UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අව අටවක 2012 ඔක්තෝබර් 08 වන දා

සුරකිමු නිති සිල්

 

සිත, කය, වචනය යන තිදොරෙහි සංවරය ඕනෑම රටක, කවර ජන සමාජයක ජීවත්වන කෙනෙකුට වුවද යහපත, අභිවෘද්ධිය පිණිස ම පවතින කරුණකි.

කය, සිත, වචනය අයහපතෙන් ආරක්‍ෂා කර ගැනීම තමාගේ මෙන්ම සමාජයේ ද ආරක්‍ෂාව පිණිස ම හේතුවන්නකි.

බුද්ධිමත් මනුෂ්‍යයා තම ජීවිතයෙන් හැකිතාක් අකටයුතුකමෙන් වෙන් වී විසීමට උත්සාහ ගනු ලැබේ.

අප සිතන කරන කියන සෑම ක්‍රියාවකට ම මුල් වන්නේ සිතය. සිතින් උපන් සිතිවිලි ක්‍රියාවට නැඟීමේ දී ඇතැම් විට යහපත මෙන්ම අයහපත ද සිදුවිය හැකි ය. සිතිවිලි අයහපත් නම් ක්‍රියාවද අයහපත් ම ය.

යහපත් සිතින් සිතන සිතිවිලි හැමවිට යහපත ම ගෙන දෙයි. ඒ සිතිවිලි යහපත් නිසා ම ය.

මෙ ලොවට බිහිවන මනුෂ්‍යයාගේ චිත්ත සන්තානය ඉතා පවිත්‍රය. නරක නපුරු සිතිවිලි ඒ සිත තුළ ඇත්තේ ම නැත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් හැදී වැඩී පෝෂණය වන විට ඒ පිවිතුරු සිත සමාජයේ ඇලීම් ගැටීම් සමග එක්වන විට අපිරිසුදුවීමට පටන් ගනී. එවිට පින පව දැන හැඳින සිටින අයෙකු නම් ඔහු හෝ ඇය හැකිතාක් ඒ ගැටීම්වලට එක් නොවී තමන්ගේ රැකවරණය සලසා ගැනීමට උනන්දු වේ. එහෙත් එසේ පින පව නො හඳුනන, ඒ ගැන විශ්වාසයක් නො තබන අයෙකු නම් ඔහු ද සමාජයේ සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස ඉහත කී ඇලීම් ගැටීම් හා සමඟ එක්ව ජීවිකාව ගත කිරීමට පෙළඹේ.

සසර පුරා තම තමන් රැගෙන එන කර්ම ශක්තියේ විපාකය අත්විඳීමට සිදුවනුයේ ද තමා ට ය. එබැවින් පින් පව් දැන හැඳින ජීවත්වීම මෙ ලොව යහපතට පමණක් නොව සසර ගමනට ද යහපතක් වනු ඇත.

අපගේ ජීවිත තුළින් යම් යම් අඩුපාඩු සිදුවනුයේ ජීවිතයක ඇති වටිනාකම අවබෝධ කර නොගැනීම නිසා ය.

සිත කය වචනයෙහි රැකවරණය සලසනුයේ සීලයෙනි. සීලය තුළින් මනුෂ්‍යයාගේ සංවරය උදාකරවයි.

ගිහියාගේ නිති සිල් පන්සිල් වේ. අවම වශයෙන් පන්සිල් පද සුරැකීමෙන් තමාට තමා විසින් ම යහපත උදාකර ගනු ලැබේ.

ගුණ දහමෙන් පිරි සාමකාමී යහපත් සමාජයක මූලික අඩිතාලම පන්සිල් සුරැකීම ය. පන්සිල් ආරක්‍ෂා කරන සමාජයක අඩුපාඩු අවම ය.

බුද්ධිමත්ව සිතා බලා ක්‍රියා කරන ඕනෑම අයෙකු නිති සිල් ආරක්‍ෂා කිරීමට ඇප කැප වී සිටී.

බෝධිරාජ කුමාරයා මහ ධන සම්පත් පිරි අයෙකි. කවර සම්පතකින් අනූන ව සිටිය ද ඔහගේ බිරිඳට දරු සම්පත නොමැති වූයෙන් මහත් වේදනාවෙන් පසුවිය. ඒ පෙර භවයක කළ ප්‍රාණඝාතයේ විපාක ලෙසිනි. බොදුනුවා එවැනි කරුණු අවබෝධයෙන්, දහම් දැනුමෙන් පෝෂණය වී සිටින පිරිසකි. එබැවින් දිගින් දිගටම ඒ පිළිබඳ කරුණු කිව යුතු නොවේ.

කෙසේ වුව ද සිත කය වචනයෙහි සංවරය මනුෂ්‍යයාගේ මෙලොව යහපත උදාකරන්නකි. ඒ නිසාම තමාගේත්, සමාජයේත් යහපත අපේක්‍ෂා කරන්නේ නම් තමා නිති සිල් රැකීම සියලු යහපතට මූලික මඟ බව කල්පනා කළ යුතු ය.

කවර තරමේ කරදර බාධක පැමිණිය ද ඒ සියලු දුක් ගිනි නිවා දැමීමට උපකාර වනුයේ ද තිදොරෙහි සංවරයයි.

තිදොරෙහි සංවරය නැති විට මෙ ලොව වශයෙන් විඳීමට සිදුවන දුක් ගැහැට අපමණය. ඒ සමාජමය වශයෙන් පමණක් නොව සමාජ සම්මත නීතිරීති වලින් පවා තමාට පිහිටක් රැකවරණයක් නොලැබෙනු ඇත.

එසේනම් නීතිරීති වලටත් සමාජ සම්මතයටත් ගරු කරමින් තමාට ද නිත්‍ය වශයෙන්ම යහපත උදාකර දෙන තුන්දොර සංවරය ඇති කර ගැනීමට උත්සාහ කළ යුතු වේ. එමඟින් තමාට පමණක් නොව සමාජයට ද මහ මෙහෙවරක් ඉටු කළා යැයි ද සතුටට පත්විය හැකි ය. එබඳු හදවතින්ම සතුටු විය හැකි මනුෂ්‍යයකු ලෙස ජීවත්වීමට කල්පනා කිරීම යුතුකම විය යුතු ය.

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 00. 04 ට ලබයි. 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 01. 50 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 08 වැනිදා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]