UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය වෙසක් උත්සවය බුත්තල යුදගනාව රාජමහා විහාරස්ථානයේ දී

රාජ්‍ය වෙසක් උත්සවය බුත්තල යුදගනාව රාජමහා විහාරස්ථානයේ දී

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය වෙසක් උත්සවය බුත්තල යුදගනාව රාජමහා විහාරස්ථානයේ දී මැයි මස 24 හා 25වන දින පැවැත්වීමට නියමිතය. මෙම රාජ්‍ය වෙසක් උත්සවය පසුගිය වසරේ පවත්වන ලද්දේ මහනුවර ශ්‍රී දළදා පරිශ්‍රයේය. වසරින් වසර මෙම උත්සවය දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වෙන අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මොනරාගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතය. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 24 දිනයේදී ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

බුත්තල යුදගනාව රාජමහා විහාරස්ථානයේදී මැයි මස 24 වන දින පෙරවරු 6. 30 සිට විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. උදෑසන සිල් සමාදන් කරවීම හා බුද්ධ වන්දනා වැඩසටහනින් ආරම්භ වන මෙම වෙසක් පොහොය වැඩසටහනේදී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහනක් හා බෝධි පූජා පින්කමක් සිදුකිරීමට කටයුතු සලසා ඇත.

මැයි මස 25 වන දින පස්වරු 2. 30 ට පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට ගෞරවනීය මහා සංඝරත්නය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ආචාර්ය දි. මු. ජයරත්න මැතිතුමා, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන මැතිතුමා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් සහ බොදු ජනතාව සහභාගිවීමට නියමිතය. මෙම රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව තවත් වැඩසටහන් කිහිපයක් පැවැත්වේ.

පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීම

බුත්තල යුදගනාව රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ත්‍රිපිටක ග්‍රන්ථ ඇතුළු පෞරාණික වටිනාකම් සහිත බෞද්ධ පොත්පත් වලින් සමන්විත පුස්තකාලය විවෘත කිරීම හා සමස්ත ජනතාවගේ දහම් අධ්‍යාපනයට දායාද කිරීම මෙතැන්දී සිදුකෙරෙන සුවිශේෂී කාර්යයි.

බුදු පුත් මව්පිය නිවාස වැඩසටහන

සමස්ත ලංකා ශාසනාරක්ෂක අරමුදල හා නිවාස සංවර්ධන අධිකාරිය එක්ව සාමණේර ස්වාමීන් වහන්සේ 11 නමක් වෙනුවෙන් එම මාපියන් සඳහා නිවාස ඉදිකර දීම මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක් තුළ සිදුවේ. එම නිවෙස්හි යතුරු භාරදීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ආචාර්ය දි. මු. ජයරත්න මැතිතුමාගේ සුරතින් සිදුකිරීමට නියමිතය.

 

වෙසක් මස පුර පසළොස්වක පෝය

වෙසක් මස පුර පසළොස්වක පෝය මැයි 24 වැනිදා සිකුරාදා අපරභාග 01. 20 ට ලබයි.
25 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09. 55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මැයි මස 31 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]