UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

අධිබිනර අමාවක 2012.09.15

අදිටනක් ඇති කර ගනිමු

වබෝධයෙන් හා ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යන බොදුනුවාට බුදුරජාණන් වහන්සේගේ පිහිට, පිළිසරණ හැර අන් කවර නම් පිහිටක්ද?

ලෝවැසි සත්වයන් වෙත පහළ මහ කරුණාවෙන් ලොව පහළ වූ ගෞතම බුදුපියාණන් වහන්සේ පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි මහා කරුණාවෙන් ම පිහිට වූහ.

ඒ අසිරිමත් බුදු සිරිත සිහි කරන මෙනෙහි කරන මොහොතක් පාසා බොදු හදවතට දැනෙනුයේ අපමණ සැනසීමකි.

එදා ජීවමාන බුදුරදුන් දවස සිහියට නංවන ඓතිහාසික ශ්‍රී සර්වඥධාතු වන්දනා මහ පින්කමක් පසුගිය දිනවල දී සිදු කැරිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමක යහපත් ප්‍රතිඵලයක් ලෙස කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අගෝස්තු 19 වැනිදා මෙරටට වැඩම කරවූහ.

එදින වැඩම කරවූ දා සිට කැලණිය මානෙල්වත්ත විහාරය පැල්මඩුල්ල රජ මහා විහාරය අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරය, කන්තලේ අග්‍රබෝධි විහාරය,ගම්පොළ සම්බුද්ධත්ව ජයන්ති විහාරය ,වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන, මාතර කොටිකාගොඩ රාජ මහා විහාරය, තිස්සමහාරාම රාජ මහා විහාරය, කොළඹ හුණුපිටියේ ගංගාරාමය සහ කැලණිය රාජ මහා විහාරය යන විහාරස්ථානවලදී එම කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව සිදු කැරිණි.

එම ධාතුන් වහන්සේ වැඩ සිටි සෑම විහාරස්ථානයකදීම එක් දිනකට ලක්‍ෂ ගණනක් බොදු සැදැහැවතුන් වෙත එම ධාතුන් වහන්සේ වන්දනා කර ගැනීමේ අවස්ථාව උදාවූහ.

එසේ වන්දනා කළ බොහෝ දෙනා ජීවමාන බුදුරජාණන් වහන්සේ වන්දනා කරන අදහසෙන් ම වන්දනා කිරීම ද ඉතා සුවිශේෂ වූ කරුණකි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ දී අපේ බොදුනුවන් තුළ බොදු හැඟීම් වර්ධනය වන ආගමික කටයුතු විවිධාකාරයෙන් වර්ෂයක් පුරා රටේ සෑම විහාරස්ථානයකදී ම පැවැත්විණි.

එවන් බොදු පුබුදුවක් ඇති ව තිබූ කාලයක කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරටට වැඩම කරවීමත් බොදුනුවා තුළ තථාගත බුදුපියාණන් වහන්සේ පිළිබඳ ගෞරවය ශ්‍රද්ධාව තව තවත් වඩා වර්ධනය වූ බව එම වන්දනාව පැවැති ඒ ඒ ප්‍රදේශවල දී දැක ගැනීමට ලැබුණි.

පැය ගණනක් ගෙවා හෝ එම කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ දැක වැඳ පුදාගෙන ජීවිතයට අමතක නොවන මතක සටහනක් තබා ගැනීමට මෙරට බොදුනුවා මහත් කැපකිරීමක් ඒ සඳහා කළ බව දක්නට ලැබුණි.

ලොකු කුඩා සියලු දෙනා කිසිදු භේදයකින් තොවර ගෞරවය හා ශ්‍රද්ධාව පෙරදැරි කර ගෙන එසේ වන්දනා කිරීමේ අවස්ථාව දුටු කවරකු වුව ද අපේ රටේ බොදුනුවා තුළ පවතින ඒ ගෞරවය පිළිබඳ පුදුමයට පත් නොවනවා නම් එය පුදුමයක් විය හැකිය.

ස්ව කැමැත්තෙන්ම, නිදහසේ මහත් ගෞරවයෙන් මෙසේ වන්දනා කර ගෙන ජීවිතකාලය පුරාම එම ආගමික හැදියාවෙන් දිවිමග හැකිතාක් සුචරිතය වෙත යොමු කරවා ගැනීමට ද අදිටනක් ඇති කර ගත යුතු ඓතිහාසික අවස්ථාවක් බව මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.

කෙසේ වුවද පහන් සිතෙන් උපදවා ගන්නා පින් සිතිවිලි දිවිගමනේ යහපතට හේතුවන බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ.

එබැවින් අතපසුවීමකින් හෝ යම් අඩුපාඩුවක් තම ජීවිතයෙන් සිදු නොවීමට ඉටා ගැනීමත්, ඒ අනුව දිවි ගෙවීමත් කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව නිමිත්තෙන් අදිටනක් සිදුකර ගත හැකිවේ නම් ජිවිතයෙන් වටිනා මෙහෙවරක් තමා විසින් ම සිදු කර ගත් බැව් සිහි කරමින් නිරතුරුව සතුට ට පත්විය හැකිය.

එබැවින් කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතු වන්දනා මහ පින්කම දිවිගමනේ අසිරිමත් මහ පින්කමක් ලෙස නිතර නිතර සිහියට නගා ගනිමු.

 

අධි බිනර අමාවක පෝය

අධි බිනර අමාවක පෝය සැප්තැම්බර් 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.39 ට ලබයි. 16 වැනිදා ඉරිදා පූර්වභාග 07.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
සැප්තැම්බර් 22 වැනි සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]