UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වැඩිය යුතු ගුණ දම්

සත්පුරුෂයෙක් වන්නට නම් - 6

කොහොමද අප සත්පුරුෂයන් බවට පත් වෙන්නේ? අප සත්පුරුෂ ගුණ ඉගෙන ගන්න ඕනෑ සත්පුරුෂ ගුණ ඉගෙනගෙන සත්පුරුෂ ගුණ අපේ ජීවිතයට එකතු කර ගන්ට ඕනෑ. අසත්පුරුෂ ගුණ ඉගෙන ගෙන අසත්පුරුෂ ගුණ බැහැර කරන්ට ඕනෑ

ජීවිතය ආරක්‍ෂා කරගන්ට කැමැතියි නම් සත්පුරුෂයන්ගේ ඇසුරට කැමැති වෙන්ට ඕනෑ. තමා සත්පුරුෂයෙක් නොවුණොත් ලැබුණ සත්පුරුෂ ඇසුර එයා බැහැර කර දානවා. වැඩි කාලයක් යන්ට කලින් ඒක අතැහර දානවා. ඒක එයාට වදයක් බවට පත් වෙනවා. අසත්පුරුෂයාට සත්පුරුෂ ඇසුර මිහිරි දෙයක් වෙන්නේ නෑ. එයා සත්පුරුෂ ඇසුර වර්ණනා කරන්නේ නෑ.එයාට ඒක කරදරයක්. ඒ නිසා අපට ලැබුණ සත්පුරුෂ ඇසුර අපේ ජීවිතයට සමීප කර ගන්න නම් අප සත්පුරුෂයන් බවට පත්වෙන්ට ඕනෑ.

කොහොමද අප සත්පුරුෂයන් බවට පත් වෙන්නේ? අප සත්පුරුෂ ගුණ ඉගෙන ගන්න ඕනෑ සත්පුරුෂ ගුණ ඉගෙනගෙන සත්පුරුෂ ගුණ අපේ ජීවිතයට එකතු කර ගන්ට ඕනෑ. අසත්පුරුෂ ගුණ ඉගෙන ගෙන අසත්පුරුෂ ගුණ බැහැර කරන්ට ඕනෑ. එවිට අපට සත්පුරුෂ භාවය ඇති කරගන්ට පුළුවන්කම තියෙනවා. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි අන් අයගේ අඩු පාඩු කියන එක. ඇහුවත් නැතත් අන් අයගේ අඩුවමයි කියන්නේ. වැරැදීමයි කියන්නේ,ඇහුවොත් එහෙම අඩුපාඩු විස්තර කර කර කියනවා. ඒ අසත්පුරුෂයාගේ ගතියක්. ඒ වගේම අනිත් අයගේ හොඳ කියන්නේ නෑ.ඇහුවොත් එහෙම හංග හංගා තමයි කියන්නේ. යාන්තම් කියන්නේ. ඒකත් අසත්පුරුෂයාගේ ගතියක්.

ඊළඟට ඒ අසත්පුරුෂයා තමන්ගේ යම් හොඳක් තියෙනවා නම් ඇහුවත්නැතත් ඒ හොඳ කියනවා. ඇහුවොත් එහෙම විස්තර කර කර කියනවා තමන්ගේ හොඳ. ඒක අසත්පුරුෂ ගතියක් ඊළඟට අසත්පුරුෂයා තමන්ගේ යම් අඩු පාඩුවක් තියෙනවා නම් ඒක කියන්නේ නැහැ. හංගගන්නවා. ඇහුවොත් එහෙම හංග ගෙන තමා කියන්නේ. සම්පූර්ණයෙන් කියන්නේ නෑ. ඒවා අසත්පුරුෂ ගති අසත්පුරුෂයකෙªගේ චරිත ලක්‍ෂණ අප ඒවා ඉගෙනගන්න ඕන. ඒවා ධර්මයේ කියා දෙනවා. ඉගෙන ගෙන ඒ චරිත ලක්ෂණ අප ළඟ තියෙනවා නම් ඒවා බැහැර කරන්න ඕන.

එවිට සත්පුරුෂයාගේ චරිත ලක්‍ෂණ තියෙනවා. සත්පුරුෂයාගේ ස්වභාවය තමයි අනුන්ගේ අඩුපාඩු කියන්නේ නෑ. යම් කෙනෙක් අනුන්ගේ අඩුපාඩු මොනවාහරි ඇහුවොත් එවිට සම්පූර්ණයෙන් කියන්නේ නෑ.සඟවලා තමයි කියන්නේ. ඊළ¼ඟට ඒ සත්පුරුෂයාගේ චරිත ලක්ෂණයක් තමයි අනිත් අයගේ හොඳ කියනවා. ගුණකියනවා. ඇහුවත් නැතත් අනුන්ගේ ගුණ කියනවා. ඇහුවොත් එහෙම විස්තර කර කර කියනවා. හොඳට මතක තියා ගන්න මේ කාරණා. මේවා සරල දේවල් විදිහට ගන්න එපා. අප සමහර වෙලාවට මේවා අහලත් ඇති. කියවලත් ඇති. නමුත් අපේ ජීවිතයේ සත්පුරුෂභාවය ඇති කරගන්ට බැරි වුණේ මේවා නොවටිනා දේවල් විදිහට කල්පනා කළ නිසා.මේ තමයි ජීවිතයේ දියුණු කරගන්න තියෙන පදනම. ඒ නිසා මේක අතිශය වැදගත් උතුම් කාරණයක් විදිහට සලකලා පිළිගන්න.

