UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හම්බන්තොට සිංහගිරි විහාරය


 

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ වෙසක් පොහොය වැඩසටහන පොහෝ දින පෙරවරු 6.00 සිට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසකත්වයේ පැවැත් වේ. පෙරවරු 8.00 ට මහාවිහාර ධර්ම සංග්‍රහය 4 දහම් පොත එහි සංස්කාරක රෝහිත විජයතිලක මහතා විසින් නාහිමියන් වෙත පිළිගැන් වේ. මෙහිදී විශේෂ ආගමික වැඩසටහන් රාශියක් ද ඇති අතර 25 වැනි දා ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් ද පැවැත්වේ.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

වෙසක් ආගමික වැඩසටහන පෙරවරු 6.00 සිට පස්වරු 7.00 දක්වා විහාරාධිපති ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. එහිදී ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි විසින් රචිත අටවිසි බුද්ධ වන්දනා ධර්ම ග්‍රන්ථය සියලුම උපාසක උපාසිකාවන් වෙත පිළිගැන්වේ.

සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය

කොළඹ 07 සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් ආගමික වැඩසටහන උදේ 6 සිට ක්‍රියාත්මක වන අතර පස්වරු 3 ට විශේෂ දේශනය මිනිස් සිරුරේ ශක්ති ක්‍ෂේත්‍රය’ මැයෙන් මහාචාර්ය කොන්ස්ටන්ටින් කොරට්කෝව්, මොස්කව් (සෙන්ට් පීටර්ස්බර්ග් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ) විසින් සිදු කරනු ලැබේ.

බුදුරැස් ගඟුල වෙසක් කලාපය

පූජ්‍ය වෙළඟපල ධම්මිස්සර හිමියන්ගේ අනුශාසනා ඇතිව දාන, ශීල, භාවනා පින්කම් මැයි මස 24 දින සිට වාළුකාරාම මහා විහාරයේ දී පැවැත්වේ.

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත දහම්පහල ඤාණරතන නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන පොහෝ දින වැඩසටහනේ දී පෙරවරු 5.30 සිට දවස පුරා පැවැත්වේ. මොරටුවේ නිලන්ත පෙරේරා මහතා, මල්කාන්ති මිය ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් එදින බුදුසරණ පුවත්පත බෙදාදෙනු ලැබේ.

උඩුගම පුරාණ විහාරය

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරයේ දී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. උඩුගම සාරානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කරනු ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ විහාරස්ථානය සමීපයේ ඇති හෝමදොල වතුයායේ වෙසෙන හින්දු භක්තිකයන් ද ශීල සමාදානයට සම්බන්ධවීම ය.

හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

වෙසක් පොහොය දින පෙරවරු 6.00 සිට පසුදා දක්වා දාන, සීල, භාවනා, ධර්මදේශනා ඇතුළු වැඩසටහන් පැවැත්වේ. විහාරාධිපති වලවෙල හේමානන්ද නාහිමිගේ උපදෙස් පරිදි විහාරස්ථ බෞද්ධාරක්‍ෂක කාර්ය සාධක සමිතියට අනුබද්ධ ‘වීතදෝශී සංවිධානය මඟින් මෙම පින්කම් සංවිධානය කරනු ලබයි.

හැව්ලොක්ටවුන් ඉසිපතනාරාම විහාරය

පුන් පොහෝදා පින්කම් මාලාවක් පෙරවරු 6.00 සිට ක්‍රියාත්මක කෙරෙ අතර, සියලුම ස්වාමීන් වහන්සේලා රාත්‍රී 8.00 ට දම්සක් සූත්‍ර දේශනාව ද, දවස පුරාම ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ද පැවැත්වෙයි.

සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන වැලිතොටුව වත්ත සංකල්ප විහාරස්ථානයේ වෙසක් සතිය පුරා උදෑසන 5 සිට රාත්‍රී 7 දක්වා පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත.

ඉන් අනතුරුව සංකල්ප දහම් පාසලේ භක්ති ගීත ප්‍රසංගය පැවැත්වේ.

මහනුවර වජිරාරාමය

මහනුවර පි‍්‍රම්රෝස් උයන වජිරාරාමය ශීල සමාදාන වෙසක් ආගමික වැඩසටහන පෙරවරු 6.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වේ.

අප්පුගෙවත්ත වජිරාරාමය

අප්පුගෙවත්ත වජිරාරාමයේ දී මතුගම සුමණානන්ද හිමියන්ගේ අනුශාසනා ඇතිව දාන, ශීල, භාවනා, දන්සල් හා දර්ශනීය තොරණ වජිරාරාමයේ දී පැවැත් වේ.

බම්බලපිටිය සිරි වජිරාරාමය

බම්බලපිටිය සිරි වජිරාරාමය වෙසක් ආගමික උත්සවය පෙරවරු 6.00 සිට වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනුනායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරෙන අතර භාවනා, ධර්ම දේශනාදිය සඳහා ප්‍රකට වියත් භික්ෂූන් වහන්සේලා සහභාගි වෙති.

