UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය වෙසක් උත්සවය බුත්තල යුදගනාව රාජමහා විහාරස්ථානයේ දී

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය වෙසක් උත්සවය බුත්තල යුදගනාව රාජමහා විහාරස්ථානයේ දී මැයි මස 24 හා 25වන දින පැවැත්වීමට නියමිතය. මෙම රාජ්‍ය වෙසක් උත්සවය පසුගිය වසරේ පවත්වන ලද්දේ මහනුවර ශ්‍රී දළදා පරිශ්‍රයේය. වසරින් වසර මෙම උත්සවය දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වෙන අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මොනරාගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතය. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 24 දිනයේදී ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

ඉතිරිය»

උතුම් වෙසක් පුන් පෝදා සිදු වූ අසිරිමත් සිදුවීම්

‘අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස’ මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදී ය

ඉතිරිය»

ධර්ම දේශනාව:

බුද්ධ රත්නයෙහි ශ්‍රේෂ්ඨත්වය අද දින සිහිකිරීම අතිශයින් අගනේ ය

බුද්ධරත්නයේ අසම සම ගුණ සමුදායෙන් ද උපසෝභිතය. ඒ බුදුගුණ සිත් සතන් හි රඳවාගෙන නැවත නැවතත් සිහි කිරීම ‘බුද්ධානුස්මෘති’ නම් වේ. ‘අනුස්සති’ යන්නෙහි අර්ථය නැවත නැවත උපදවන යහපත් සිහිය යන්නයි. ඒ වනාහි සිහිය පැවැත්විය යුතු තැනම නැවත නැවත පිහිටුවීමකි. බුදුරුවන කෙරෙහි සුදුසු ආකාරයෙන් නැවත නැවත සිහිය පිහිටුවීමයි. බුදුගුණය සපුරා දත හැක්කේ බුදුවරයන් වහන්සේටම පමණි. එහෙත් මහරහත් උතුමන්ද, මාර්ග ඵලාවතීර්ණ වූවෝද, පෘථග්ජන එහෙත් නුවණැතියෝ ද තම තමන්ගේ නැණ පමණින් බුදුගුණ හඳුනා ගනිති

ඉතිරිය»

රම්බඩගල්ල - මොණරාගල අසම සම සමාධි පිළිම වහන්සේ

ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ තලෙයිබාන් කුරිරු හස්තයට හසුවී විනාශ වීම දියතම කම්පා කළ මහා ඛේදවාචකයකි. එය බෞද්ධ දේශයේ ලාංකික සංවේදී මිනිසාගේ හදවත පසාරු කළ හී පහරක් සේ වූ අතර දැවැන්ත කඳු ගහණයක් මධ්‍යයේ වූ රම්බඩගල්ලටත් එය දැනෙන්නට විය. ඒ නිසාම රම්බඩගල්ල මොණරාගල විහාරස්ථානය වෙත මිනිස්සු සමූහයක් එකතු වූහ. ඒ අතර සිටි කොලු ගැටයකු මහ හයියෙන් කෑ ගසා පැවැසුවේ ‘ලොකු හාමුදුරුවනේ අපිත් මුස්ලිම් පල්ලි කඩල දාමු’ කියා ය. මේ පුංචි දරුවා තම ආවේගය එලෙස පිට කළේ අත්දැකීමෙන් මුහුකුරා නොගි කුඩා සිත ද කම්පනයට පත්ව තිබූ බැවිනි.

ඉතිරිය»

සිතුවම - සරත් නන්ද කුමාර

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]