරුම වී ඇති කාරුණිකත්වයත්,මෛත්‍රියත් පතුරුවා සංවේගය පළකර යුතු වේ.

හැඟීම්වලට වහල් වීමෙන් අකාරුණික සිත්සතන්වලට එමගින් සෙතක් උදා නොවනු ඇත.

බෞද්ධ ජනතාව කවදත් සාමකාමීය. ආදර්ශවත්ය. එබැවින් පසුගියදා ඇතිවූ ප්‍රහාරය හෙලා දකිමින් අපගේ සංවේගය සාමකාමීව දක්වමු.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 15 වැනි දා සඳුදා අපරභාග 09.05 ට ලබයි.
16 වැනි දා අඟහරුවාදා අපරභාග 08.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 16 වැනිදා අඟහරුවාදාය.

මී ළඟ පෝය
ජූලි 22 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]