UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ජය ශ්‍රී මහ බෝධි අංකුරය වැඩමවීම

යටියන්තොට, ගරාගොඩ, ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ශතවර්ෂයකට අධික කාලයක් වැඳුම් පිදුම් කරන ලද බෝධීන් වහන්සේ දැනට මාස කීපයකට පෙර ඉදිරි වැටුණි. එම අඩුපාඩුව සපුරා ගැනීම් වස් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිඳුන්ගේ බෝධි අංකුරයක් රෝපණය කිරීම පිණිස විහාරාධිපති හිමියන් හා දායක සභාව දැක්වූ බලවත් උත්සාහය මල්ඵල ගන්වමින් අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක හිමියන් ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් පූජා කරනු ලැබීය. විහාරස්ථ දායක සභාව වෙනුවෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයේ අධ්‍යක්‍ෂක හිටපු සමෘද්ධි අමාත්‍ය ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් ජය ශ්‍රී මහා බෝමළුවේ සිට බෝධි අංකුරය වැඩම කරවන අවස්ථාව, විහාරාධිපති ගරාගොඩ සිරිනිවාස හිමි, පණ්ඩිත වටගල සුමනරතන හිමි ඇතුළු මහා සඟරුවන හා දායක පින්වතුන් ඡායාරූපයේ වෙති.

අම්බලන්ගොඩ, නින්දාන ශ්‍රී ධර්මේන්ද්‍රාරාම විහාරස්ථ ශ්‍රී ධම්මකුසල දහම් පාසලේ 54 වන ත්‍යාග සහ සහතික ප්‍රදානෝත්සවය ඉකුත්දා විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගර්‍ණඡ් වූ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා අතින් දහම් පාසල් ගුරුවරියක වූ පී.එම්.රංජිකා මෙනවිය ත්‍යාගයක් ලබා ගන්නා අයුරු

 
 

අධි බිනර අමාවක පෝය

අධි බිනර අමාවක පෝය සැප්තැම්බර් 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.39 ට ලබයි. 16 වැනිදා ඉරිදා පූර්වභාග 07.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
සැප්තැම්බර් 22 වැනි සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]