UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ ගුණසමරු පින්කම් මාලාව ක්

 හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ ගුණසමරු පින්කම් මාලාව ක්

අපවත් වී වදාළ කොස්ගොඩ ශ්‍රී දේවානන්ද මාහිමි, වලවෙල සෝමසිරි මාහිමි, වැලිගම අරියවංශ මාහිමි ඇතුළු පරලෝ සැපත් සියලු දායක දායිකාවන් හා රට දැය සුරකිනු වස් දිවි දුන් අභීත රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමේ ගුණ සමරු පුණ්‍ය මහෝත්සවය විහාරාධිපති වලවෙල හේමානන්ද හිමිගේ අනුශාසනා පරිදි 27 වන වරටත් කඨින පූජෝත්සවය හා සමගාමීව සැප්තැම්බර් මස 28 වන දින සිට නොවැම්බර් මස 27 දින දක්වා හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ.

දිනපතා රාත්‍රී 7. 00 සිට 8. 00 දක්වා ධර්ම දේශනයන්ද, නොවැම්බර් 24 වන දින කඨින මහා පෙරහරද, නොවැම්බර් 25 වන දින සර්ව රාත්‍රික මහා පිරිත් දේශනාවද, නොවැම්බර් 26 බුද්ධ ප්‍රමුඛ මහා සංඝගත දක්ෂිණාව ද, නොවැ. 27 වන දින ඉල් පෝදා කඨිනානිශංස ධර්ම දේශනාව විහාරාධිපති වලවෙල හේමානන්ද මාහිමි විසින් පවත්වනු ලැබේ.

8 වැනිදා සිට දිනපතා ධර්ම දේශනා පවත්වනු ලබන්නේ හබරකඩ ඉන්දරතන හිමි, කහගොල්ලේ සෝමවංශ හිමි, රජවත්තේ වප්ප හිමි, ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මිරිස්සේ ධම්මික හිමි, කුකුල්පනේ සුදස්සි හිමි, මොරවක සෝරත හිමි, කොටපොල අමරකිත්ති හිමි, සියඹලාගොඩ ධම්මින්ද හිමි, ඉද්දමල්ගොඩ වජිරඤාණ හිමි, මොනරාගල පඤ්ඤාලංකාර හිමි, දැදිගම තිලකවංශ හිමි, මාලිබොඩ සිරි සුගතානන්ද හිමි, ඇත්කඳුරේ සුමනසාර හිමි, නිග්ගහ ඥානින්ද හිමි, බේරුවල ආනන්ද හිමි, අගලකඩ සිරිසුමන හිමි, පිටිගල විජිත හිමි, බොරැල්ලේ කෝවිද හිමි, පන්නල ඤාණාලෝක හිමි, බෝපේ ඉන්දජෝති හිමි, රදාවඩුන්නේ ඤාණවිමල හිමි, කරපුටුගල රේවත හිමි, මොරකැටිආරේ ධම්මික හිමි, නෙළුවාකන්දේ ඥානානන්ද හිමි, ගල්ගමුවේ විනයවිශුද්ධි හිමි, මල්වත්තේ සුසිල හිමි, වල්පොල ගෝතම හිමි, හඟුරන්කෙත චන්ද්‍රරතන හිමි, මීගස්තැන්නේ රතනජෝති හිමි, ගාල්ලේ අතුලනන්ද හිමි, විටියල ඉන්ද්‍රසිරි හිමි, නාවලපිටියේ සරණජෝති හිමි, මොරාවත්තේ සුබෝධි හිමි, බුත්පිටියේ සමිත හිමි, ගල්කිස්සේ ධම්මිස්සර හිමි, දාස්වත්තේ සුමනසීල හිමි, විදුරපොල හිමි, අත්තංගනේ සාසනරතන හිමි, වේදිනියේ නන්දසීල හිමි, අම්බලන්ගොඩ සුමනන්ද හිමි, පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි හිමි, කොත්මලේ ඥානවංශ හිමි, අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, පොත්තේවෙල විනීත හිමි, ගෝණදෙණියේ පඤ්ඤාරතන හිමි, මාවරලේ භද්දිය හිමි, පිටිදූවේ ධම්මික හිමි, ලුණුගම්වෙහෙර නාරද හිමි, වැලිහෙලතැන්නේ කල්‍යාණසිරි හිමි, උඩවලවේ මහින්ද හිමි, පිටිගල ගුණරතන හිමි, ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමි, මන්දරම්නුවර විමලවංශ හිමි, බලබෝවේ විමලකිත්ති හිමි සහ සන්නස්ගම බුද්ධප්‍රිය හිමි .

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 00. 04 ට ලබයි. 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 01. 50 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 08 වැනිදා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]