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී වෙසක් පෝදා දවස පුරා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

උදෑසන අටසිල් සමාදන් කරවීම විශේෂ කිරිපිඬු පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව සිදු කෙරෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ දී සහ උදේ ධර්ම දේශනාව අටවිසි බෝමළුවේ දී ද බත් දන්සැල දවස පුරා ධර්මශාලාවේ දී පැවැත්වේ. විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙත පැමිණ බෝධි පූජාව, අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජ මහා විහාරවාසී මිද්දෙනියේ උදිත හිමියන් විසින් සිදුකරනු ලැබේ.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවක්ද, කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවක් ද පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක ඇතුළු විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ උල්ලිඳුවාවේ විනයකිත්ති හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 - 3.00 ගිහි දේශනය මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කහටපිටියේ පඤ්ඤාසාර නාහිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, කඩවත සමින්ද හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව වජිරාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව මතුගම සුවචධම්ම හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ සංඝරක්ඛිත හිමි, බංගලිදේශයේ සද්ධානන්ද හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 4.00 – 5.00 ධර්මදේශනාව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, 5.00- 6.00 ධම්ම පදය ශාස්ත්‍රපති, පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 –6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


මහනුවර තරුණ බෞද්ධ සංගමය

මහනුවර තරුණ බෞද්ධ සංගමය ශීල භාවනා වැඩසටහන මෙවරත් පස්වරු 6.45 සිට දවස පුරා පැවැත්වෙයි. භාවනා වැඩසටහන මෙහෙයනු ලබන්නේ නේපාලයේ ස්වර්ණ හිමියන් විසිනි.

සම්බෝධි විහාරය

කොළඹ 7 ග්‍රෙගරි පාරේ සම්බෝධි විහාරය වෙසක් පෝදා වැඩසටහන මෙසේ ය. උදේ 6.00 කිරි ආහාර පූජාව සමග සිල් සමාදන් කරවීම, මෙහෙය වීම දරණාගම කුසලධම්ම හිමි, 8.00 ධර්ම දේශනාව, පිටිගල ගුණරතන හිමි, 9.30 ධර්ම දේශනාව දිවියාගහ යසස්සි හිමි, 11.00 බුද්ධ පූජාව අනුරාධපුර ධම්මසිරි හිමි, පස්වරු 12.30 දම්සභා මණ්ඩපය, 2.00 භාවනා වැඩසටහන කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 ධර්ම දේශනාව බුද්ධංගල ආනන්ද හිමි, 4.30 ධර්ම දේශනාව වැලමිටියාවේ සීලරතන හිමි, 5.30 බෝධිපූජාව හා සිල් පවාරණය ඉඟුරුවත්තේ ධම්මගවේසි හිමි.

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ, පොහෝදා ආගමික වැඩසටහන් උත්සවය විහාරාධිපති තලල්ලේ මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරෙයි.

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙසක් ආගමික වැඩසටහන පෙරවරු 6.00 සිට සවස 6.00 දක්වා ශාස්ත්‍රපති මහරගම මහින්ද නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ.

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

අලුයම 5.30 සිට වෙසක් ආගමික පින්කම් රාශියකි. මෙහිදී ධර්ම දානය පිණිස බුදුසරණ පුවත්පත් 300 ක් බෙදාදීම සිදුකරනු ලබන්නේ ඉදුනිලා චන්ද්‍රදාස , වසන්ති ධම්මිකා හේමමාලි චන්ද්‍රදාස , ඉන්ද්‍රාණි කුරුප්පුආරච්චි , විමලාවතී , තිලකා අබේසිංහ මහත්මීන් සහ චතුර මීමනගේ මහතා විසිනි.

කිරිගම්පමුණුව ශ්‍රී සුධර්මරතන විහාරය

කිරිගම්පමුණුව ශ්‍රී සුධර්මරතන රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කර කොත පැළඳවීම, වාහල්කඩ විවෘත කිරීම, දේව මන්දිරයට මුල්ගල තැබීම සහ කුල දරුවන් පැවිදි කිරීමේ පින්කම විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වල්ගම රතනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් 2013 මැයි 20 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ අනුනායක ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් අතින් සිදු කෙරේ. ඊට සමගාමීව පින්කම් මාලාවක් වෙසක් උත්සවය දක්වා පැවැත්වෙයි.

හම්බන්තොට සිංහගිරි විහාරය

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේ දී වෙසක් පුන් පොහොය නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වීමට හම්බන්තොට සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය බොදු සංරක්‍ෂණ පදනමේ සභාපති, ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පන්නල ශ්‍රී දේවරාජාරාමය

පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරස්ථානය වෙසක් පුන් පොහොය නිමිත්තෙන් මැයි (24 ) දවස පුරා ආගමික වතාවත් රැසක් පැවැත්වීමට විහාරස්ථ දායක සභාව, විශාඛා කුලඟන සමිතිය හා ශ්‍රී සීලානන්ද දහම් පාසල කටයුතු යොදා ඇත. විහාරාධිපති තම්මිට පියනන්ද හා විහාරාධිකාරී මොරගොල්ලේ විජිත හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම් මාලාවේ පැවැත්වේ. ශීල සමාදාන, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා, වෙසක් බැති ගී, දන්සල් ආදී විශේෂාංග රැසක් මෙදින දවස පුරා පැවැත්වෙන අතර සිල් සමාදන් උවැසි උවැසියන් සඳහා බුදුසරණ පුවත් පත නොමිලයේ බෙදාදීමද මෙදින සිදු කෙරේ.

ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ

තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යය සිදුවූ වෙසක් පුර පසළොස්වක පෝදා ශ්‍රී කළ්‍යාණ ධර්ම පෙරමුණ විසින් විවිධ පින්කම් සංවිධානය කොට ඇත. මේ මස 23, 24 සහ 25 තෙදින පුරා අංක 417, බෞද්ධාලෝක මාවතේ පිහිටි කල්‍යාණ ධර්ම ආශ්‍රමයේදී මෙම පින්කම් පැවැත්වේ.

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය

පන්නල තලම්මැහැර, ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානය තෙමඟුල සැමරීම නිමිත්තෙන් වෙසක් පොහෝදින සීල සමාදාන පැවැත්වේ. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන, විහාරාධිකාරී, ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව පින්කම් මාලාව සංවිධානය කර ඇත.

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]