එවිට සත්පුරුෂයාගේ ගති දෙකක් අප කිව්වා. පළවන එක මොකක්ද? අනුන්ගේ අඩුපාඩු කියන්නේ නෑ. ඇහුවොත් එහෙම සඟවලා කියන්නේ. කෙටියෙන් කියන්නේ හංගලා තමයි කියන්නේ. අනුන්ගේ ගුණ ඇහුවත් නැතත් කියනවා. ඇහුවොත් එහෙම විස්තර කර කර කියනවා. එවිට තමාගේ යම්කිසි ගුණයක් තියෙනවා නම් සත්පුරුෂයා ඒක කියාගෙන යන්නේ නෑ. ඇහුවොත් එහෙම හංග ගෙන කියන්නේ. තමන්ගේ තියෙන ගුණ සම්පූර්ණයෙන් කියන්න යන්නේ නෑ, ඊළඟට තමන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවා. නම් ඒක ප්‍රකට කරල එයා කියනවා. ඇහුවොත් එහෙම සම්පූර්ණයෙන් කියනවා. මගේ මේ අඩු පාඩුව තියෙනවා කියලා.ඒවා සත්පුරුෂයන්ගේ චරිත ලක්ෂණ.

එවිට අප මේ සත්පුරුෂයාගේ චරිත ලක්ෂණත් අසත්පුරුෂයාගේ චරිත ලක්ෂණත් ඉගෙන ගන්න ඕන. ඉගෙන ගෙන ඒ අසත්පුරුෂ ගති අප බැහැර කරන්නත් සත්පුරුෂ ගති අපේ ජීවිතයට එකතු කර ගන්නත් අප කැමැති වෙන්න ඕනෑ. එවිට අපට සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා.

අප තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා මේ සත්පුරුෂ ගති අසත්පුරුෂ ගති අප ඉගෙන ගෙන පාඩම් කරගත්ත පමණින් ඒවා අපේ ජීවිතයට බද්ධ වෙන්නේ නෑ. සමහර විට යම් කෙනෙකුට අසත්පුරුෂ ගති බැහැර කරල සත්පුරුෂ ගති ඇති කර ගන්න තාවකාලිකව පුළුවන් වෙන්ට පුළුවන්. ඒක ප්‍රමාණවත් වෙන්නේ නෑ.

අප සම්පූර්ණයෙන්ම අසත්පුරුෂ ගති බැහැරකරන්නත් සම්පූර්ණයෙන්ම සත්පුරුෂ ගති ජීවිතයට සම්බන්ධ කරගන්නත් කැමැති වෙන්ට ඕනැ. දක්ෂ වෙන්ටත් ඕනැ. දැන් අප අසත්පුරුෂ ගති අතහරිනවා. ආපහු සැරයක් අපේ ජීවිතයට ඒවා පුරුදු වෙනවා නම් ඒ අත්හැරීම වැඩක් වෙන්නේ නෑ.අප සත්පුරුෂ ගති පුරුදු කර ගන්නවා. කලක් යනකොට ඒ සත්පුරුෂ ගති මග හැරෙනවා. එහෙනම් ඒ පුරුදු කිරීම වැඩක් වෙන්නෙ නෑ. ඒ කියන්නේ අප තාවකාලික සත්පුරුෂ ගති පුරුදු කරගෙන වැඩක් තියෙනවද? වැඩක් නෑ.

අප සම්පූර්ණයෙන්ම සත්පුරුෂ භූ®මියට පත්වෙන්ට ඕනෑ. එහෙනම් අප ළඟ යම් අසත්පුරුෂ ගතියක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම බැහැර කරගන්ට අප දක්ෂ වෙන්ට ඕනෑ. ඊළඟට යම් සත්පුරුෂ ගුණ ධර්ම තියෙනවා නම් සම්පූර්ණයෙන්ම අප ඒවා අපේ ජීවිතයට බද්ධ කරගන්න දක්ෂ වෙන්ටත් ඕනෑ. ඒ කියන්නේ ආයෙත් දවසක ආයෙත් කලකදී අප අතින් ඒ අසත්පුරුෂ ගති ජීවිතයට සම්බන්ධ නොවී තියෙන්ටත් අප පුරුදු කරගත්තා වූ සත්පුරුෂ ගති අපේ ජීවිතයෙන් බැහැර නොවෙන විදිහටත් අප ඒවා සම්බන්ධ කරගන්න ඕනෑ. පුරුදු කරගන්න ඕනැ.

ඒක කොහොමද කරන්නේ? දැන් ඔයගොල්ලන්ට මා කියන කාරණය තේරෙනවද? යම් කෙනෙකුට ධර්මය අහලා පින් දහම් කරන විට ආරම්භයේදී සත්පුරුෂ ගති තියෙන්ට පුළුවන්. අසත්පුරුෂ ගති නෑ වගේ සිතෙන්ට පුළුවන්. නමුත් කලකදී ආයෙත් සැරයක් අසත්පුරුෂ ගති මතුවෙලා සත්පුරුෂ ගති බැහැර වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අප ඒ විදිහට සිද්ධ නොවෙන්ට අසත්පුරුෂ ගති සම්පූර්ණයෙන් ම බැහැර වෙන විදිහටත් සත්පුරුෂ ගති බැහැර නොවෙන විදිහටත් අපේ ජීවිතයට බද්ධ වෙන විදිහටත් අප ඒවා පුරුදු කර ගන්න ඕන.

මතු සම්බන්ධයි

 

අධි බිනර පුර අටවක පෝය

අධි බිනර පුර අටවක පෝය අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]