UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බාහිර අලංකාරය කුමට ද?

ඇතැම්විට බැලූ බැල්මටම අපට පෙනී යන්නේ පිරිසුදුකම හෝ පි‍්‍රයමනාප බවට වඩා අනවශ්‍ය විච්චූර්ණ වලින් බොහෝ දෙනා රූපය අලංකාර කිරීමට උත්සාහ දරන බවය. බොහෝ දෙනාට තම සිරුරේ පවිත්‍රතාවය රැක ගැනීමට වතුර ස්නානය කිරීමට වේලාවක් නැහැ. තවත් අය නිතර ස්නානය ශරීරයට අහිතකර බව තමන්ම තීරණය කර එයින් වළකිනවා. ඒ වෙනුවට ජල්ලි (ජෙල්) වර්ග තවරනවා

මිනිසාගේ නීරෝගිභාවය මෙන්ම පිරිසුදුකම බුදුදහම මැනවින් ඇගැයීමට ලක් කර තිබෙනවා. නිරෝගීකමට මෙන්ම පිරිසුදුකම උදෙසා කටයුතු කරමින් අප තවත් අයකුට පි‍්‍රයමනාප ලෙස සිටිය යුතුයි.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ උදෙසා කොණ්ඩය සහ රැවුල සම්පූර්ණයෙන්ම කපා ඉවත් කරන ලෙස දැනුම් දුන්නා. එමෙන්ම මැසි මදුරු ආදීන්ගෙන් හානි නොවන ලෙස පරිසරයෙන්ම කොටසක් ලෙස පඬු පොවා සකස් කරගත් චීවරයක් භික්ෂූන් වහන්සේ උදෙසා අනුදැන වදාළේ නිරෝගීකම හා පිරිසුදු බව උදෙසායි. පවිත්‍රත්වය ආරක්‍ෂා කර ගැනීමට ස්නානයද උන්වහන්සේ අනුදැන වදාළා.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ පි‍්‍රයමනාපව ස්වරූපයෙන්, සිත්ගන්නා සුළු අයුරින් පිරිසුදුව සිටිමින් අන් අයට උපදෙස් ලබා දුන්නා.

ඇතැම්විට බැලූ බැල්මටම අපට පෙනී යන්නේ පිරිසුදුකම හෝ පි‍්‍රයමනාප බවට වඩා අනවශ්‍ය විච්චූර්ණ වලින් බොහෝ දෙනා රූපය අලංකාර කිරීමට උත්සාහ දරන බවය.

බොහෝ දෙනාට තම සිරුරේ පවිත්‍රතාවය රැක ගැනීමට වතුර ස්නානය කිරීමට වේලාවක් නැහැ. තවත් අය නිතර ස්නානය ශරීරයට අහිතකර බව තමන්ම තීරණය කර එයින් වළකිනවා. ඒ වෙනුවට ජල්ලි (ජෙල්) වර්ග තවරනවා. එමෙන්ම ශරීරයේ විවිධ ආලේපන තවරනවා. විවිධ ක්‍රීම් වර්ග අව්වට, සීතලට ආදී වශයෙන් ඔවුන් විවිධ ආලේපන භාවිත කරනවා. කොණ්ඩා සැකසීමට, නියපොතු ආලේපනයට මුල් තැනක් ලබා දෙනවා. බොහෝ අය අවධානය යොමු කර ඇත්තේ බාහිර අලංකාරයට පමණයි.

අලංකාරය පවිත්‍රතාව වැනි දේට බුදුදහමින් කිසිදු තහංචියක් පනවා නැහැ. බුදුරජාණන් වහන්සේගේ සමයේ මේල පලඳනාව වැනි මහාර්ඝ ආභරණ පැලඳු විශාඛා, බන්දුල මල්ලිකා වැනි මහෝපාසිකාවන් සිටියා. එහෙත් මුදල් ලබා ගැනීම උදෙසා ඇතැම් විද්‍යුත් මාධ්‍යය බොහොමයක කාන්තාවක් අනවශ්‍ය වියදම් කරා අනවශ්‍ය ආටෝප කරා ගෙන යන වැඩසටහන් විකාශය වනවා. ඒ සඳහා රූපලාවන්‍ය ශිල්පීන් ලෙස සහභාගි වන අයගේ බසට කාන්තාවන් සවන් දෙනවා.

ආතැමුන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ආචාර්යවරුන් බවත් පවසනවා. බුදුරජාණන් වහන්සේ මුල සිට අගටත් අග සිට මුලටත් තමන් වහන්සේ දැනගත් සියල්ල යොමු කෙළේ ජනතාවගේ යහපත උදෙසායි. කොණ්ඩය කපන කරණවෑමියා ඒ පිළිබඳ නිපුණ ඇත්තකු විය යුතුයි. ඒ ජනතා යහපත උදෙසායි. එහෙත් අද එකම පුද්ගලයා ඇතැම්විට විද්‍යුත් නාළිකා දෙකකට සහභාගි වී ප්‍රතිකාර වර්ග දෙකක් පවසනවා. අප සැම විට සත්‍යයට මුල් තැන දිය යුතු වන බවයි ධර්මයේ සඳහන් වන්නේ. සැමවිටම පාරිභෝගිකයාට නැත්නම් සේවය බලාපොරොත්තුවන්නාට නිවැරැදි දේම ලබාදිය යුතුවනවා. එහෙත් මෙහිදී එම ධර්මයන් ආරක්‍ෂා වනවාද?

