UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සමරු උත්සවය

මහාබෝධි සමාගමේ සමාරම්භක ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 148 වන ජන්ම දිනය උසස් අන්දමින් සැමරීමට ඉන්දියානු මහාබෝධි සමාගම කටයුතු යොදා ඇත.

2012 සැප්තැම්බර් 16, 17 යන දෙදින කල්කටාවේ මහාබෝධි මූලස්ථානයේ ශ්‍රී ධර්මරාජික විහාරයේ සිදුවන උත්සව මාලාවේ 16 දා ආරම්භ වන සම්මන්ත්‍රණයේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දියාවේ කල්කටාවේ දක්‍ෂීණේෂ්වර රාමක්‍රිෂ්ණ ආශ්‍රමයේ මහාලේකම් බ්‍රහ්මචාරී මුරල් බායි සහභාගී වේ.

17 දා උත්සවයේ ප්‍රධාන අමුත්තා ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිනි ප්‍රදීපා මහීෂිණි කොලෙන්න මහත්මියයි.

2011 සැප්තැම්බර් 17 දා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් ප්‍රධානය කරනු ලැබූ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ 2012 සැප්තැම්බර් 17 දා පෙ.ව. 10 ට ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිනි ප්‍රදීපා මහීෂිණි කොලොන්න මහත්මිය අතින් ශ්‍රී ධර්මරාජික චේතිය විහාරයේ තැන්පත් කැරේ.

ලේඛක ටී.කේ. රෝයි මහතා විසින් සම්පාදනය කරන ලද ‘බටහිර බෙංගාලයේ ප්‍රථම බුද්ධ විහාරය ශ්‍රී ධර්මරාජික චේතිය විහාර’ නමැති ග්‍රන්ථය එළිදැක්වීම ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිනිය අතින් සිදුවේ.

බුද්ධගයාවේ සිදුකරන උත්සවයේ ප්‍රධාන අමුත්තා බිහාර් ප්‍රාන්තයේ සංචාරක ඇමැති ශ්‍රී සුනිල් කුමාර් මැතිතුමාය. සභාවේ මුලසුන බුද්ධගයාවේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ මහාලේකම් ආචාර්ය වරසම්බෝධි හිමියන්ය.

ප්‍රධාන කථිකයා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මැතිතුමාය.

ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානය මගින් පාලනය වන පාසල් හයක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තෑගි බෙදා දීමේ උත්සවයත් මෙ දිනම සිදුවේ.

බරණැස ඉසිපතන මිගදාය මහාබෝධි සමාගමේ සිදුවන උපන් දින උත්සවයේ ප්‍රධාන අමුත්තා වාරාණසි මහා දිසාපති ශ්‍රී චන්චල් තිවාරි මැතිතුමා වන අතර ප්‍රධාන කථිකයා පැට්නා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශ්‍රී රාජේන්ද්‍ර රාම් මැතිතුමාය සභාවේ මුලසුන උසුලනු ලබන්නේ මගධ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගේෂ් නවන්ග් සැම්ටෙන් හිමියන් විසිනි.

ධර්මපාලතුමා විසින් බරණැස ඉසිපතනයේ මුලින්ම ආරම්භ කළ මහාබෝධි නිදහස් ප්‍රාථමික පාසල කාන්තා විදාලය මහාබෝධි මහා විද්‍යාලය ආදී විද්‍යායතනයන් හී කථික තරඟ, ශ්‍රමදාන, පැළසිටුවීම්, පාපන්දු ක්‍රීඩා තරඟ ආදී විවිධාංග රැසකින් 148 වන උපන් දිනය සැමරීමට සාරානාථ මධ්‍යස්ථානාධිපති පැල්වත්තේ සීවලී හිමියන්් විසින් කටයුතු ;යාදා ඇත.

ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන්ගේ අනුශාසනා පරිදි නවදිල්ලි, ලුම්බිණි, කුසිනාරා, ඔරිස්සා, ලක්නව් ආදී සෑම මධ්‍යස්ථානයකම උත්සව රාශියක් සූදානම් කර ඇත.

 

අධි බිනර අමාවක පෝය

අධි බිනර අමාවක පෝය සැප්තැම්බර් 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.39 ට ලබයි. 16 වැනිදා ඉරිදා පූර්වභාග 07.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
සැප්තැම්බර් 22 වැනි සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]