UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය |උඩුගම්පල ඉහළ උග්ගල්බොඩ බුදුගොඩැල්ල පුරාණ විහාරය 

උඩුගම්පල ඉහළ උග්ගල්බොඩ බුදුගොඩැල්ල පුරාණ විහාරය


බුදුගොඩැල්ල පුරාණ විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ

උඩුගම්පල ඉහළ උග්ගල්බොඩ බුදුගොඩැල්ල පුරාණ විහාරස්ථානය මනස්කාන්ත ගිරි මුදුනක පිහිටා තිබෙන පැරැණි පූජා භූමියකි. ජනප්‍රවාදයට අනුව කියැවෙන්නේ උඩුගම්පල ප්‍රදේශයේ හිටපු රජකෙනකු වූ සකලකලාවල්ලභ රජුගේ පාලනයට මෙම භූමිය නතුව තිබූ බවයි. අතීතයේ පටන් මෙබිම ප්‍රසිද්ධ වී තිබෙන්නේ බලගතු දේවාල භූමියක් වශයෙනි. මෙකලද බැතිමතුන් විෂ්ණු, කතරගම, දැඩිමුණ්ඩ යන දෙවිවරුන් වෙත භාර හාරවීමට ඒ ඒ අදාළ දිනයන්හිදී පැමිණෙන බව සැලයි.


විහාරාධිපති කනෝයායේ සාරානන්ද හිමි


මියන්මාරයෙන් වැඩම කරවන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ

ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත මෙම රමණීය බිමෙහි විහාරස්ථානය පිහිටුවීමට මුලින්ම කටයුතු කර තිබෙන්නේ දුන්කන්නාවේ සීවලී හිමිපාණන් ය. උන්වහන්සේගෙන් පසුව විහාරස්ථානයට වැඩම කළ කනෝයායේ සාරානන්ද හිමිපාණන් ප්‍රදේශයේ දායක පිරිස සමඟ එකතුව විහාරස්ථානය අංගසම්පූර්ණ ලෙස ගොඩනඟා ඇත. චෛත්‍යරාජයාණන් වහන්සේ, විහාර මන්දිරය සහ සංඝාවාසය ආදිය ඉතා අලංකාර ලෙස සාදවා මෙම විහාරභූමිය සැදැහැවතුන්ගේ නෙත් සිත් සනහාලන පින්බිමක් බවට පත්කර තිබේ.

අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ චෛත්‍ය ගර්භයේ ඉදිකළ බුදුමැඳුර විවෘත කිරීම සිදු කෙරුණේ කල්‍යාණි සංඝ සභාවේ ගම්පහ දිසාවේ සංඝනායක ඒකල වාලුකාරාමාධිපති අතිපූජ්‍ය නාරම්පනාවේ විමලජෝති නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි මාසයේදී ය. චෛත්‍ය ගර්භයේ ඉදිකළ බුද්ධමන්දිරයේ විශේෂත්වයක් වන්නේ මියන්මාරයෙන් වැඩම කරවන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් එහි වැඩ හිඳීමයි. එම බුද්ධ ප්‍රතිමා වහන්සේ, රන්මුවා පිළිම වහන්සේ සහ රන්මුවා කරඬු ආදිය චෛත්‍යගර්භය පුරා සිව්දෙසින් දර්ශනය වන සේ විශේෂ කැඩපත් බිත්ති පූරා සකස්කර තිබේ. එයින් සියලු ප්‍රතිමා ත්‍රිමාණරූපාකාරයෙන් දෘෂ්‍යමාන වේ. මෙම බුදුමැදුරට පිවිසෙන සැදැහැවතුන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතිය තීව්‍ර වන්නේ ය. එතරම් අසිරිමත් බුද්ධමන්දිරයකි.

බුදුගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ දහම් පාසලක් ද ආරම්භ කර ප්‍රදේශවාසී දරුවන් දැරියන්ගේ දහම් අධ්‍යාපනය නංවාලීමට කටයුතු යොදා ඇත. මෙම ඉපැරැණි පූජා භූමියේ ගල්තලාවේ පිහිටි කුඩා පොකුණු කිහිපයකි. එක් කුඩා පොකුණකට සම්බන්ධව ගැඹුරු දෝනාවක් වැනි කොටසක් තිබේ. එය තුළින් පුද්ගලයකුට යා හැකි තරම් වන්නේ ය. මෙය රජ කෙනෙකු භාවිත කළ රහස් මඟක් යැයි ජනප්‍රවාදයේ කියැවෙයි.


විහාරභූමියේ ස්වභාවිකව පිහිටි පොකුණු

එක් පොකුණකට සම්බන්ධ ගැඹුරු දෝනාව



 

 

 

 

 

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 00. 04 ට ලබයි. 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 01. 50 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 08 වැනිදා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]