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ ‘අත්තානං උපමං කත්වා’ (තමන් උපමා කර ගෙන) කටයුතු කළ යුතු බවයි. තමන් උපමා කරගෙන කටයුතු කරන්නේ නම් නාළිකා දෙකකදී කරුණූ දෙකක් ගෙනහැර දැක්වීමට පුළුවන් ද?

බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන් කිසිදු ආලේපනයක් භාවිතා කරන්නේ නැහැ. ඇතැම් විට මේ ආලේපන ශරීරයට බොහෝ අහිතකර විය හැකියි.

මෙරට ජනපි‍්‍රය ගායිකාවක් විදේශයකදී මිය ගියේ ආලේපනයක ගැටලුවකින් යැයි කියැවෙනවා. අපේ දේශීයත්වය අද පිරිහී ගිහින්. පිළිගත් වෛද්‍යවරයකු පවසන දේ හැරෙන්නට වෙනත් අය පවසන වෙද හෙදකම් අප විසින් පිළිගත යුතුද? රූපලාවන්‍ය ශිල්පීන් වෛද්‍යවරුන් නොවන බව අප සිහි තබා ගත යුතු වනවා. ඔවුන් බුදුදහමේ දැක්වෙන පරිදි ජනතාවට සත්‍යයම හෙළි කරන්නන් නොවෙයි. එයින් එම ක්ෂේත්‍රයේ සිටින සියලු දෙනා සත්‍යය කතා නොකරන්නේ බව අදහස් වන්නේ නැහැ.

අද බොහෝ තරුණ තරුණියන් තුළ හිරි ඔතප් දක්නට නැහැ. ඔවුන් අඳින පලඳින ඇඳුම් ආයිත්තම් දෙස බැලීමේදී මේ බව හොඳින් පෙනෙනවා. කාන්තාවක විසින් ඇඳුම් ඇඳීමේදි අනුදැන වදාළ ධර්මතා අද දකින්නට නැහැ. ඒ සඳහා උපදෙස් ලබා දුන්නේ කවුද? එවැනි ඇඳුම් පැලඳුම් සැලසුම් කෙළේ කවුරුන්ද?

අප අවධානය යොමු කළ යුත්තේ මෙවැනි කරුණු දෙසයි. අපේ රටට සදාචාරයක් සංස්කෘතියක් බුදුදහමක් තිබුණත් ඒ බවක් පෙනෙන්නට නැහැ.

අප බුරුමයට ගියොත් බුරුම ජාතිකයන් ඇඳුමින් අඳුනාගත හැකියි. ජපානයේ එසේමයි. අපේ රටේ සිංහලයන් සොයාගන්න පුළුවන්ද?

අද අපට සිදුව ඇත්තේ අධික වියදමට හුරුවී අය වැය සමතුලිතතාවයක් නැති වී යාමයි. මඳක් සිතා බලන්න මේ හිරිඔතප් නොමැති විලාසිතාවන් නිසා සිදුව ඇත්තේ කුමක්ද? ළමා අපචාර හිංසන අඩුවී තිබෙනවාද?

මව්වරුන් විසින් තම දූ දරුවන් නිසි මඟට යොමු කිරීමට නම් විශේෂයෙන්ම බුදු දහමට අනුව තම ඇඳුම් සකසා ගැනීම තුළින් හා අල්පේච්ඡතාව තුළින් යහගුණ අගයන සමාජයක් අපට බිහි කිරීමට පුළුවන් වනවා. මව්වරුන් තම ඇඳුම් විලාසිතා හිරි ඔතප් රැකෙන අයුරින් භාවිතා කරන්නේ නම් කිසි විටක තම දූ දරුවන් එම මාර්ගයෙන් වෙන්ව මඟ ඇදගෙන යා නොහැකි ඇඳුමට යොමුවන්නේ නැහැ.

එමෙන්ම විවිධ අය ගේ මුසාබස්වලට රැවටී තම සිරුර විකෘති කර ගන්නෙත් නැහැ. මේ තත්වය පළමුව මව්පියන් අවබෝධ කරගත යුතුවනවා. ඔවුන් නිසි මඟට යොමු වුවහොත් පමණයි තරුණ දූ දරුවන් නිසි මඟට ගැනීමට හැකියාව ලැබෙන්නේ.

 

අධි බිනර පුර අටවක පෝය

අධි බිනර පුර අටවක පෝය අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]